රෙබෙකාගේ කිරි මවුවූ දෙබොරා මළාය, ඈ බෙතෙල්ට පහළ ආලොන් ගස යට තැන්පත්කරනු ලැබුවාය. ඊට අල්ලොන්-බාකුත් යන නාමය කියනලදී.
විනිශ්චයකාරයෝ 4:5 - Sinhala Revised Old Version ඈ එප්‍රායිම් කඳු රටේ රාමාටත් බෙතෙල්ටත් අතරේ තිබෙන දෙබොරාගේ ඉඳි ගස යට වාසයකළාය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ විනිශ්චය පිණිස ඈ ළඟට ආවෝය. Sinhala New Revised Version එප්‍රායිම් කඳු රටේ රාමාටත්, බෙතෙල්ටත් අතර තිබෙන දෙබොරාගේ ඉඳි ගස යට අසුන් ගැනීම ඇගේ සිරිත විය. ඉශ්රායෙල් සෙනඟ විනිශ්චය ලබන පිණිස ඈ වෙත පැමිණියෝ ය. Sinhala New Revised Version 2018 එප්‍රායිම් කඳු රටේ රාමාටත්, බෙතෙල්ටත් අතර තිබෙන දෙබොරාගේ ඉඳි ගස යට අසුන් ගැනීම ඇගේ සිරිත විය. ඉශ්රායෙල් සෙනඟ විනිශ්චය ලබන පිණිස ඈ වෙත පැමිණියෝ ය. |
රෙබෙකාගේ කිරි මවුවූ දෙබොරා මළාය, ඈ බෙතෙල්ට පහළ ආලොන් ගස යට තැන්පත්කරනු ලැබුවාය. ඊට අල්ලොන්-බාකුත් යන නාමය කියනලදී.
තවද පසුවදා මෝසෙස් සෙනඟ විනිශ්චය කරන පිණිස හිඳගත්තේය. සෙනඟද උදය පටන් සවස දක්වා ඔහු අවට සිටියාහ.
ඔවුන්ට කාරණයක් ඇති කළ ඔව්හු මා වෙතට එති; මමද මනුෂ්‍යයෙකු සහ ඔහුගේ අසල්වාසියා අතරේ විනිශ්චයකොට දෙවියන්වහන්සේගේ නියෝගයද ව්‍යවස්ථාද ඔවුන්ට දන්වමියි තමාගේ මාමාට කීවේය.
ඉතින් මාගේ හඬට ඇහුම්කන් දෙන්න, මම නුඹට දැනමුතුකම්දෙමි, දෙවියන්වහන්සේ නුඹ සමඟ සිටිනසේක්වා. නුඹ සෙනඟ උදෙසා දෙවියන්වහන්සේ ඉදිරියේ සිට උන්වහන්සේ ඉදිරියට කාරණා පමුණුවන්න.
ඔව්හු සියලු ප්‍රස්තාවයන්හිදී සෙනඟ විනිශ්චයකළෝය. අමාරු කාරණා මෝසෙස් වෙතට ගෙනාවෝය, එහෙත් සියලු සුළු කාරණා ඔව්හුම විනිශ්චයකළෝය.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: වැලපීමද දුක්ඛිත ඇඬීමද සහිතවූ හඬක් රාමාහි ඇසෙයි, රාඛෙල් ඇගේ දරුවන් ගැන අඬමින් ඔවුන් නැති නිසා ඇගේ දරුවන් ගැන සැනසෙන්ට අකැමැතිව සිටියි.
ඒ කාලයෙහි ඉශ්‍රායෙල්වරුන් විනිශ්චයකෙළේ ලප්පිදොත්ගේ භාර්යාව වූ අනාගතවක්ත්‍රියක්වූ දෙබොරා තොමෝය.
එප්‍රායිමියයෙක්වූ ශුප්ගේ පුත්‍රවූ තොහුගේ පුත්‍රයා වන එලීහුගේ පුත්‍රවූ යෙරොහාම්ගේ පුත්‍රයා වන එල්කානා නම් මනුෂ්‍යයෙක් එප්‍රායිම් කඳුරටේ රාමාතයිම්-ශෝපීම්හි සිටියේය.
ඔව්හු අලුයම නැගිට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නමස්කාරකොට හැරී ගොස් රාමාහි තමුන්ගේ ගෙදරට පැමුණුණෝය. එල්කානා තමාගේ භාර්යාවවූ හන්නා ඇඳින්නේය; ස්වාමීන්වහන්සේද ඈ සිහිකළසේක.
දාවිත් සහ ඔහු සමඟ වූ මනුෂ්‍යයන් සිටින ස්ථානය එළිදරව් වූ බව සාවුල්ට සැලවිය. සාවුල් ඒ වේලාවේ තමාගේ හෙල්ලය අතේ ඇතුව ගිබියායේ රාමාහි තිබුණු ඒෂෙල් ගස යට ඉඳගන උන්නේය, ඔහුගේ සියලු සේවකයෝ ඔහු පිරිවරා සිටියෝය.
තවද සාමුවෙල් මළේය; සියලු ඉශ්‍රායෙල්වරු රැස්ව ඔහු ගැන වැලපී, රාමාහි තිබුණ ඔහුගේ නිවාසයෙහි ඔහු තැන්පත්කළෝය. දාවිත්ද පිටත්ව පාරාන් කාන්තාරයට බැස ගියේය. කර්මෙල්හි සම්පත් ඇති මනුෂ්‍යයෙක් මායොන්හි සිටියේය.
රාමාට හැරී ආවේය, මක්නිසාද ඔහුගේ ගෙය තිබුණේ එහිය; එහිදී ඔහු ඉශ්‍රායෙල් විනිශ්චයකෙළේය. ඔහු එහි ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැගුවේය.