Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 35:8 - Sinhala Revised Old Version

8 රෙබෙකාගේ කිරි මවුවූ දෙබොරා මළාය, ඈ බෙතෙල්ට පහළ ආලොන් ගස යට තැන්පත්කරනු ලැබුවාය. ඊට අල්ලොන්-බාකුත් යන නාමය කියනලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 තවද, රෙබෙකාගේ කිරි මව වූ දෙබොරා මළ බැවින්, ඇය බෙතෙල් නම් ස්ථානයට පහළින් ආලෝන ගස යට භූමදාන කරනු ලැබුවා ය. එබැවින් ඊට අල්ලොන්-බාකුත් යන නම දෙන ලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 තවද, රෙබෙකාගේ කිරි මව වූ දෙබොරා මළ බැවින්, ඇය බෙතෙල් නම් ස්ථානයට පහළින් ආලෝන ගස යට භූමදාන කරනු ලැබුවා ය. එබැවින් ඊට අල්ලොන්-බාකුත් යන නම දෙන ලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 35:8
7 හුවමාරු යොමු  

එවිට ඔව්හු තමන්ගේ සහෝදරීවූ රෙබෙකාද ඇගේ කිරි මවුද ආබ්‍රහම්ගේ මෙහෙකරුවාද ඔහුගේ මිනිසුන්ද පිටත් කළෝය.


එහිදී ඒවා දවා, ඔවුන්ගේ ඇට රැගෙන යාබෙෂ්හි ඒෂෙල් ගසයට වළලා, සත් දවසක් නිරාහාරව සිටියෝය.


ඔව්හු ඒ ස්ථානයට බෝකීම් යයි නම් තබා එහිදී ස්වාමීන්වහන්සේට පූජා ඔප්පු කළෝය.


ස්වාමීන්වහන්සේගේ දූතයා ගිල්ගාල්හි සිට බෝකීම්ට ඇවිත් කථාකොට: මම නුඹලා මිසරයෙන් පිටතට පමුණුවා, නුඹලාගේ පියවරුන්ට දිවුළ දේශයටද නුඹලා ගෙනායෙමි; නුඹලා සමඟ මාගේ ගිවිසුම කිසිකලකත් කඩනොකරන්නෙමියි කියාද,


ඈ එප්‍රායිම් කඳු රටේ රාමාටත් බෙතෙල්ටත් අතරේ තිබෙන දෙබොරාගේ ඉඳි ගස යට වාසයකළාය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ විනිශ්චය පිණිස ඈ ළඟට ආවෝය.


එවිට නුඹ එතැනින් තවත් දුර ගොස් තාබොර්හි අලෝන වෘක්ෂය ළඟට පැමින්නාම, එක්කෙනෙක් එළුපැටියන් තුන්දෙනෙක්ද එක්කෙනෙක් රොටි තුනක්ද එක්කෙනෙක් මුද්‍රිකපාන භාජනයක්ද රැගෙන දෙවියන්වහන්සේ ළඟට බෙතෙල්ට යන මනුෂ්‍යයන් තුන්දෙනෙක් නුඹට සම්බවන්නෝය.


සියලු නිර්භීත මනුෂ්‍යයෝ පිටත්ව ගොස් සාවුල්ගේ ශරීරයද ඔහුගේ පුත්‍රයන්ගේ ශරීරද රැගෙන යාබෙෂ්ට අවුත්, ඔවුන්ගේ ඇට යාබෙෂ්හි අලෝන ගස යට වළලා, සත් දවසක් නිරාහාරව උන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්