Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 16:22 - Sinhala Revised Old Version

22 මෙසේ ඔව්හු ගෙය උඩ අබ්සලොම්ට කූඩාරමක් ගැසුවෝය; අබ්සලොම්ද සියලු ඉශ්‍රායෙල්වරුන් ඉදිරියේදී තමාගේ පියාගේ උපභාර්යාවන් කරා එළඹුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 මෙසේ ඔව්හු ගෙය උඩ අබ්සලොම්ට කූඩාරමක් සෑදුවෝ ය. අබ්සලොම් ද සියලු ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි තමාගේ පියාගේ උපභාර්යාවන් වෙත පිවිසුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 මෙසේ ඔව්හු ගෙය උඩ අබ්සලොම්ට කූඩාරමක් සෑදුවෝ ය. අබ්සලොම් ද සියලු ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි තමාගේ පියාගේ උපභාර්යාවන් වෙත පිවිසුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 16:22
11 හුවමාරු යොමු  

එවිට රජුද ඔහු අනුව ඔහුගේ ගෙයි වැසි සියල්ලෝද පිටත්ව ගියෝය. උප භාර්යාවන්වූ ස්ත්‍රීන් දසදෙනෙක් රජ තෙමේ ගෙදර බලාගැනීමට නවත්වා ගියේය.


දාවිත් යෙරුසලමෙහිවූ තමාගේ ගෙදරට පැමුණුණ විට ගෙය ප්‍රවේසම්කිරීමට රජු විසින් සිටුවාගිය උපභාර්යාවන් දසදෙනා රැගෙන හිරකර තබා ඔවුන් පෝෂ්‍යකෙළේය, නමුත් ඔවුන් කරා නොඑළඹුණේය. මෙසේ ඔව්හු මැරෙන දවස දක්වා හිරෙහිම වැන්දඹු භාවයෙහි සිටියෝය.


ඔවුන්ගේ කෙළවර විනාශයය, ඔවුන්ගේ දෙවියෝ බඩය, ඔවුන්ගේ පාරට්ටුව නම් තමුන්ගේ ලජ්ජාව ගැනය. ඔවුන් සලකන්නේ ලෝක දේවල්ය.


මක්නිසාද ඇගේ ලේ ඈ ඇතුළෙහි ඇත්තේය; ඈ ඒවා පස්වලින් වැසීයන්ට පොළොව පිට වගුරුවන්නේ නැතුව පස් නැති පර්වතය උඩ තැබුවාය.


ඔව්හු පිළිකුල් දේ කළ නිසා ලජ්ජා වූවෝද? නැත, ඔවුන් කොහෙත්ම ලජ්ජාවුණේවත් ඔවුන්ට නින්දාව දැනුණේවත් නැත. එබැවින් වැටෙන්නන් අතරෙහි ඔවුන් වැටෙනවා ඇත. ඔවුන්ට දඬුවම් පැමිණෙන කාලයෙහි ඔවුන් පැකිල වැටෙනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඒ නිසා වැහිවලා නැවතුණේය, අන්තිම වර්ෂාවද නොආයේය; එහෙත් නුඹ වේශ්‍යාවෙකුගේ නළල ඇතුව, කිසි ලජ්ජාවක් නැතුව සිටියෙහිය.


ඔවුන්ගේ මුහුණේ පෙනීම ඔවුන්ට විරුද්ධව සාක්ෂිදෙයි; සොදොම මෙන් ඔව්හු තමුන්ගේ පාපය නොසඟවා ප්‍රකාශකෙරෙති. ඔවුන්ගේ ආත්මයට දුක් වේ! මක්නිසාද ඔව්හු තමුන්ටම අනතුරුකරගත්තෝය.


දිනක් සවස් වේලාවේ දාවිත් තමාගේ යහනෙන් නැගිට රජගෙදර පියස්ස උඩ සක්මන්කෙළේය. එවිට ඔහු ස්ත්‍රියෙක් නානවා පියස්සේ සිට දුටීය. ඒ ස්ත්‍රී පෙනීමෙන් ඉතා ශෝභමාන වූවාය.


එකල ඔවුන් සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ හඬමින් සිටියදී ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් එක්කෙනෙක් මෝසෙස් ඉදිරියෙහිද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ඉදිරියෙහිද මිදියන් ස්ත්‍රියෙකු කැඳවාගෙන තමාගේ සහෝදරයන් ළඟට ආයේය.


තවද ඉශ්‍රායෙල් ඒ දේශයෙහි වසන කල්හි රූබෙන් ගොස් තම පියාගේ උපභාර්යාවවූ බිල්හා සමඟ සයනයකෙළේය. ඉශ්‍රායෙල්ට එපවත් සැලවිය. යාකොබ්ගේ පුත්‍රයෝ දොළොස් දෙනෙක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්