Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 6:28 - Sinhala Revised Old Version

28 නුඹට මක්වෙලාදැයි ඇගෙන් ඇසුවේය. ඈද: නුඹේ පුත්‍රයා අද අපට කන්ට දෙන්න, මගේ පුත්‍රයා හෙට අපි කන්නෙමුයයි මේ ස්ත්‍රී මට කීවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 “ඔබට කුමක් වී තිබේ දැ”යි ඇගෙන් ඇසී ය. ඈ ද පිළිතුරු දෙමින්, “ ‘ඔබේ පුත්‍රයා අද අපට කන්න දෙන්න. මාගේ පුත්‍රයා හෙට අපි කන්නෙමු‍’යි මේ ස්ත්‍රිය මට කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 “ඔබට කුමක් වී තිබේ දැ”යි ඇගෙන් ඇසී ය. ඈ ද පිළිතුරු දෙමින්, “ ‘ඔබේ පුත්‍රයා අද අපට කන්න දෙන්න. මාගේ පුත්‍රයා හෙට අපි කන්නෙමු‍’යි මේ ස්ත්‍රිය මට කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 6:28
15 හුවමාරු යොමු  

රජ: නුඹට මක්වෙලාදැයි ඇගෙන් ඇසුවේය. ඈද: සැබවින් මම වැන්දඹුවක්මි, මාගේ පුරුෂයා මැරුණේය.


දයාවන්ත ස්ත්‍රීහු තමුන්ගේ අත්වලින් සිය දරුවන් පිසුවෝය; උන් මාගේ සෙනඟ වන දුවණියගේ විනාශයේදී ඔවුන්ට කෑම විය.


ඔව්හු හැරී බලා: මිනිසුන් රැස්කරගන එන්ට නුඹට වෙලා තිබෙන්නේ මොකදැයි මීකාගෙන් ඇසුවෝය.


මක්නිසාද වඳ ස්ත්‍රීහුද දරුවන් බිහිනොකළ කුසද කිසිකලෙක කිරි නුදුන් තනද වාසනාවන්තයයි කියන දවස් පැමිණෙන්නේය.


එබැවින් නුඹ තුළ පියවරු පුත්‍රයන්ද පුත්‍රයෝ තමුන්ගේ පියවරුන්ද කන්නාහ; මම නුඹ තුළ විනිශ්චයන් ඉෂ්ටකොට, නුඹේ ඉතිරි සියල්ලන් දස දෙස විසුරුවාදමන්නෙමි.


ස්ත්‍රියෙක් ඇගේම කුසේ පුත්‍රයාට අනුකම්පා නොකරන ලෙස ඇගේ කිරි දරුවා මතකනැතිකරන්ට ඈට පුළුවන්ද? එසේය, මොවුන්ට මතකනැතිවෙන්ට පුළුවන, එහෙත් මම නම් නුඹ මතකනැති නොකරන්නෙමි.


දර්ශන මිටියාවත ගැන දිව්‍ය ප්‍රකාශනයය. ඔල්වරහඬවලින් පූර්ණවූ ඝෝෂා ඇති නුවරක්ද ප්‍රීතිමත් නගරයක්ද වූ නුඹ තුළ සිටින සියල්ලන් පියසිවලට නැගීගියේ නුඹට මක්වෙලාද?


එම්බා මුහුද, නුඹ පලායන්නෙත්, යොර්දාන, නුඹ ආපසු හැරෙන්නෙත් නුඹලාට කුමක් වෙලාද?


එවිට ඇගේ පුරුෂයාවූ එල්කානා ඈට කථාකොට: හන්නා, නුඹ අඬන්නේ මන්ද? නොකා සිටින්නේ මන්ද? නුඹේ සිත ශෝකව තිබෙන්නෙත් මක්නිසාද? මා පුත්‍රයන් දසදෙනෙකුට වඩා නුඹට හොඳ නැද්දැයි කීවේය.


නුඹලාද නුඹලාගේ පුත්‍රයන්ගේ මාංස කනවා ඇත, නුඹලාගේ දූවරුන්ගේ මාංසද කනවා ඇත.


දෙවියන්වහන්සේ ළමයාගේ හඬ ඇසූසේක; දෙවියන්වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට හාගර්ට හඬගසා: හාගර්, නුඹට මක්වෙලාද? භය නොවෙන්න; මක්නිසාද දෙවියන්වහන්සේ ළමයා සිටින තැනින් ඔහුගේ ශබ්දය ඇසූසේක.


ඔහු: ස්වාමීන්වහන්සේ නුඹට පිහිට නොවනසේක් නම් මම කොතැනින් නුඹට පිහිටවෙම්ද? පාවරෙන්ද නොහොත් මිදි පැසෙන්දැයි කියා:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්