Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 සාමුවෙල් 14:5 - Sinhala Revised Old Version

5 රජ: නුඹට මක්වෙලාදැයි ඇගෙන් ඇසුවේය. ඈද: සැබවින් මම වැන්දඹුවක්මි, මාගේ පුරුෂයා මැරුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 රජු කතා කොට, “ඔබට කුමක් වෙලා දැ”යි ඇගෙන් ඇසූ විට, ඈ පිළිතුරු දෙමින්, “මම සැබැවින් ම වැන්දඹුවක්මි. මාගේ පුරුෂයා මැරුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 රජු කතා කොට, “ඔබට කුමක් වෙලා දැ”යි ඇගෙන් ඇසූ විට, ඈ පිළිතුරු දෙමින්, “මම සැබැවින් ම වැන්දඹුවක්මි. මාගේ පුරුෂයා මැරුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 14:5
6 හුවමාරු යොමු  

දෙවියන්වහන්සේ ළමයාගේ හඬ ඇසූසේක; දෙවියන්වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට හාගර්ට හඬගසා: හාගර්, නුඹට මක්වෙලාද? භය නොවෙන්න; මක්නිසාද දෙවියන්වහන්සේ ළමයා සිටින තැනින් ඔහුගේ ශබ්දය ඇසූසේක.


ඈ නැගිට පිටත්ව ගොස් මුහුණු වැස්ම අහක තබා ඇගේ කනවැන්දුම් වස්ත්‍ර හැඳගත්තාය.


තෙකෝවාහි ස්ත්‍රී රජු ළඟට ගොස් මුහුණින් බිම වැටී වැඳ: අනේ රජ්ජුරුවෙනි, පිහිටවුවමැනවැයි කීවාය.


ඔබගේ දාසීට පුත්‍රයන් දෙදෙනෙක් සිටියෝය, ඒ දෙදෙනා පිටතදී ඩබර කරගත්තෝය, ඔවුන් නවත්වන්ට කිසිවෙක් නොසිටිය නිසා එක්කෙනෙක් අනිකාට ගසා ඔහු මැරුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්