Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 16:29 - Sinhala Revised Old Version

29 බලන්න, ස්වාමීන්වහන්සේ නුඹලාට සබත් දවස දුන්සේක, එබැවින් උන්වහන්සේ සවෙනි දවසේදී දෙදවසක ආහාර නුඹලාට දෙනසේක; එකිනෙකා තම තමාගේ ස්ථානයේ නැවතී සිටිනු මිස සත්වෙනි දවසෙහි තමාගේ ඉඩමෙන් කිසිවෙක් නොයේවයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 බලන්න, මම නුඹට සබත් දිනය දුන් බැවින් හය වන දවසේ දී මම නුඹට දෙදවසක ආහාර දෙමි. සබත් දින නුඹලා සැම කෙනෙක් ම තම තමා සිටින තැන ම නැවතී සිටිය යුතු ය. කිසිවෙකු තම නිවසින් පිටත නොයා යුතු ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 බලන්න, මම නුඹට සබත් දිනය දුන් බැවින් හය වන දවසේ දී මම නුඹට දෙදවසක ආහාර දෙමි. සබත් දින නුඹලා සැම කෙනෙක් ම තම තමා සිටින තැන ම නැවතී සිටිය යුතු ය. කිසිවෙකු තම නිවසින් පිටත නොයා යුතු ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 16:29
9 හුවමාරු යොමු  

නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින්: සැබවින් නුඹලා මාගේ සබත් රක්ෂාකළ යුතුය. මක්නිසාද නුඹලා විශුද්ධකරන්නාවූ ස්වාමීන්වහන්සේ මමයයි නුඹලා දැනගන්නා පිණිස ඒක නුඹලාගේ පරම්පරාවල නුඹලා සහ මා අතරෙහි ලකුණක්ය.


තවද මම ඔවුන් විශුද්ධකරන ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්න පිණිස, මා සහ ඔවුන් අතරේ සලකුණක්ව තිබෙන්ට මාගේ සබත් ඔවුන්ට දුනිමි.


ඔව්හු හැරී ඇවිත් සුගන්ධ ද්‍රව්‍යද සුවඳ තෙල්ද සූදානම්කළෝය. ඔව්හු ආඥාව ලෙස සබත් දවසේ නිවාඩු ගත්තෝය.


ඔබගේ මෙහෙකරුවාවූ මෝසෙස් ලවා ඔබගේ ශුද්ධවූ සබත් දවස්ද ඔබ ඔවුන්ට දන්වා, ආඥාද පනත්ද ව්‍යවස්ථාවක්ද ඔවුන්ට නියමකළසේක.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹලා මාගේ ආඥාද ව්‍යවස්ථාද පවත්වන්ට කොපමණ කල් අකැමැතිව සිටිනවාද?


මෙසේ සෙනඟ සත්වෙනි දවසෙහි නිවාඩුගත්තෝය.


හවෙනි අවුරුද්දේ තුන් අවුරුද්දකට අස්වැන්න ලැබෙන හැටියට මාගේ ආශීර්වාදය නුඹලා කෙරෙහි පැමිණෙන්ට අණකරන්නෙමි.


නුඹලාගේ පලායාම ශීත කාලයේවත් සබත් දවසකවත් නොවන ලෙස යාච්ඤාකරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්