Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 14:9 - Sinhala Revised Old Version

9 අනාගතවක්තෘ රැවටී වචනයක් කියනවා නම්, ස්වාමීන්වහන්සේ වන මම ඒ අනාගතවක්තෘ රැවටෙන්ට සැලැස්වීමි, මම ඔහුට විරුද්ධව මාගේ අත දිගුකොට, මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් අතරෙන් ඔහු නාස්තිකරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 “දිවැසිවරයා රැවටී කතා කරයි නම්, ඒ දිවැසිවරයා රවටා ඇත්තේ සමිඳාණෝ වන මම ය. මම ඔහුට විරුද්ධ ව මාගේ හස්තය දිගු කොට, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් අතරෙන් ඔහු නෙරපාදමමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 “දිවැසිවරයා රැවටී කතා කරයි නම්, ඒ දිවැසිවරයා රවටා ඇත්තේ සමිඳාණෝ වන මම ය. මම ඔහුට විරුද්ධ ව මාගේ හස්තය දිගු කොට, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් අතරෙන් ඔහු නෙරපාදමමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 14:9
24 හුවමාරු යොමු  

එබැවින් මමත් යහපත් නුවූ පනත්ද ජීවනය දීමට සුදුසු නොවන විනිශ්චයන්ද ඔවුන්ට දුනිමි.


එවිට මම: අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස-නුඹලා මට සමාදානය වන්නේය කියා සැබවින්ම ඔබ මේ සෙනඟත් යෙරුසලමත් බොහෝසෙයින් රැවටූසේක; එහෙත් කඩුව ප්‍රාණය දක්වාම වදින්නේයයි කීවෙමි.


එබැවින් මම මාගේ අත නුඹට විරුද්ධව දිගුකොට, නුඹේ කෑම කොටස අඩුකර, නුඹට වෛරවෙන්නන්වූ නුඹේ සල්ලාල මාර්ගය ගැන ලජ්ජාවෙන් සිටින පිලිස්තිවරුන්ගේ දූවරුන්ගේ කැමැත්තට නුඹ භාරදුනිමි.


එබැවින්, මා විසින් නොඑවූ නුමුත් මාගේ නාමයෙන් අනාගතවාක්‍ය කියන්නාවූ–කඩුවවත් සාගතයවත් මේ දේශයට නොපැමිණෙන්නේයයි කියන්නාවූ අනාගතවක්තෘවරුන් ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: කඩුවෙනුත් සාගතයෙනුත් ඒ අනාගතවක්තෘවරුම නැතිවන්නෝය.


මමත් ඔවුන්ට නිසි විපත්ති නියමකොට, ඔවුන් භයවන දේ ඔවුන් පිටට පමුණුවන්නෙමි; මක්නිසාද මා අඬගැසූ විට කිසිවෙක් උත්තර නුදුන්නේය; මා කථාකළ විට ඔව්හු නොඇසුවෝය; ඔව්හු මාගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙන දේ කර, මා කැමැති නැති දේ තෝරාගත්තෝය.


මක්නිසාද ඔබ අපේ පියාණෝය, ආබ්‍රහම් අප නොදන්න නුමුත්, ඉශ්‍රායෙල් අප නාඳුනන නුමුත්, ස්වාමීන්වහන්ස, ඔබම අපේ පියාණෝය, අපේ මිදුම්කාරයාණෝය; එය පුරාණයේ සිට ඔබගේ නාමයය.


ඔවුන් හිරකාරයන් යටතෙහි පහත්වී මැරුම්කෑවුන් අතරේ වැටෙනවා ඇත. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.


මනස්සේ විසින් එප්‍රායිම්ද එප්‍රායිම් විසින් මනස්සේද කාදමනවා ඇත. ඔවුන් දෙගොල්ලම එකතුව යූදාට විරුද්ධවන්නෝය. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.


එබැවින් ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ යෞවනයන් කෙරෙහි ප්‍රීති නොවනසේක, ඔවුන්ගේ පියා නැත්තන්ටත් වැන්දඹුවන්ටත් අනුකම්පා නොකරනසේක. මක්නිසාද ඔවුන් සියල්ලෝම අභක්තිකයෝද නපුර කරන්නෝද වෙති, සියලු මුඛද නින්දිත දේ කථාකෙරෙති. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී, උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.


සිරියවරු ඉස්සරින්ද පිලිස්තිවරු පස්සෙන්ද ඇවිත් මුඛය හැර ඉශ්‍රායෙල් කාදමන්නෝය. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී, උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.


එබැවින් ස්වාමීන්වහන්සේගේ උදහස තමන්ගේ සෙනඟට විරුද්ධව ඇවිළ, උන්වහන්සේ ඔවුන්ට විරුද්ධව තමන්ගේ අත දිගුකොට, හෙල් චංචලවෙන්ටත් ඔවුන්ගේ මළකඳන් කසළ මෙන් වීථිවල තිබෙන්ටත් ඔවුන්ට පහරදුන්සේක. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී, උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.


බලයත් සමර්ථකමත් තිබෙන්නේ උන්වහන්සේ වෙතය; මුළාවෙන්නාත් මුළාකරන්නාත් උන්වහන්සේට අයිතිය.


එබැවින් ස්වාමීන්වහන්සේ ඔබගේ මේ ප්‍රොපේතවරුන්ගේ මුඛවල බොරුකාර ආත්මයක් තැබූසේක; ස්වාමීන්වහන්සේ ඔබ ගැන නරකක් කියා තිබේයයි කීවේය.


සමාදානය නැතුව තිබෙද්දී: සමාදානයය, සමාදානයය කියා මාගේ සෙනඟගේ තුවාලයද ඔව්හු මඳක් සුවකර තිබේ.


ඔව්හු පිළිකුල් දේ කළ නිසා ලජ්ජාවූවෝද? නැත, ඔවුන් කොහෙත්ම ලජ්ජාවුණේවත් ඔවුන්ට නින්දාව දැනුණේවත් නැත. එබැවින් වැටෙන්නන් අතරේ ඔවුන් වැටෙනවා ඇත. මා විසින් ඔවුන්ට දඬුවම්කරන කාලයෙහි ඔව්හු පැකිල වැටෙන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඔවුන් තමුන්ගේ අයුතුකම දරනවා ඇත. අනාගතවක්තෘගේ අපරාධය ඔහුගෙන් විභාගකරන්නාගේ අපරාධය මෙන් වන්නේය.


දඬුවම්කිරීමේ දවස් පැමිණ තිබේ, ප්‍රතිඵල දීමේ දවස් පැමිණ තිබේ; ඉශ්‍රායෙල් ඒක දැනගන්නවා ඇත. ප්‍රොපේත තෙම අඥානයෙක්ය, ආත්මය ඇති මනුෂ්‍යයා උමතු කෙනෙක්ය. (මෙසේ වන්නේ) නුඹේ අයුතුකමේ මහත්කමද එදිරිකාරකමේ අධිකකමද නිසාය.


නුමුත් යමෙක් නැවත අනාගතවාක්‍ය කීවොත් ඔහුගේ පියාත් ඔහුගේ මවුත් වන ඔහු ඉපදෙවූ අයම: නුඹ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් බොරුවූ දේ කථාකරන බැවින් නුඹට ජීවත්වෙන්ට නොලැබේයයි ඔහුට කියා, ඔහු අනාගතවාක්‍ය කියන විට ඔහුගේ පියාත් ඔහුගේ මවුත් වන ඔහු ඉපදෙවූ අයම ඔහුට ඇන මරනවා ඇත.


මාගේ අතද නිෂ්ඵල දේ දකින්නාවූ බොරු දිවස් කියන්නාවූ අනාගතවක්තෘවරුන්ට විරුද්ධවන්නේය. ඔව්හු මාගේ සෙනඟගේ සභාවේ නොසිටින්නෝය. ඉශ්‍රායෙල් වංශයේ ලේකම් පොතේ ලියනු නොලබන්නෝය, ඉශ්‍රායෙල් රටට ඇතුල් නොවන්නෝය; මෙසේ මා ස්වාමිවූ දෙවියන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.


මෙසේ කරන්නේ මුළු ඉශ්‍රායෙල් වංශය තමුන්ගේ දේවරූප කරණකොටගෙන මාගෙන් වෙන්ව ගිය බැවින් ඔවුන්ගේ සිත් තුළෙහිම ඔවුන් අසුකරන පිණිසය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්