Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 22:6 - Sinhala Revised Old Version

6 දාවිත් සහ ඔහු සමඟ වූ මනුෂ්‍යයන් සිටින ස්ථානය එළිදරව් වූ බව සාවුල්ට සැලවිය. සාවුල් ඒ වේලාවේ තමාගේ හෙල්ලය අතේ ඇතුව ගිබියායේ රාමාහි තිබුණු ඒෂෙල් ගස යට ඉඳගන උන්නේය, ඔහුගේ සියලු සේවකයෝ ඔහු පිරිවරා සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 දාවිත් සහ ඔහු සමඟ වූ මිනිසුන් සිටින ස්ථානය එළිදරව් වූ බව සාවුල්ට සැළ විය. සාවුල් ඒ වේලාවේ තමාගේ හෙල්ලය අතේ ඇති ව ගිබියාවේ රාමාහි තිබුණු එශෙල් ගස යට ඉඳගෙන සිටියේ ය. ඔහුගේ සියලු සේවකයෝ ඔහු පිරිවරා සිටියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 දාවිත් සහ ඔහු සමඟ වූ මිනිසුන් සිටින ස්ථානය එළිදරව් වූ බව සාවුල්ට සැළ විය. සාවුල් ඒ වේලාවේ තමාගේ හෙල්ලය අතේ ඇති ව ගිබියාවේ රාමාහි තිබුණු එශෙල් ගස යට ඉඳගෙන සිටියේ ය. ඔහුගේ සියලු සේවකයෝ ඔහු පිරිවරා සිටියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 22:6
7 හුවමාරු යොමු  

එවිට සාවුල් ඔහුට අනින පිණිස ඔහු දෙසට හෙල්ලය වීසිකෙළේය. දාවිත් මරන්ට තමාගේ පියා නියමකරගන සිටින බව එයින් යොනාතාන් දැනගත්තේය.


තවද සාවුල් තමාගේ හෙල්ලය අතේ තබාගෙන ගෙයි හිඳින අතර ස්වාමීන්වහන්සේගෙන් නපුරු ආත්මයක් ඔහුට ආවේශවිය; දාවිත් තමාගේ අතින් වීණාව ගෑවේය.


තවද පසුවදා දෙවියන්වහන්සේගෙන් නපුරු ආත්මයක් සාවුල්ට ආවේශවිය, ඔහු ගේ ඇතුළේදී ධර්මවාග් ලීලාවෙන් දෙඩෙව්වේය. එවිට දාවිත් වෙන දවස්වල මෙන් අතින් වීණාව ගෑවේය. සාවුල්ගේ අතේ හෙල්ලය තිබුණේය.


ඈ එප්‍රායිම් කඳු රටේ රාමාටත් බෙතෙල්ටත් අතරේ තිබෙන දෙබොරාගේ ඉඳි ගස යට වාසයකළාය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ විනිශ්චය පිණිස ඈ ළඟට ආවෝය.


ආබ්‍රහම් බෙයර්-ෂෙබාහි ඒෂෙල් ගසක් සිටුවා එතැන්හි සදාකාල දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකෙළේය.


සාවුල් ගිබියාහි කෙළවර මිග්‍රොන්හි තිබෙන දෙළුම් ගස යට සිටියේය. ඔහු සමඟ සිටි සෙනඟ හසියයක් පමණ මනුෂ්‍යයෝය.


එහිදී ඒවා දවා, ඔවුන්ගේ ඇට රැගෙන යාබෙෂ්හි ඒෂෙල් ගසයට වළලා, සත් දවසක් නිරාහාරව සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්