Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 20:42 - Sinhala Revised Old Version

42 ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් ඉදිරියෙන් කාන්තාරයට යන මාර්ගයේ හැරී ගියෝය; එහෙත් සටන ඔවුන් පසු පස්සෙහි බලවත්ව පැවතුණේය; නුවරවලින් පිටතට ආ තැනැත්තෝ මැදිවුණාවූ අයින් විනාශකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

42 ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් කාන්තාරයට යන මාර්ගයේ හැරී ගියෝ ය. එහෙත්, සටන ඔවුන් පසුපස්සේ බලවත් ව පැවතුණේ ය. නගරවලින් පිටතට ආ තැනැත්තෝ මැදි ව සිටි අය විනාශ කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

42 ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් කාන්තාරයට යන මාර්ගයේ හැරී ගියෝ ය. එහෙත්, සටන ඔවුන් පසුපස්සේ බලවත් ව පැවතුණේ ය. නගරවලින් පිටතට ආ තැනැත්තෝ මැදි ව සිටි අය විනාශ කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 20:42
5 හුවමාරු යොමු  

පීඩාව නිසාද අධික දාසකම නිසාද යූදා වහල්කමට ගියාය; ඈ මිථ්‍යාදෘෂ්ටි ජාතීන් අතරෙහි වසයි, ඈ කිසි සහනයක් නොලබයි. ඈ පස්සේ එළවාගෙනගිය හැමදෙන කඳු පාරවලදී ඈ අසුකරගත්තෝය.


අහෝ ඉශ්‍රායෙල්, නුඹ ගිබියාහි දවස්වල පටන් පව්කෙළෙහිය. එහි ඔව්හු නැවතී සිටිති; දුෂ්ටකමේ පුත්‍රයන්ට විරුද්ධව පැමිණෙන යුද්ධයට ඔව්හු ගිබියාහිදී අසුනොවන්නෝද?


ගිබියාහි දවස්වලදී මෙන් ඔව්හු අධිකලෙස තමුන්ම දූෂ්‍යකරගත්තෝය. උන්වහන්සේ ඔවුන්ගේ අයුතුකම සිහිකර, ඔවුන්ගේ පාපවලට දඬුවම්කරනසේක.


යෝෂුවාද සියලු ඉශ්‍රායෙල්වරුද ඔවුන් ඉදිරියෙහි පැරදුණාක් මෙන් කාන්තාරයට යන මාර්ගයෙහි පලාගියෝය.


ඉශ්‍රායෙල්වරුන් තමුන් පස්සේ කාන්තාරයෙහි එළවාගන ආවාවූ හායිහි සියලු වැසියන් පිටතදී මරා තීන්දුකළ පසුද මෙසේ ඔවුන් සියල්ලන්ම නාස්තිවෙනතුරු කඩු මුවහතින් වැටීගිය පසුද සියලු ඉශ්‍රායෙල්වරු හායිට හැරීගොස් ඊට කඩු මුවහතින් පහරදුන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්