Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 8:20 - Sinhala New Revised Version

20 ඔහු තමාගේ කුලුඳුල් පුත් ජෙතෙර්ට, “නැඟිට ඔවුන් මරන්නැ”යි කී ය. එහෙත්, ඒ තරුණයා බිය වී කඩුව නොඇද සිටියේ ය. මන්ද, ඔහු ඒ තාක් තරුණයෙකු ව සිටි බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 ඔහු තමාගේ කුලුඳුල් පුත් ජෙතෙර්ට, “නැඟිට ඔවුන් මරන්නැ”යි කී ය. එහෙත්, ඒ තරුණයා බිය වී කඩුව නොඇද සිටියේ ය. මන්ද, ඔහු ඒ තාක් තරුණයෙකු ව සිටි බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 ඔහු තමාගේ කුලුඳුලාවූ යෙතෙර්ට: නැගිට ඔවුන් මරන්නැයි කීය. නුමුත් ඒ තරුණයා භයව කඩුව නොඇද සිටියේය, මක්නිසාද ඔහු ඒතාක් තරුණයෙක්ව සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 8:20
5 හුවමාරු යොමු  

ලියන ලද විනිශ්චය ඔවුන් කෙරෙහි ඉටු කරනු පිණිස ය; මේ ගෞරවය එතුමන්ගේ සියලු සැදැහැවතුන්ට ඇත්තේ ය. සමිඳුන්ට ප්‍රශංසා වේ වා!


සාමුවෙල් ද කතා කොට, “ඔබේ කඩුව, ස්ත්‍රීන් දරුවන් නැති අය කළාක් මෙන් ඔබේ මවත් ස්ත්‍රීන් අතරෙහි දරුවන් නැති කෙනෙක් වන්නී ය”යි කියා ගිල්ගාල්හි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ආගග් කැබලි කොට කපා දැමුවේ ය.


ඔවුන් ඒ රජුන් ජෝෂුවා වෙත ගෙනා කල, ජෝෂුවා සියලු ඉශ්රායෙල් මිනිසුන් කැඳවා, තමා සමඟ ගිය යුද්ධ භටයන්ගේ අධිපතීන්ට කතා කොට, “ළං වී ඔබේ පාද මේ රජුන්ගේ ගෙල මත තබන්නැ”යි කීවේ ය. ඔව්හු ළං ව තමන්ගේ පාද ඔවුන්ගේ ගෙල මත තැබුවෝ ය.


ගිඩියොන් ද, “ඔව්හු මාගේ සහෝදරයෝ ය, මාගේ මෑණියන්ගේ පුත්‍රයෝ ය. ඔබ ඔවුන් නොමැරුවහු නම්, මමත් ඔබ නොමරමි යි ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමි”යි කීවේ ය.


එවිට ශෙබා ද ශල්මුන්නා ද කතා කොට, “ඔබ ම නැඟිට අප මරන්න. මන්ද, ලොකු මිනිසෙකු කළ යුතු දේ ලොකු මිනිසෙකු ම කළ යුතු ය”යි කීවෝ ය. ගිඩියොන් නැඟිට ශෙබා ද ශල්මුන්නා ද මරා, ඔවුන්ගේ ඔටුවන්ගේ කරේ තිබුණ අඩ සඳාකාර ආභරණ ගත්තේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්