Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 7:8 - Sinhala Revised Old Version

8 යම් පූජකයෙක් යම් කෙනෙකුගේ දවන පූජාව ඔප්පුකරන්නේද ඒ පූජකයා ඔහු පිදූ දවන පූජා සතාගේ හම ලැබිය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 යමෙකුගේ දවන යාග පූජාව පුදන පූජකවරයාට, ඔහු පිදූ සතාගේ හම අයිති ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 යමෙකුගේ දවන යාග පූජාව පුදන පූජකවරයාට, ඔහු පිදූ සතාගේ හම අයිති ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 7:8
9 හුවමාරු යොමු  

නුමුත් තෘෂ්ණා පූර්ණකරන පිණිස මාංසයට ඉඩනොදී, ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පැළඳගන්න.


ඔහු ඉදිරියෙහි යම් කෙනෙක් ඒ ගොන් නෑම්බිය පුළුස්සා දමාවා; උගේ හමද මාංසද ලේද ගොම සමඟ පුළුස්සා දමාවා.


ඒවා දවා ගොනාගේ හමද උගේ මාංස සියල්ලද හිසද කකුල්ද


ඔහු දවන පූජා සතා හමගසා උගේ කොට්ඨාසවලට කැපිය යුතුය.


එහෙත් ගොනාගේ මාංසද හමද ගොමද කඳවුරෙන් පිට ගින්නෙන් දවන්න. ඒක පාප පූජාවක්ය.


ස්වාමිවූ දෙවියන්වහන්සේ ආදම්ට සහ ඔහුගේ භාර්යාවට සම්වලින් ඇඳුම් සාදා ඇන්දවූසේක.


පාප පූජාව යම්සේද අපරාධ පූජාවත් එසේමය. ඒවාට එක පනතක් ඇත්තේය. එයින් සමගිකම් කරන පූජකයා ඒවා ලැබිය යුතුය.


උදුනේ බදින්නාවූ ආහාර පූජා සියල්ලද වළඳෙත් ඇතිලියෙත් පිළියෙළකරන සියල්ලද ඒවා ඔප්පුකරන පූජකයාට හිමිවන්නේය.


තමාගේ පිය උරුමය විකිණීමෙන් ලැබෙන දෙය හැර කන පිණිස එකාකාර කොටස් ඔවුන් සමඟ ඔහුට ලැබිය යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්