Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 15:39 - Sinhala Revised Old Version

39 උන්වහන්සේ ඉදිරියෙහි සිටි සියයකට මුලාදෑනියා උන්වහන්සේ මෙසේ ආත්මය හළ බව දුටු කල: සැබෑවටම මේ මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ පුත්‍රයායයි කීය. ස්ත්‍රීවරුද දුරින් බලාසිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 උන් වහන්සේ අබිමුවෙහි සිටි ශතාධිපතියා උන් වහන්සේ මෙසේ අවසන් හුස්ම හළ බව දුටු කල, “සැබැවින් ම මේ මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ම ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

39 උන්වහන්සේ ඉදිරිපිට සිටි සියයේ සේනාධිපතියා, උන්වහන්සේ අවසන් හුස්ම හෙළූ අයුරු දැක, “මේ මිනිසා නිසැකයෙන්ම දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ම වී යැ!” යි පැවසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

39 උන් වහන්සේ අබිමුවෙහි සිටි ශතාධිපතියා උන් වහන්සේ මෙසේ අවසන් හුස්ම හළ බව දුටු කල, “සැබැවින් ම මේ මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ම ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 15:39
8 හුවමාරු යොමු  

සියයකට මුලාදෑනියාද ඔහු සමඟ යේසුස්වහන්සේ රැකවල්කරමින් සිටි අයද පොළෝකම්පාවත් සිදුවූ දේත් දැක ඉතා භයපත්ව: සැබවින්ම මුන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයායයි කීවෝය.


ඔහු දෙවියන්වහන්සේ කෙරේ විශ්වාස කරන්නේය; උන්වහන්සේ ඔහුට ප්‍රිය වනසේක්නම් දැන් ඔහු මුදාහරිනසේක්වා. මක්නිසාද–මම දෙවියන්වහන්සේගේ පුත්‍රයෙමියි ඔහු කීවේයයි කීවෝය.


ඉතාලික කණ්ඩායමයයි කියන හේවා කණ්ඩායමේ සියයකට මුලාදෑනියෙක්වූ කොර්නේලියස් නම් එක්තරා මනුෂ්‍යයෙක් කායිසාරියෙහි සිටියේය.


නුමුත් සියයකට මුලාදෑනියා පාවුල් ආරක්ෂා කරනු කැමතිව ඒ අදහසින් ඔවුන් වලක්වා, පීනන්ට පුළුවන් අයට පළමුකොට මුහුදට පැන ගොඩට යන්ටත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්