Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 15:33 - Sinhala Revised Old Version

33 සාමුවෙල්ද: නුඹේ කඩුව ස්ත්‍රීන් දරුවන් නැති අය කළාක්මෙන් නුඹේ මෑණියොත් ස්ත්‍රීන් අතරෙහි දරුවන් නැත්තියක් වන්නීයයි කීය. සාමුවෙල් ගිල්ගාල්හිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ආගග් කැබලිකොට කපාදැමුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 සාමුවෙල් ද කතා කොට, “ඔබේ කඩුව, ස්ත්‍රීන් දරුවන් නැති අය කළාක් මෙන් ඔබේ මවත් ස්ත්‍රීන් අතරෙහි දරුවන් නැති කෙනෙක් වන්නී ය”යි කියා ගිල්ගාල්හි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ආගග් කැබලි කොට කපා දැමුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 සාමුවෙල් ද කතා කොට, “ඔබේ කඩුව, ස්ත්‍රීන් දරුවන් නැති අය කළාක් මෙන් ඔබේ මවත් ස්ත්‍රීන් අතරෙහි දරුවන් නැති කෙනෙක් වන්නී ය”යි කියා ගිල්ගාල්හි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ආගග් කැබලි කොට කපා දැමුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 15:33
17 හුවමාරු යොමු  

අදොනි-බෙශෙක් කථාකොට: අත්පාවල මාපට ඇඟිලි කපාදමනලද රජවරු සැත්තෑදෙනෙක් මාගේ මේසය යට කෑම ඇහිඳගත්තෝය. මා කළ ලෙස දෙවියන්වහන්සේ මට ප්‍රතිඵල දුන්සේකැයි කීවේය. ඔව්හු ඔහු යෙරුසලමට ගෙනගියෝය, ඔහු එහිදී මළේය.


දෙවියන්වහන්සේ තමන්ගේ ස්වරූපයෙන් මනුෂ්‍යයා සෑදූ බැවින් යමෙක් මනුෂ්‍යයාගේ ලේ වගුරුවන්නේද ඔහුගේ ලේ මනුෂ්‍යයා විසින් වගුරුවනු ලබන්නේය.


මක්නිසාද නුඹලා යම් විනිශ්චයකින් විනිශ්චයකරන්නහුද එයින්ම නුඹලාත් විනිශ්චයකරනු ලබන්නහුය. යම් මිම්මකින් නුඹලා මැනදෙන්නහුද එයින්ම නුඹලාටත් මැනදෙනු ලබන්නේය.


ඈ දුන් ලෙස ඈට ප්‍රතිඵල දී, ඇගේ ක්‍රියා හැටියට දෙගුණයක් ඈට දෙන්න. ඈ මිශ්‍රකරදුන් කුසලානෙහි දෙපංගුවක් මිශ්‍රකර ඈට දෙන්න.


ඔවුන් ශුද්ධවන්තයන්ගේද අනාගතවක්තෘවරුන්ගේද ලේ වැගිරෙවු බැවින් ඔබ ඔවුන්ට බොන්ට ලේ දුන්සේක. ඒක ඔවුන්ට සුදුසුයයි කියනවා මට ඇසුණේය.


මක්නිසාද දයාව නොපෙන්වූ තැනැත්තාට විනිශ්චය දයාව නැතුව පැමිණෙන්නේය. දයාව වනාහි විනිශ්චයට විරුද්ධව ජයනාදකරන්නේය.


ස්වාමීන්වහන්සේගේ වැඩ අලසකමින් කරන්නාට ශාපවේවා, ලෙයින් තමාගේ කඩුව වලක්වාගන්නාටත් ශාපවේවා.


ස්වාමීන්වහන්සේගේ කඩුව ලෙයින් පිරී තිබේ, ඒක තෙලින්ද බැටළු පැටවුන්ගෙත් එළුවන්ගෙත් ලෙයින්ද බැටළුවන්ගේ වකුගඩු තෙලින්ද තරවී තිබේ. මක්නිසාද ස්වාමීන්වහන්සේට බොශ්රාහි පූජාවක්ද ඒදොම් දේශයෙහි මහත් මරාදැමීමක්ද තිබේ.


එලියා ඔවුන්ට කථාකොට: බාල්ගේ ප්‍රොපේතවරුන්ගෙන් එක්කෙනෙකුටවත් ගැළවීයන්ට නොදී ඔවුන් අල්වාගන්නැයි කීවේය. ඔව්හු ඔවුන් අල්වාගත්තෝය. එලියා ඔවුන් කීෂොන් ඔය ළඟට ගෙනගොස් එහිදී ඔවුන් මැරුවේය.


එවිට ඒ කන්දේ වාසයකළ අමලෙක්වරුද කානානිවරුද බැස ඇවිත් ඔවුන්ට පහරදී හොර්මා දක්වා ඔවුන් විසුරුවාදැමූහ.


මෝසෙස් තමාගේ අත ඔසවා සිටි විට ඉශ්‍රායෙල්වරු ජයගත්තෝය. ඔහුගේ අත පහත හෙළූවිට අමලෙක්වරු ජයගත්තෝය.


එවිට සාමුවෙල්: අමලෙක්වරුන්ගේ රජවූ ආගග් මා ළඟට ගෙනෙන්නැයි කීවේය. ආගග්ද: වෙවුල වෙවුලා ඔහු ළඟට ඇවිත්–සැබවින්ම මරණයේ තික්තකම පහව ගියේයයි කීය.


එබැවින් ඔවුන්ගේ දරුවන් සාගතයට භාරදී, ඔවුන් කඩුවේ බලයට අත්හැරිය මැනව; ඔවුන්ගේ භාර්යාවෝ දරුවන් නැත්තියෝද වැන්දඹුවෝද වෙත්වා; ඔවුන්ගේ පුරුෂයෝ වසංගතයෙන් මැරෙත්වා, ඔවුන්ගේ යෞවනයෝද යුද්ධයේදී කඩුවෙන් මැරුම්කත්වා.


එබැවින් ප්‍රොපේතවරුන් ලවා මම ඔවුන් කැප්පෙවුවෙමි; මාගේ මුඛයේ වචනවලින් ඔවුන් මරාදැමුවෙමි. ඔබවහන්සේගේ විනිශ්චයෝද පැතිරෙන එළිය මෙන්ය.


ප්‍රාණයට ප්‍රාණයත් ඇසට ඇසත් දතට දතත් අතට අතත් පයට පයත්


නුඹ මට පෙරටුව ගිල්ගාල්ට යන්න; මම වනාහි දවන පූජා ඔප්පුකරන පිණිසත් ශාන්ති පූජාවල යාගයන් පූජාකරන පිණිසත් නුඹ ළඟට එන්නෙමි. මා නුඹ ළඟට ඇවිත් නුඹ කළයුතු දේ නුඹට දන්වන තුරු සත් දවසක් බලාසිටින්නැයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්