ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලෙවී කථාව 23:30 - Sinhala Revised Old Version

ඒ දවසේදී කිසියම් වැඩක් කරන කවරෙකු නුමුත් ඔහුගේ සෙනඟ අතරෙන් විනාශ කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එදින යමෙක් වැඩ කරන්නේ ද, ඔහු ද තම සෙනඟ අතරෙන් මරණයට පත් කරනු ලබනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එදින යමෙක් වැඩ කරන්නේ ද, ඔහු ද තම සෙනඟ අතරෙන් මරණයට පත් කරනු ලබනු ඇත.

පරිච්ඡේදය බලන්න



ලෙවී කථාව 23:30
9 හුවමාරු යොමු  

තමාගේ චර්මාග්‍ර මාංසය ඡේද්‍යය නොකරනලද අචර්මඡේදිත පිරිමියෙක් ඇද්ද ඒ තැනැත්තා තමාගේ සෙනඟ කෙරෙන් සිඳදමනු ලබන්නේය; ඔහු මාගේ ගිවිසුම කඩකෙළේයයි කීසේක.


මම කුල්ලකින් දේශයේ දොරටුවලදී ඔවුන් පොළාදැමුවෙමි; ඔවුන්ගේ දරුවන් ඔවුන් කෙරෙන් තුරන්කෙළෙමි; තමුන්ගේ මාර්ගවලින් හැරී නාවාවූ මාගේ සෙනඟ නැතිකෙළෙමි.


අනාගතවක්තෘ රැවටී වචනයක් කියනවා නම්, ස්වාමීන්වහන්සේ වන මම ඒ අනාගතවක්තෘ රැවටෙන්ට සැලැස්වීමි, මම ඔහුට විරුද්ධව මාගේ අත දිගුකොට, මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් අතරෙන් ඔහු නාස්තිකරන්නෙමි.


ඒ මනුෂ්‍යයා මාගේ ශුද්ධස්ථානය අපවිත්‍රකරන්ටත් මාගේ ශුද්ධ නාමයට නින්දාකරන්ටත් තමාගේ දරුවන්ගෙන් කෙනෙක් මොලෙක්ට දුන් බැවින් මම ඔහුට විරුද්ධව මාගේ මුහුණ යොමුකොට ඔහුගේ සෙනඟ කෙරෙන් ඔහු සිඳදමන්නෙමි.


ඒ දවසේ තමාට දුක්නොදෙන්නාවූ කවරෙක් නුමුත් තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය.


කිසිම වැඩක් නොකරන්න. ඒක නුඹලාගේ සියලු පරම්පරාවලට නුඹලාගේ සියලු වාසස්ථානවල නිරන්තර පනතක්ය.


මුහුදුබඩ වැසියන් වන කෙරෙතිය ජාතියට දුක්වේ! එම්බා පිලිස්තිවරුන්ගේ දේශය වන කානාන්, ස්වාමීන්වහන්සේගේ වචනය නුඹට විරුද්ධව තිබේ; වැසියෙක් නොසිටින ලෙස නුඹ විනාශකරන්නෙමි.


යමෙක් දෙවියන්වහන්සේගේ මාළිගාව නාස්තිකරන්නේ නම්, දෙවියන්වහන්සේ ඔහුව නාස්තිකරනසේක; මක්නිසාද දෙවියන්වහන්සේගේ මාළිගාව ශුද්ධය, ඒ මාළිගාව නුඹලාය.