දෙවියන්වහන්සේ ළමයාගේ හඬ ඇසූසේක; දෙවියන්වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට හාගර්ට හඬගසා: හාගර්, නුඹට මක්වෙලාද? භය නොවෙන්න; මක්නිසාද දෙවියන්වහන්සේ ළමයා සිටින තැනින් ඔහුගේ ශබ්දය ඇසූසේක.
විනිශ්චයකාරයෝ 18:23 - Sinhala Revised Old Version ඔව්හු හැරී බලා: මිනිසුන් රැස්කරගන එන්ට නුඹට වෙලා තිබෙන්නේ මොකදැයි මීකාගෙන් ඇසුවෝය. Sinhala New Revised Version ඔව්හු හැරී බලා, “මිනිසුන් රැස් කර ගෙන එන්නට ඔබට සිදු වී තිබෙන්නේ කුමක් දැ”යි මීකාගෙන් ඇසූහ. Sinhala New Revised Version 2018 ඔව්හු හැරී බලා, “මිනිසුන් රැස් කර ගෙන එන්නට ඔබට සිදු වී තිබෙන්නේ කුමක් දැ”යි මීකාගෙන් ඇසූහ. |
දෙවියන්වහන්සේ ළමයාගේ හඬ ඇසූසේක; දෙවියන්වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට හාගර්ට හඬගසා: හාගර්, නුඹට මක්වෙලාද? භය නොවෙන්න; මක්නිසාද දෙවියන්වහන්සේ ළමයා සිටින තැනින් ඔහුගේ ශබ්දය ඇසූසේක.
රජ: නුඹට මක්වෙලාදැයි ඇගෙන් ඇසුවේය. ඈද: සැබවින් මම වැන්දඹුවක්මි, මාගේ පුරුෂයා මැරුණේය.
නුඹට මක්වෙලාදැයි ඇගෙන් ඇසුවේය. ඈද: නුඹේ පුත්‍රයා අද අපට කන්ට දෙන්න, මගේ පුත්‍රයා හෙට අපි කන්නෙමුයයි මේ ස්ත්‍රී මට කීවාය.
දර්ශන මිටියාවත ගැන දිව්‍ය ප්‍රකාශනයය. ඔල්වරහඬවලින් පූර්ණවූ ඝෝෂා ඇති නුවරක්ද ප්‍රීතිමත් නගරයක්ද වූ නුඹ තුළ සිටින සියල්ලන් පියසිවලට නැගීගියේ නුඹට මක්වෙලාද?
ඔවුන් මීකාගේ ගෙයින් දුර ගිය කල මීකාගේ ගේ අසල ගෙවල මිනිස්සු එකතුව දාන් පුත්‍රයන් පස්සේ ගොස් ඔවුන්ට ළංව මොරගැසුවෝය.
ඔහු උත්තරදෙමින්: මා සෑදූ මාගේ දේවතාවන් සහ පූජකයාද නුඹලා ගෙනගියහුය, තවත් මට ඇත්තේ කිමෙක්ද? නුඹට වෙලා තිබෙන්නේ මොකද කියා නුඹලා මාගෙන් අසන්නේ කොහොමදැයි කීවේය.
ඒ වේලාවට සාවුල් කෙතේ සිට හරකුන් පස්සෙන් ආවේය. තවද: සෙනඟ අඬන්නේ කුමන කාරණයක් නිසාදැයි සාවුල් ඇසුවේය. ඔව්හු යාබෙෂ්හි මනුෂ්‍යයන්ගේ වචන ඔහුට දැන්නුවෝය.