විනිශ්චයකාරයෝ 19:1 - Sinhala Revised Old Version තවද ඉශ්‍රායෙල්හි රජෙක් නොසිටිය ඒ දවස්වලදී එප්‍රායිම් කඳු රටේ එහා පැත්තේ එක්තරා ලෙවීයයෙක් වාසයකෙළේය. ඔහු වනාහි යුදයේ බෙත්-ලෙහෙමෙන් උප භාර්යාවක් පාවාගත්තේය, Sinhala New Revised Version ඉශ්රායෙල්හි රජ කෙනෙකු නොසිටි කාලයේ දී එප්‍රායිම් කඳු රටේ එහා පැත්තේ ලෙවීවරයෙක් වාසය කෙළේ ය. ඔහු ජුදයේ බෙත්ලෙහෙමෙන් උපභාර්යාවක සරණ පාවාගත්තේ ය. Sinhala New Revised Version 2018 ඉශ්රායෙල්හි රජ කෙනෙකු නොසිටි කාලයේ දී එප්‍රායිම් කඳු රටේ එහා පැත්තේ ලෙවීවරයෙක් වාසය කෙළේ ය. ඔහු ජුදයේ බෙත්ලෙහෙමෙන් උපභාර්යාවක සරණ පාවාගත්තේ ය. |
නුමුත් ආබ්‍රහම්ට සිටිය උප භාර්යාවන්ගේ පුත්‍රයන්ට ආබ්‍රහම් තෑගිදී ඔහු ජීවත්ව සිටි කල්හිම තමාගේ පුත්‍රවූ ඊසාක් කෙරෙන් ඔවුන් අහක්කර නැගෙනහිර දෙසට එනම් පෙරදිග රටට යන්ට හැරියේය.
මෙසේ ඔව්හු ගෙය උඩ අබ්සලොම්ට කූඩාරමක් ගැසුවෝය; අබ්සලොම්ද සියලු ඉශ්‍රායෙල්වරුන් ඉදිරියේදී තමාගේ පියාගේ උපභාර්යාවන් කරා එළඹුණේය.
යෝවාබ්ද රජු ළඟට ගෙට ඇතුල්වී කථාකොට: ඔබට වෛරවෙන්නන්ට ප්‍රේමකිරීමෙන්ද ඔබට ප්‍රේමකරන්නන්ට වෛරවීමෙන්ද ඔබගේ ජීවිතයත් ඔබගේ පුත්‍රයන්ගෙත් දූවරුන්ගෙත් ජීවිතත් ඔබගේ භාර්යාවන්ගේ ජීවිතත් ඔබගේ උපභාර්යාවන්ගේ ජීවිතත් අද ගැළවුවාවූ ඔබගේ සියලු සේවකයන්ගේ මුහුණු ඔබ අද ලජ්ජා කෙළෙහිය.
දාවිත් යෙරුසලමෙහිවූ තමාගේ ගෙදරට පැමුණුණ විට ගෙය ප්‍රවේසම්කිරීමට රජු විසින් සිටුවාගිය උපභාර්යාවන් දසදෙනා රැගෙන හිරකර තබා ඔවුන් පෝෂ්‍යකෙළේය, නමුත් ඔවුන් කරා නොඑළඹුණේය. මෙසේ ඔව්හු මැරෙන දවස දක්වා හිරෙහිම වැන්දඹු භාවයෙහි සිටියෝය.
අයාගේ දූවූ රිශ්පා නම් උප භාර්යාවක් සාවුල්ට සිටියාය. ඊෂ්-බොෂෙත්ද: නුඹ මාගේ පියාණන්ගේ උප භාර්යාව වෙතට පැමුණුණේ මන්දැයි අබ්නේර්ට කීවේය.
දාවිත් හෙබ්‍රොන්හි සිට ආවාට පසු තවත් උප භාර්යාවන්ද භාර්යාවන්ද යෙරුසලමෙන් පාවාගත්තේය. තව පුත්‍රයෝද දූවරුද දාවිත් නිසා උපන්නෝය.
ඔහුට කුමාරිකා භාර්යාවන් සත්සියයක්ද උපභාර්යාවන් තුන්සියයක්ද සිටියෝය. ඔහුගේ භාර්යාවෝ ඔහුගේ සිත හරවාගත්තෝය.
රෙහොබොවම් තමාගේ සියලු භාර්යාවන්ටත් උප භාර්යාවන්ටත් වඩා අබ්සලොම්ගේ දූවූ මයකාට ආදරේවිය. ඔහු භාර්යාවන් දහඅටදෙනෙකුත් උප භාර්යාවන් හැටදෙනෙකුත් පාවාගත්තේය, පුත්‍රයන් විසිඅටදෙනෙක්ද දූවරුන් හැටදෙනෙක්ද ඔහුට උපන්නෝය.
ඈ සවස ගොස් පසුවදා ස්ත්‍රීන්ගේ දෙවෙනි ගෙට, රජුගේ නපුංසකයාවූ උප භාර්යාවන්ගේ රැකවලාවූ ෂයෂ්ගාස්ගේ රැකවරණයට, හැරී ආවාය. රජු ඈට ප්‍රියව නම කියා ඈට අඬගැසුවොත් මිස නැත්නම් ඈ රජු ළඟට තවත් පැමුණුණේ නැත.
එවිට ඔව්හු යෙරුසලමේ තිබුණ දෙවියන්වහන්සේගේ ගෘහයේ මාළිගාවෙන් ගත් රන් භාජන ගෙනාවෝය; රජද ඔහුගේ උත්තමයෝද භාර්යාවරුද උපභාර්යාවරුද එයින් බීවෝය.
ආත්මයේ ඉතිරි කොටස උන්වහන්සේට තිබුණු නුමුත් උන්වහන්සේ එකෙකු නොසෑදූසේක්ද? එකෙකු සෑදුවේ මක්නිසාද? උන්වහන්සේ භක්තිවන්ත වංශයක් සෙවූ නිසාය. එබැවින් නුඹලාගේ ආත්මය ගැන ප්‍රවේසම්වෙන්න, කිසිවෙක් තමාගේ තරුණ වයසේ භාර්යාවට විරුද්ධව ද්‍රෝහිලෙස ක්‍රියා නොකෙරේවා.
එම්බා බෙත්ලෙහෙම, යූදා දේශය, නුඹ යූදාගේ අධිපතීන් අතරෙහි කොයි ලෙසකින්වත් ඉතා කුඩා නොවන්නීය. මක්නිසාද මාගේ ඉශ්‍රායෙල් සෙනඟ පාලනයකරන්නාවූ ආණ්ඩුකාරයෙක් නුඹ කෙරෙන් නික්මෙන්නේයයි අනාගතවක්තෘ විසින් ලියා තිබේයයි ඔහුට කීවෝය.
ඔව්හු එප්‍රායිම් කඳු රටේ ගායෂ් කන්දට උතුරෙන් තිබෙන තිම්නාත්-සෙරා නම්වූ ඔහුගේ උරුම පළාතෙහි ඔහු තැන්පත්කළාහ.
ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර්ද මළේය; ඔව්හු ඔහුගේ පුත්‍රවූ පීනෙහාස්ට එප්‍රායිම් කඳුරටෙහි දෙනලද හෙලේ ඔහු තැන්පත් කළෝය.
ඒ දවස්වල ඉශ්‍රායෙල්හි රජෙක් නොසිටියේය. එක් එක්කෙනා තම තමාගේ ඇස් හමුවෙහි හරිව තිබුණුදේ කෙළේය.
යූදා පෙළපතට අයිතිවූ, යුදයේ බෙත්-ලෙහෙමේ සිට ආවාවූ එක්තරා ලෙවීය තරුණයෙක් සිටියේය, ඔහු එහි වාසයකෙළේය.
ඒ මනුෂ්‍යයා තමාට සිටීමට තැනක් සොයන පිණිස යුදයේ බෙත්-ලෙහෙම් නුවරින් පිටත්ව ගොස් ගමන්කරනුයේ, එප්‍රායිම් කඳු රටේ මීකාගේ ගෙදරට පැමුණුණේය.
ඒ දවස්වල ඉශ්‍රායෙල්හි රජෙක් නොසිටියේය. තවද ඒ දවස්වලදී දාන් ගෝත්‍රය තමුන්ට වාසය කිරීම පිණිස උරුමයක් සෙවීය; මක්නිසාද ඒ දවස දක්වා ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරේ ඔවුන්ට උරුමයක් ලැබී තිබුණේ නැත.
නුමුත් මහලු මනුෂ්‍යයෙක් කෙතේ වැඩකර සවස ආවේය; ඒ මනුෂ්‍යයා එප්‍රායිම් කඳු රටේ කෙනෙක්ය, හෙතෙම ගිබියාහි වාසයකෙළේය. එහෙත් ඒ ස්ථානයේ මනුෂ්‍යයෝ බෙන්යමින්වරුය.
ඔහුගේ උප භාර්යාව ඔහුට විරුද්ධව වේශ්‍යාකම්කොට ඔහු අත්හැර යුදයේ බෙත්-ලෙහෙමේ ඇගේ පියාගේ ගෙදරට ගොස් එහි හාරමාසයක් සිටියාය.
ඒ දවස්වල ඉශ්‍රායෙල්හි රජෙක් නොසිටියේය. එක් එක් මනුෂ්‍ය තෙමේ තම තමාගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය.
ඔහු ඇවිත් එප්‍රායිම් කඳු රටේදී හොරණෑවක් පිම්බේය, එවිට ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔහු සමඟ කඳුරටෙන් බැස ගියෝය. ඔහු ඔවුන්ට පෙරටුවෙන් ගොස්,