විනිශ්චයකාරයෝ 1:28 - Sinhala Revised Old Version ඉශ්‍රායෙල්වරුන් බලවත්වූ කල ඔව්හු කානානිවරුන් බර වැඩට යටත්කළෝය, නුමුත් ඔවුන් සහමුලින් පන්නානොදැමුවෝය. Sinhala New Revised Version ඉශ්රායෙල්වරුන් බලවත් වූ කල ඔව්හු කානානිවරුන් බර වැඩට යෙදෙව්වෝ ය. එහෙත් ඔවුන් සහමුලින් ම පන්නා නොදැමුවෝ ය. Sinhala New Revised Version 2018 ඉශ්රායෙල්වරුන් බලවත් වූ කල ඔව්හු කානානිවරුන් බර වැඩට යෙදෙව්වෝ ය. එහෙත් ඔවුන් සහමුලින් ම පන්නා නොදැමුවෝ ය. |
දේශයෙහි ඉතිරිව සිටියාවූ ඔවුන්ගේ පුත්‍රයන්ගෙන් සාලමොන් අද දවස දක්වා රාජකාරියට දාසයන් ගණනක් ගත්තේය.
නුඹට සමාදාන උත්තරයක් දී දොරටුව ඇර දුන්නොත් එහි සිටින මුළු සෙනඟ නුඹට කප්පන් දෙමින් නුඹට සේවය කළ යුතුය.
ඉශ්‍රායෙල් පුත්‍රයන් ශක්තිමත්වූ කල ඔව්හු කානානිවරුන් බර වැඩට පත් කළෝය, එහෙත් ඔවුන් සහමුලින් පන්නා නොදැමූහ.
මනස්සේ බෙත්-ෂෙයාන් හා ඊට අයිති නුවරවල වැසියන්වත් තානාක් හා ඊට අයිති නුවරවල වැසියන්වත් දෝර් හා ඊට අයිති නුවරවල වැසියන්වත් ඉබ්ලෙයාම් හා ඊට අයිති නුවරවල වැසියන්වත් මෙගිද්දෝ හා ඊට අයිති නුවරවල වැසියන්වත් පන්නා නොදැමුවේය. කානානිවරු ඒ රටේ වාසයකරන්ටම කැමතිව සිටියෝය.
එප්‍රායිම් ගෙසෙර්හි විසූ කානානිවරුන් පන්නා නොදැමුවේය; කානානිවරු ගෙසෙර්හි ඔවුන් අතරේ වාසයකළෝය.
ඒ දවසේදී ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ පෙළෙමින් සිටියෝය. එහෙත් සාවුල් කථාකොට: මා විසින් මාගේ සතුරන්ගෙන් පළිගන්නතුරු, සවස්වනතෙක්, කිසි කෑමක් කන මනුෂ්‍යයාට ශාපවේවයි කියා සෙනඟ දිවුරෙවුවේය. එබැවින් සෙනඟගෙන් කිසි කෙනෙක් කෑම කෑවේ නැත.