Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 23:17 - Sinhala Revised Old Version

17 එවිට පාවුල් සියයකට මුලාදෑනීන්ගෙන් එක්කෙනෙකු කැඳවා: මේ යෞවනයා ප්‍රධාන සේනාපතියා ළඟට ගෙනියන්න. ඔහුට කාරණයක් දන්වන්ට තිබේයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 එවිට පාවුලු ශතාධිපතියන්ගෙන් කෙනෙකු කැඳවා, “මේ තරුණයා ප්‍රධාන සේනාධිපතියා ළඟට ගෙන යන්න; ඔහුට දැන්විය යුතු යම් කාරණයක් ඇතැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

17 එවිට සියයක හේවාපන්න නිලධාරියකු ඇමතූ පාවුල්, “මේ තරුණයා සෙන්පති වෙත ගෙන යන්න. ඔහුට දැන්විය යුතු කරුණක් මොහු වෙත ඇතැ” යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 එවිට පාවුලු ශතාධිපතියන්ගෙන් කෙනෙකු කැඳවා, “මේ තරුණයා ප්‍රධාන සේනාධිපතියා ළඟට ගෙන යන්න; ඔහුට දැන්විය යුතු යම් කාරණයක් ඇතැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 23:17
8 හුවමාරු යොමු  

නුවණ ඇත්තා විපත්තිය දැක සැඟවෙයි; එහෙත් අනුවණයෝ නොනැවතී ගොස් අච්චු ලබති.


එවිට ඔහු සියයකට මුලාදෑනීන් දෙදෙනෙකුට අඬගසා: කායිසාරිය දක්වා යන පිණිස හේවායන් දෙසියයක්ද අසරුවන් සැත්තෑවක්ද හෙල්ල දරන්නන් දෙසියයක්ද රාත්‍රියේ තුන්වෙනි පැයට සූදානම්කරන්නැයි කීවේය.


සියයකට මුලාදෑනියා ඒ අසා අධිපතියා ළඟට ගොස්: ඔබ මක්කරන්ට යනවාද? මේ මනුෂ්‍යයා රෝමයෙකැයි කීවේය.


වෘකයන් මැදට බැටළුවන් මෙන් මම නුඹලා යවමි. එහෙයින් සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න.


එකල හේවාකණ්ඩායමද ප්‍රධාන සේනාපතියාද යුදෙව්වරුන්ගේ සේවකයෝද යේසුස්වහන්සේ අල්ලා බැඳ,


ඒ ඔවුන්ගේ රැකසිටීම ගැන පාවුල්ගේ සහෝදරීගේ පුත්‍රයා අසා ඇවිත්, කොටුවට ඇතුල්වී, පාවුල්ට දැනුම්දුන්නේය.


එසේ ඔහු අධිපතියා ළඟට ඔහුව ගෙනගොස්: හිරකාරවූ පාවුල් මා කැඳවා, ඔබට දන්වන්ට කාරණයක් ඇත්තාවූ මේ යෞවනයා ඔබ වෙතට ගෙනෙන්ට මාගෙන් ඉල්ලුවේයයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්