ලියනලද විනිශ්චය ඔවුන් කෙරෙහි ඉෂ්ටකරන පිණිසත්ය. මේ ගෞරවය උන්වහන්සේගේ සියලු ශුද්ධවන්තයන්ට ඇත්තේය. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.
විනිශ්චයකාරයෝ 8:20 - Sinhala Revised Old Version ඔහු තමාගේ කුලුඳුලාවූ යෙතෙර්ට: නැගිට ඔවුන් මරන්නැයි කීය. නුමුත් ඒ තරුණයා භයව කඩුව නොඇද සිටියේය, මක්නිසාද ඔහු ඒතාක් තරුණයෙක්ව සිටියේය. Sinhala New Revised Version ඔහු තමාගේ කුලුඳුල් පුත් ජෙතෙර්ට, “නැඟිට ඔවුන් මරන්නැ”යි කී ය. එහෙත්, ඒ තරුණයා බිය වී කඩුව නොඇද සිටියේ ය. මන්ද, ඔහු ඒ තාක් තරුණයෙකු ව සිටි බැවිනි. Sinhala New Revised Version 2018 ඔහු තමාගේ කුලුඳුල් පුත් ජෙතෙර්ට, “නැඟිට ඔවුන් මරන්නැ”යි කී ය. එහෙත්, ඒ තරුණයා බිය වී කඩුව නොඇද සිටියේ ය. මන්ද, ඔහු ඒ තාක් තරුණයෙකු ව සිටි බැවිනි. |
ලියනලද විනිශ්චය ඔවුන් කෙරෙහි ඉෂ්ටකරන පිණිසත්ය. මේ ගෞරවය උන්වහන්සේගේ සියලු ශුද්ධවන්තයන්ට ඇත්තේය. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.
තවද ඔවුන් ඒ රජුන් යෝෂුවා වෙතට ගෙනා කල, යෝෂුවා සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් කැඳවා තමා සමඟ ගිය යුද්ධකාරයන්ගේ අධිපතීන්ට කථාකර: ළංවී නුඹලාගේ පාද මේ රජුන්ගේ කුළල් මත්තෙහි තබන්නැයි කීවේය. ඔව්හු ළංව තමුන්ගේ පාද ඔවුන්ගේ කුළල් මත්තෙහි තැබුවෝය.
ඔහුද: ඔව්හු මාගේ සහෝදරයෝය, මාගේ මෑණියන්ගේ පුත්‍රයෝය. නුඹලා ඔවුන් ඉතුරුකළානම් ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මමත් නුඹලා නොමරමියි කීය.
එවිට සෙබාද ශල්මුන්නාද කථාකොට: නුඹම නැගිට අප මරන්න, මක්නිසාද මනුෂ්‍යයාගේ ප්‍රමාණය යම්සේද ඔහුගේ ශක්තියත් එසේමයයි කීවෝය. ගිඩියොන් නැගිට සෙබාද ශල්මුන්නාද මරා ඔවුන්ගේ ඔටුවන්ගේ කරේ තිබුණු නව සඳාකාර ආභරණ ගත්තේය.
සාමුවෙල්ද: නුඹේ කඩුව ස්ත්‍රීන් දරුවන් නැති අය කළාක්මෙන් නුඹේ මෑණියොත් ස්ත්‍රීන් අතරෙහි දරුවන් නැත්තියක් වන්නීයයි කීය. සාමුවෙල් ගිල්ගාල්හිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ආගග් කැබලිකොට කපාදැමුවේය.