එකල සිරියේ රජවූ හසායෙල් ඇවිත් ගාද්ට විරුද්ධව යුද්ධකොට ඒක අල්ලාගෙන, යෙරුසලමටත් විරුද්ධව එන්ට තමාගේ මුහුණ යොමු කෙළේය.
ලෙවී කථාව 7:9 - Sinhala Revised Old Version උදුනේ බදින්නාවූ ආහාර පූජා සියල්ලද වළඳෙත් ඇතිලියෙත් පිළියෙළකරන සියල්ලද ඒවා ඔප්පුකරන පූජකයාට හිමිවන්නේය. Sinhala New Revised Version උදුනක පිසූ ධාන්‍ය පූජාව මුළුමනින් ද කබලක හෝ තාච්චියක හෝ පිළියෙළ කළ සියල්ල ද පිදූ පූජකවරයාට අයිති ය. Sinhala New Revised Version 2018 උදුනක පිසූ ධාන්‍ය පූජාව මුළුමනින් ද කබලක හෝ තාච්චියක හෝ පිළියෙළ කළ සියල්ල ද පිදූ පූජකවරයාට අයිති ය. |
එකල සිරියේ රජවූ හසායෙල් ඇවිත් ගාද්ට විරුද්ධව යුද්ධකොට ඒක අල්ලාගෙන, යෙරුසලමටත් විරුද්ධව එන්ට තමාගේ මුහුණ යොමු කෙළේය.
ඔවුන්ට ආහාර පූජාවද පාප පූජාවද අපරාධ පූජාවද කන්ට පුළුවන; ඉශ්‍රායෙල් අතරෙහි කැපවූ සියල්ලම ඔවුන්ට වන්නේය.
ආහාර පූජාවෙන් ඉතිරි කොටස ආරොන්ටත් ඔහුගේ පුත්‍රයන්ටත් වන්නේය. එය ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවලින් අති ශුද්ධ එකක්ය.
මෙසේ පූජකයා ඔහු මේ දේවලින් එකක් ගැන කළාවූ ඔහුගේ පාපය ගැන සමගිකමක් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය. ඉතිරි කොටස ආහාර පූජාව මෙන් පූජකයාට වන්නේයයි කීසේක.
තෙලින් මිශ්‍රවූද අමිශ්‍රවූද සියලු ආහාර පූජා ආරොන්ගේ පුත්‍රයන් හැමදෙනාටම එකාකාරයෙන් හිමිවන්නේය.
යම් පූජකයෙක් යම් කෙනෙකුගේ දවන පූජාව ඔප්පුකරන්නේද ඒ පූජකයා ඔහු පිදූ දවන පූජා සතාගේ හම ලැබිය යුතුය.
ගින්නෙහි නොදවන්නාවූ අති ශුද්ධ දේ වලින් නුඹට අයිති වන්නේ ඔවුන්ගේ සියලු පූජා එනම් ඔවුන්ගේ සියලු ආහාර පූජාද ඔවුන්ගේ සියලු පාප පූජාද ඔවුන්ගේ සියලු වරද පූජාද යන මේවාය; ඔවුන් මට දෙන දේවල් නුඹටත් නුඹේ පුත්‍රයන්ටත් අති ශුද්ධ වන්නේය.
ශුද්ධ දේ සම්බන්ධයෙන් මෙහෙකරන්නන් දේවමාළිගාව සන්තක දෙයින් කන බවද පූජාසනයේ සේවයකරන්නන් පූජාසනයට පංගුකාරයන් වන බවද නුඹලා දන්නේ නැද්ද?
කොයිකලකවත් තමාගේම වියදමෙන් හේවාකම්කරන්නේ කවුද? මිදිවත්තක් වවා එහි ඵල නොකන්නේ කවුද? නොහොත් ගව රැළක් පෝෂ්‍යකොට උන්ගේ කිරිවලින් නොකන්නේ කවුද?