නිර්දෝෂ අයගේ ධර්මිෂ්ඨකම ඔහුගේ මාර්ගය සමතලාකරයි; එහෙත් දුෂ්ටයා තමාගේම දුෂ්ටකමෙන් වැටෙයි.
විනිශ්චයකාරයෝ 20:41 - Sinhala Revised Old Version ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද හැරුණෝය. එවිට බෙන්යමින් මනුෂ්‍යයෝ විපත තමුන් පිටට පැමිණ තිබෙන බව දැක කැලඹී, Sinhala New Revised Version ඉශ්රායෙල් සෙනඟ ද ආපසු හැරුණෝ ය. එවිට බෙන්ජමින්වරු විපත්තිය තමන් පිට පැමිණ තිබෙන බව දැක කැළඹී, Sinhala New Revised Version 2018 ඉශ්රායෙල් සෙනඟ ද ආපසු හැරුණෝ ය. එවිට බෙන්ජමින්වරු විපත්තිය තමන් පිට පැමිණ තිබෙන බව දැක කැළඹී, |
නිර්දෝෂ අයගේ ධර්මිෂ්ඨකම ඔහුගේ මාර්ගය සමතලාකරයි; එහෙත් දුෂ්ටයා තමාගේම දුෂ්ටකමෙන් වැටෙයි.
ඇද නැත්තන්ගේ ධර්මිෂ්ඨකම ඔවුන් ගළවයි; එහෙත් ද්‍රෝහිකාරයෝ තමුන්ගේ ප්‍රයෝගයෙන් අසුවනු ලබති.
නපුරු මනුෂ්‍යයෙකුගේ වරදකිරීමෙහි මලපතක් ඇත. එහෙත් ධර්මිෂ්ඨයා ගීතිකා කියමින් සන්තෝෂවෙයි.
සියොන්හි පව්කාරයෝ භයවෙති; අභක්තීන්ට වෙවුලුම හදිසියෙන් අල්ලා තිබේ. නාස්තිකරන ගින්නෙහි සිටින්ට අපෙන් කාට පුළුවන්ද? සදාකාල දැවීම්වල සිටින්ට අපෙන් කාට පුළුවන්ද?
මක්නිසාද ආකාශයේ පරාක්‍රමධාරීන් සොලවනු ලබන බැවින් භයෙනුත් ලෝකයට පැමිණෙන්නාවූ දේ බලාපොරොත්තුව සිටීමෙනුත් මනුෂ්‍යයන්ගේ සිත් ක්ලාන්තවන්නේය.
සමාදානයය, අනතුරක් නැත කියා කියන විට ගර්භණියට විලිරුජාව පැමිණෙන්නාක්මෙන් හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ; ඔව්හුද කිසිසේත් නොගැළවෙන්නෝය.
හායි මනුෂ්‍යයන් පස්සට හැරී බැලූ කල නුවර ධූමය අහසට නගින බව ඔව්හු දුටුවෝය, එවිට එහෙන්වත් මෙහෙන්වත් පලායන්ට ඔවුන්ට බලයක් නොතිබුණේය. කාන්තාරය දෙසට පලාගිය සෙනඟ තමුන් ලුහුබැඳ ආවුන් දෙසට හැරුණෝය.
නුමුත්, අල්ලා විනාශකරනු ලබන්ට උපන්, ජම්මයෙන් නුවණ නැත්තාවූ තිරිසනුන් මෙන්, මොව්හු, නොදන්නා දේට අපහාසකරමින්, අධර්මිෂ්ඨකමේ කුලිය ලබමින්, තමුන්ගේම කිලුටුකමෙන් සැබවින් විනාශවන්නෝය;