Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 19:5 - Sinhala Revised Old Version

5 යෝවාබ්ද රජු ළඟට ගෙට ඇතුල්වී කථාකොට: ඔබට වෛරවෙන්නන්ට ප්‍රේමකිරීමෙන්ද ඔබට ප්‍රේමකරන්නන්ට වෛරවීමෙන්ද ඔබගේ ජීවිතයත් ඔබගේ පුත්‍රයන්ගෙත් දූවරුන්ගෙත් ජීවිතත් ඔබගේ භාර්යාවන්ගේ ජීවිතත් ඔබගේ උපභාර්යාවන්ගේ ජීවිතත් අද ගැළවුවාවූ ඔබගේ සියලු සේවකයන්ගේ මුහුණු ඔබ අද ලජ්ජා කෙළෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 ජෝවාබ් රජු වෙත ගෙට ඇතුල් වී කතා කොට, “අද දවසේ දී ඔබේ ජීවිතයත්, ඔබේ පුත්‍රයන්ගේ හා දූවරුන්ගේ ජීවිතත්, ඔබේ භාර්යාවන්ගේ ජීවිතත්, ඔබේ උපභාර්යාවන්ගේ ජීවිතත්, ගැළෙව් ඔබේ සියලු සේවකයන් අද ඔබ ලජ්ජාවට පැමිණෙවුවෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 ජෝවාබ් රජු වෙත ගෙට ඇතුල් වී කතා කොට, “අද දවසේ දී ඔබේ ජීවිතයත්, ඔබේ පුත්‍රයන්ගේ හා දූවරුන්ගේ ජීවිතත්, ඔබේ භාර්යාවන්ගේ ජීවිතත්, ඔබේ උපභාර්යාවන්ගේ ජීවිතත්, ගැළෙව් ඔබේ සියලු සේවකයන් අද ඔබ ලජ්ජාවට පැමිණෙවුවෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 19:5
9 හුවමාරු යොමු  

ගැළවීම ස්වාමීන්ට අයිතිය. ඔබගේ ආශීර්වාදය ඔබගේ සෙනඟ කෙරෙහි වේවා.


එහෙයින් ඔබ ඔවුන්ගේ එදිරිකාරයන් අතට ඔවුන් පාවාදුන්සේක, ඔව්හු ඔවුන්ට පීඩාකළෝය. ඔවුන්ගේ පීඩා කාලයේදී ඔවුන් ඔබට මොරගැසූ කල ඔබ ස්වර්ගයේ සිට අසා, ඔබගේ මහත් අනුකම්පාව නිසා ඔවුන්ගේ එදිරිකාරයන්ගේ අතින් ඔවුන් ගළවාගත් ගැළවුම්කාරයන් ඔවුන්ට දුන්සේක.


මම රජ මෙන් ආලේපලත්තෙම් නුමුත් අද දුර්වලව සිටිමි; ශෙරුයාගේ පුත්‍රයෝ වූ මේ මනුෂ්‍යයෝ මට සැර වැඩිය. නපුර කරන්නාට ඔහුගේ නපුරුකම ලෙස ස්වාමීන්වහන්සේ විපාක දෙනසේක්වයි කීවේය.


රජ තමාගේ මුහුණ වසාගෙන: අනේ, මාගේ පුත්‍රවූ අබ්සලොම්, අනේ අබ්සලොම්, මාගේ පුත්‍රය, මාගේ පුත්‍රය කියා මහත් හඬින් ඇඬුවේය.


මක්නිසාද අධිපතීන්ගෙන්වත් සේවකයන්ගෙන්වත් ඔබට කමක් නැති බව ඔබ අද පෙන්නුවෙහිය. අප සියල්ලන්ම අද මැරුණත් අබ්සලොම් ඉතුරුවුණා නම් ඔබ ඉතා ප්‍රසන්නවන බව අද මට පෙනෙයි.


තවද අමාසාට කථාකොට: නුඹ මාගේ ඇට සහ මාංශයත් නොවේද? නුඹ යෝවාබ් වෙනුවට සෑමකල්හිම මා ඉදිරියෙහි සේනාපතියාව සිටින්ට නොයෙදුණොත් දෙවියන්වහන්සේ එසේත් ඊට වැඩියෙනුත් මට කරනසේක්වයි කියන්නැයි කියා ඇරියේය.


දාවිත් අඬ අඬා හිස වසාගන වහන් නැතුව ඔලීව කන්දට නගින පාරේ ගියේය. ඔහු සමඟ සිටි මුළු සෙනඟද තම තමුන්ගේ හිස් වසාගන අඬමින් නැගී ගියෝය.


ඔව්හු අබ්සලොම් රැගෙන වනයෙහි තිබුණ මහත් වළේ හෙළා ඔහු පිට ඉතා මහත් ගල්ගොඩක් නැගුවෝය. සියලු ඉශ්‍රායෙල්වරුද තම තමුන්ගේ කූඩාරම්වලට පලා ගියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්