ඔහුද: ස්වාමීන්වහන්සේ කී කාරණය මේය, හෙට දවස ගරුමයවූ නිවාඩුවක්ය, ස්වාමීන්වහන්සේට ශුද්ධ සබතක්ය. පුළුස්සන දේ පුළුස්සා ගන්න, තම්බන දේ තම්බා ගන්න; ඉතුරුව තිබෙන සියල්ල පසුවදා උදය දක්වා තිබෙන්ට නුඹලා ළඟ තබාගන්නැයි ඔවුන්ට කීවේය.
ලෙවී කථාව 23:3 - Sinhala Revised Old Version සදවසක් වැඩකරන්ට පුළුවන. එහෙත් සත්වෙනි දවසේ ගරුමය නිවාඩුවේ සබත්ය, ශුද්ධ සභා රැස්වීමක්ය; නුඹලා කිසිම වැඩක් නොකරන්න. එය නුඹලාගේ සියලු වාසස්ථානවල ස්වාමීන්වහන්සේට පැවැත්විය යුතු සබතක්ය. Sinhala New Revised Version “දවස් හයක් වැඩ කළ යුතු ය. හත් වන දින වන්දනාමාන පිණිස රැස්වීම් පවත්වන නිවාඩුවේ සබත් දිනය ය. එදින කිසි ම වැඩක් නොකළ යුතු ය. නුඹලා සියලු දෙන කොතැනක වාසය කළත්, එදින සමිඳාණන් වහන්සේට අයිති සබත් දින වේ. Sinhala New Revised Version 2018 “දවස් හයක් වැඩ කළ යුතු ය. හත් වන දින වන්දනාමාන පිණිස රැස්වීම් පවත්වන නිවාඩුවේ සබත් දිනය ය. එදින කිසි ම වැඩක් නොකළ යුතු ය. නුඹලා සියලු දෙන කොතැනක වාසය කළත්, එදින සමිඳාණන් වහන්සේට අයිති සබත් දින වේ. |
ඔහුද: ස්වාමීන්වහන්සේ කී කාරණය මේය, හෙට දවස ගරුමයවූ නිවාඩුවක්ය, ස්වාමීන්වහන්සේට ශුද්ධ සබතක්ය. පුළුස්සන දේ පුළුස්සා ගන්න, තම්බන දේ තම්බා ගන්න; ඉතුරුව තිබෙන සියල්ල පසුවදා උදය දක්වා තිබෙන්ට නුඹලා ළඟ තබාගන්නැයි ඔවුන්ට කීවේය.
බලන්න, ස්වාමීන්වහන්සේ නුඹලාට සබත් දවස දුන්සේක, එබැවින් උන්වහන්සේ සවෙනි දවසේදී දෙදවසක ආහාර නුඹලාට දෙනසේක; එකිනෙකා තම තමාගේ ස්ථානයේ නැවතී සිටිනු මිස සත්වෙනි දවසෙහි තමාගේ ඉඩමෙන් කිසිවෙක් නොයේවයි කීසේක.
සදවසක් නුඹේ වැඩ කරගන්න, එහෙත් නුඹේ ගවයාට සහ නුඹේ කොටළුවාට නිවාඩු ලැබෙන පිණිසද නුඹේ වැඩකාරීගේ පුත්‍රයා සහ විදේශියාත් පහසු ලබන පිණිසද සත්වෙනි දවසේ නිවාඩුගන්න.
නුඹ සදවසක් වැඩකොට සත්වෙනි දින නිවාඩු ගත යුතුය. හාන කාලයෙත් ගොයම් කපන කාලයෙත් ඒ දින නිවාඩු ගත යුතුය.
මෙය කරන මනුෂ්‍යයාද මෙය අල්ලාගන සිටිමින්, සබත් දවස කඩනොකර එය පවත්වන්නාවූ, කිසි නපුරක් නොකරන ලෙස තමාගේ අත වලක්වාගන්නාවූ මනුෂ්‍ය පුත්‍රයාද වාසනාවන්තය.
ස්වාමීන්වහන්සේට මෙහෙකරන්ටත් උන්වහන්සේගේ නාමයට ප්‍රේමකරන්ටත් උන්වහන්සේගේ සේවකයන්ව සිටින්ටත් ස්වාමීන්වහන්සේට එකතුවන්නාවූ, සබත් දවස කඩනොකර ඒක රක්ෂාකරන්නාවූ, මාගේ ගිවිසුම ස්ථිරලෙස පවත්වන්නාවූ විදේශීන්ද,
නුඹ මාගේ ශුද්ධ දවසේදී නුඹේම කැමැත්ත නොකරන හැටියට නුඹේ පාද සබත් දවසේදී නවත්වාගන, සබත් දවස ප්‍රිය එකක්ය කියාද ස්වාමීන්වහන්සේගේ ශුද්ධ දවස ගෞරවණීය එකක්ය කියාද කියන්නෙහි නම්, නුඹේම මාර්ගවල නොහැසිර නුඹේම කැමැත්ත නොසොයා, හිස් වචන කථා නොකර, ඊට ගෞරවකරන්නෙහි නම්,
නුඹලා එකිනෙකා තමතමාගේ මවුටද පියාටද භයවිය යුතුය, මාගේ සබත් රක්ෂාකළ යුතුය. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
යේසුස්වහන්සේ සබත් දවසේදී සුවකළ බැවින් සිනගෝගයේ මුලාදෑනියා කෝපව, සමූහයාට උත්තරදෙමින්: වැඩකළ යුතුවූ සදවසක් ඇත. ඒ නිසා සබත් දවසේ නොව ඒ දවස්වල ඇවිත් සුවය ලබාගන්නැයි කීවේය.
ඔව්හු හැරී ඇවිත් සුගන්ධ ද්‍රව්‍යද සුවඳ තෙල්ද සූදානම්කළෝය. ඔව්හු ආඥාව ලෙස සබත් දවසේ නිවාඩු ගත්තෝය.
මක්නිසාද ආදි පරම්පරාවල සිට මෝසෙස්ගේ ව්‍යවස්ථාව ප්‍රකාශකරන්නෝ සියලු නුවරවල සිටිති, ඔව්හු සියලු සබත් දවස්වල එය සිනගෝගවලදී කියවතියි කීවේය.