Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 23:3 - Sinhala New Revised Version

3 “දවස් හයක් වැඩ කළ යුතු ය. හත් වන දින වන්දනාමාන පිණිස රැස්වීම් පවත්වන නිවාඩුවේ සබත් දිනය ය. එදින කිසි ම වැඩක් නොකළ යුතු ය. නුඹලා සියලු දෙන කොතැනක වාසය කළත්, එදින සමිඳාණන් වහන්සේට අයිති සබත් දින වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 “දවස් හයක් වැඩ කළ යුතු ය. හත් වන දින වන්දනාමාන පිණිස රැස්වීම් පවත්වන නිවාඩුවේ සබත් දිනය ය. එදින කිසි ම වැඩක් නොකළ යුතු ය. නුඹලා සියලු දෙන කොතැනක වාසය කළත්, එදින සමිඳාණන් වහන්සේට අයිති සබත් දින වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 සදවසක් වැඩකරන්ට පුළුවන. එහෙත් සත්වෙනි දවසේ ගරුමය නිවාඩුවේ සබත්ය, ශුද්ධ සභා රැස්වීමක්ය; නුඹලා කිසිම වැඩක් නොකරන්න. එය නුඹලාගේ සියලු වාසස්ථානවල ස්වාමීන්වහන්සේට පැවැත්විය යුතු සබතක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 23:3
17 හුවමාරු යොමු  

නුඹලා එකිනෙකා තම තමාගේ පියාට හා මවට ගෞරව දැක්විය යුතු ය. සබත් දවස පැවැත්විය යුතු ය. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.


දින හයක් නුඹ වැඩ කොට, හත් වන දින නුඹේ ගවයාට සහ කොටළුවාට විවේකය ලැබෙන පිණිසත්, නුඹේ දාසියගේ පුතුට හා විදේශිකයාට ශරීර ශක්තිය ලැබෙන පිණිසත් නුඹ විවේක ගත යුතු ය.


ජේසුස් වහන්සේ සබත් දිනයේ දී සුව කළ බැවින් ධර්මශාලා නායකයා කෝප ව සමූහයා අමතා, “වැඩපල සඳහා සදවසක් ඇත. සබත් දිනයේ නොව වෙන දවස්වල අවුත් සුවය ලබාගන්නැ”යි ඔවුන්ට කී ය.


“දවස් හයක් නුඹ වැඩ කර, හත් වන දවසේ නිවාඩු ගත යුතු ය. සීසාන කාලයේ හෝ අස්වැන්න නෙළන කාලයේ හෝ වුවද එදින නිවාඩු ගත යුතු ය.


සමිඳාණන් වහන්සේගේ දවසේ දී මම ආත්මයාණන් වහන්සේ තුළ සිටියෙමි. එවිට හොරණෑ හඬක් වැනි මහත් ශබ්දයක් මා පිටුපසින් ඇසිණි.


මන්ද, ආදි පරම්පරාවල සිට ම මෝසෙස්ගේ ව්‍යවස්ථාව ප්‍රකාශ කරන්නෝ සියලු නගරවල සිටිති. ඔව්හු සියලු සබත් දිනවල එය ධර්මශාලාවල දී කියවති”යි කී ය.


ඔව්හු ආපසු අවුත් සුගන්ධ ද්‍රව්‍ය හා විලේපන සූදානම් කළහ. ව්‍යවස්ථාවට අනුකූල ව ඔව්හු සබත් දවසේ නිවාඩු ගත්හ.


සමිඳාණෝ මෙසේ වදාරන සේක: “නුඹලා සබත් දවස ශුද්ධ ලෙස පවත්වා, ඒ දවසේ දී නුඹගේ කැමැත්ත නොකර, සමිඳුන්ගේ සබත ප්‍රිය වන ගෞරවණීය දවසක් යයි කියන්නහු නම්, ඒ දවසේ දී ගමන් බිමන් නොගොස්, ගනුදෙනු නොකර, අල්ලාප සල්ලාප නොදොඩා ඒ දවසට ගෞරව කරන්නහු නම්,


සමිඳුන්ට සේවය කර, එතුමන්ට ප්‍රේම කර, එතුමන්ගේ මෙහෙකරුවන් වන පිණිස එතුමන් සරණ ගිය, සබත් දවස පවත්වා එය නොකෙලසන මාගේ ගිවිසුම ස්ථිර ව පවත්වන විදේශිකයන් ද මාගේ ශුද්ධ කන්දට පමුණුවා, මාගේ යාච්ඤා ගෘහයෙහි ප්‍රීති කරවන්නෙමි.


මේ දේ කරන, එහි නිරත ව සිටින, සබත් දවස පවත්වන, එය නොකෙලසන, නපුර කිරීමෙන් වැළකී සිටින මිනිසා, මැරෙන සුලු මිනිසා, භාග්‍යවන්ත ය.”


බලන්න, මම නුඹට සබත් දිනය දුන් බැවින් හය වන දවසේ දී මම නුඹට දෙදවසක ආහාර දෙමි. සබත් දින නුඹලා සැම කෙනෙක් ම තම තමා සිටින තැන ම නැවතී සිටිය යුතු ය. කිසිවෙකු තම නිවසින් පිටත නොයා යුතු ය”යි වදාළ සේක.


ඔහු ඔවුන් අමතමින්, “සමිඳාණන් වහන්සේ අණ කරන දේ මේ ය. එනම්, ‘හෙට වනාහි නිවාඩු දිනයකි, සමිඳාණන් වහන්සේට කැප කරන ලද සබත් දිනයකි. එබැවින් පිළිස්සීමට අවශ්‍ය නම්, පුළුස්සන්න, තැම්බීමට උවමනා යමක් නම්, තම්බන්න. ඉතිරි වන දේ ඔබේ ප්‍රයෝජනයට ගන්නා පිණිස හෙට වෙන තෙක් පැත්තකට කර තබාගන්නැ”යි කී ය.


එබැවින් සෙනඟ හත් වන දින නිවාඩු ගත්හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්