Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 12:8 - Sinhala Revised Old Version

8 ඔහුට පසුව බෙත්-ලෙමේහි ඉබ්ශාන් ඉශ්‍රායෙල් විනිශ්චයකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 ජෙප්තාට පසුව බෙත්ලෙහෙම්හි ඉබ්ශාන් ඉශ්රායෙල් රට පාලනය කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 ජෙප්තාට පසුව බෙත්ලෙහෙම්හි ඉබ්ශාන් ඉශ්රායෙල් රට පාලනය කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 12:8
10 හුවමාරු යොමු  

තවද හෙරොද් රජුගේ දවස්වල යුදයේ බෙත්ලෙහෙම්හි යේසුස්වහන්සේ උපන් කල, පූර්වදිශාවෙන් ශාස්ත්‍රවන්තයෝ යෙරුසලමට ඇවිත්:


නුමුත් බෙත්-ලෙහෙම් එප්‍රාතා, යූදාගේ දහස් ගණන් අතරෙහි සිටීමට කුඩාව සිටින නුඹෙන්, ඉශ්‍රායෙල් කෙරෙහි ආණ්ඩුකාරයා වීමට මා වෙතට කෙනෙක් නික්ම එන්නේය; උන්වහන්සේගේ නික්මීම පුරාණයේ පටන්ද සදාකාලයේ සිටද වූයේය.


ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: මා විසින් සාවුල් ඉශ්‍රායෙල් කෙරෙහි රජකම්කිරීමෙන් පහකර තිබෙද්දී නුඹ ඔහු ගැන කොපමණ කල් ශෝකවන්නෙහිද? නුඹේ තෙල් කුලාව පුරවාගෙන යන්න, මම බෙත්-ලෙහෙමිය යෙස්සේ ළඟට නුඹ යවමි. මක්නිසාද ඔහුගේ පුත්‍රයන් අතරෙන් රජෙකු මට සපයාගත්තෙමියි කීසේක.


කේනිවරුන්ද කෙනිස්සිවරුන්ද, කද්මොනිවරුන්ද


යෙප්තා සාවුරුද්දක් ඉශ්‍රායෙල් විනිශ්චය කෙළේය. ගිලියදීය යෙප්තා නැසී ගිලියද්හි නුවරක තැන්පත්කරන ලද්දේය.


ඔහුට පුත්‍රයෝ තිස්දෙනෙක් සිටියෝය, තවද ඔහු දූවරුන් තිස්දෙනෙක් පිටට හැර පිටතින් තමාගේ පුත්‍රයන්ට දූවරුන් තිස්දෙනෙක් ගෙනායේය. ඔහු සත් අවුරුද්දක් ඉශ්‍රායෙල් විනිශ්චයකෙළේය.


කට්ටාත්ද නහලාල්ද ෂිම්රොන්ද ඉදලාද බෙත්-ලෙහෙම්ද යනාදී නුවරවල් දොළොසක්ද ඒවායේ ගම්ද තිබුණේය.


අබිමෙලෙක්ට පසුව ඉස්සාඛර්හි මනුෂ්‍යයෙක්වූ දෝදෝගේ පුත්‍රයා වන පූවාගේ පුත්‍රවූ තෝලා ඉශ්‍රායෙල් ගළවන්ට නැගුටුණේය; ඔහු එප්‍රායිම් කඳුරටෙහි වූ ෂාමීර්හි වාසය කෙළේය.


යූදා පෙළපතට අයිතිවූ, යුදයේ බෙත්-ලෙහෙමේ සිට ආවාවූ එක්තරා ලෙවීය තරුණයෙක් සිටියේය, ඔහු එහි වාසයකෙළේය.


තවද ඉශ්‍රායෙල්හි රජෙක් නොසිටිය ඒ දවස්වලදී එප්‍රායිම් කඳු රටේ එහා පැත්තේ එක්තරා ලෙවීයයෙක් වාසයකෙළේය. ඔහු වනාහි යුදයේ බෙත්-ලෙහෙමෙන් උප භාර්යාවක් පාවාගත්තේය,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්