Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 8:20 - Sinhala Revised Old Version

20 හායි මනුෂ්‍යයන් පස්සට හැරී බැලූ කල නුවර ධූමය අහසට නගින බව ඔව්හු දුටුවෝය, එවිට එහෙන්වත් මෙහෙන්වත් පලායන්ට ඔවුන්ට බලයක් නොතිබුණේය. කාන්තාරය දෙසට පලාගිය සෙනඟ තමුන් ලුහුබැඳ ආවුන් දෙසට හැරුණෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 ආයි නගරයේ මිනිසුන් ආපසු හැරී බැලූ කල, නගරයේ දුම අහසට නඟින බව ඔව්හු දුටුවෝ ය. එවිට ඒ අතට වත්, මේ අතට වත් පලා යාමට ඔවුන්ට පුළුවන්කමක් නොතිබුණේ ය. පාළුකරය දෙසට පලා ගිය සෙනඟ තමන් ලුහුබැඳ ආ අය දෙසට හැරුණෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 ආයි නගරයේ මිනිසුන් ආපසු හැරී බැලූ කල, නගරයේ දුම අහසට නඟින බව ඔව්හු දුටුවෝ ය. එවිට ඒ අතට වත්, මේ අතට වත් පලා යාමට ඔවුන්ට පුළුවන්කමක් නොතිබුණේ ය. පාළුකරය දෙසට පලා ගිය සෙනඟ තමන් ලුහුබැඳ ආ අය දෙසට හැරුණෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 8:20
14 හුවමාරු යොමු  

දෙවෙනි වරක්ද ඔව්හු: හලෙලූයා කියති. ඇගේ දුම සදාකාලේටම නගින්නේය.


ඈ සමඟ වේශ්‍යාකම්කොට සැපජීවිකාවෙන් විසූ පොළොවේ රජවරු ඇගේ දැවීමේ දුම දකින කල, ඇගේ වේදනාවට භයින් දුරින් සිට:


ඒක රෑ දාවල් නොනිවී තිබෙයි; ඒකේ දුම සෑමකල්ම නගින්නේය. පරම්පරාවෙන් පරම්පරාවට එය පාළුව තිබෙයි; සදාකාලයටම කිසිවෙක් ඒ මැදින් නොයන්නේය.


සවි සිත් ඇත්තෝ කොල්ලකනු ලැබුවෝය, තමුන්ගේ නින්දට පැමිණියෝය; බලවත්වූ කිසිවෙකුගේ අතෙහි ශක්තිය නොවීය.


නුමුත් දුෂ්ටයන්ගේ ඇස් ක්ෂයවන්නේය, ඔවුන්ට ගැළවීමක් නොලැබෙන්නේය, ඔවුන්ගේ බලාපොරොත්තුවද ප්‍රාණය ඉකුත්වීමයයි කීවේය.


සොදොම සහ ගොමොරාද සමභූමියෙහි මුළු දේශයද දෙස බැලුවේය, බලව, ඒ දේශයේ ධූමය උදුනක ධූමය ලෙස නගිනවා ඔහු දුටුවේය.


එවිට සැඟවී සිටිය සමුදාව තමුන් සිටි තැනින් වහාම නැගිට, ඔහු අත දිගුකළ කෙණෙහිම දිව ඇවිත් නුවරට වැද ඒක අල්ලා, ඉක්මන්කර ගිනිලෑවෝය.


යෝෂුවා සහ සියලු ඉශ්‍රායෙල්වරු සැඟවී සිටිය සමුදාව නුවර අල්ලා ගත් බවත් නුවර ධූමය නැගෙන බවත් දැක, හැරී ඇවිත් හායි නුවර මිනිසුන් මැරුවෝය.


ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ද සැඟවී උන් අයද අතරේ නියමකරගත් ලකුණ නම් නුවරින් මහත් දුම් කඳක් නැග්ගවීමය.


එහෙත් දුම් කණුවක් වී ධූමය නුවරින් නගින්ට පටන්ගත්තේය, බෙන්යමින්වරු පස්සට හැරී බැලූ කල නුවර හැමතැනින්ම දුම් අහසට නගිනවා දුටුවෝය.


ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද හැරුණෝය. එවිට බෙන්යමින් මනුෂ්‍යයෝ විපත තමුන් පිටට පැමිණ තිබෙන බව දැක කැලඹී,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්