එහෙත් උන්වහන්සේ පොඩිකරන්ට ස්වාමීන්වහන්සේ කැමතිව දුකට පත්කළසේක. ඔබ උන්වහන්සේගේ ප්‍රාණය පාප-පූජාවක් කරන විට උන්වහන්සේ තමන්ගේ වංශය දැක තමන් දවස් වැඩිකරනසේක, ස්වාමීන්වහන්සේගේ කැමැත්තද උන්වහන්සේගේ අතෙහි සඵලවන්නේය.
ලෙවී කථාව 23:28 - Sinhala Revised Old Version නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹලා උදෙසා සමගිකමක් කරන පිණිස එය සමඟි කිරීමේ දවසක් නිසා ඒ දවසේදී කිසිම වැඩක් නොකළ යුතුය. Sinhala New Revised Version එදින කිසි ම වැඩක් නොකළ යුතු ය. එදින නුඹලා දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නුඹලා උදෙසා පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කරන දිනයකි. Sinhala New Revised Version 2018 එදින කිසි ම වැඩක් නොකළ යුතු ය. එදින නුඹලා දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නුඹලා උදෙසා පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කරන දිනයකි. |
එහෙත් උන්වහන්සේ පොඩිකරන්ට ස්වාමීන්වහන්සේ කැමතිව දුකට පත්කළසේක. ඔබ උන්වහන්සේගේ ප්‍රාණය පාප-පූජාවක් කරන විට උන්වහන්සේ තමන්ගේ වංශය දැක තමන් දවස් වැඩිකරනසේක, ස්වාමීන්වහන්සේගේ කැමැත්තද උන්වහන්සේගේ අතෙහි සඵලවන්නේය.
වරද තීන්දුකරන්ටත් පව් කෙළවරකරන්ටත් අපරාධය උදෙසා සමඟිකමක්කරන්ටත් සදාකාල ධර්මිෂ්ඨකම පමුණුවන්ටත් දර්ශනය සහ අනාගතවාක්‍යය මුද්‍රකර තබන්ටත් අති ශුද්ධස්ථානය ආලේපකරන්ටත් නුඹේ සෙනඟත් නුඹේ ශුද්ධවූ නුවරත් ගැන සති සැත්තෑවක් නියමකර තිබේ.
මක්නිසාද නුඹලාගේ සියලු පාපවලින් නුඹලා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පවිත්‍රවෙන පිණිස නුඹලා පවිත්‍රකරනු ලැබීමට ඒ දවසේ නුඹලා උදෙසා සමගිකමක් කරනු ලබන්නේය.
අති ශුද්ධස්ථානය උදෙසා සමගිකමක් කළ යුතුය, සම්මුඛවීමේ කූඩාරමද පූජාසනයද පූජකයින්ද සභාවේ සියලු සෙනඟද උදෙසාත් සමගිකමක් කළ යුතුය.
ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා ඔවුන්ගේ සියලු පව් ගැන අවුරුද්දකට වරක් සමගිකමක් කරන පිණිස මේක නුඹලාට නිරන්තර පනතක් වන්නේයයි කීසේක. ඔහු ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළලෙස කෙළේය.
ඒ කෙසේ වුවත් මේ සත්වෙනි මස දසවෙනි දින සමගිකමක් කිරීමේ දවසය. නුඹලා ශුද්ධ සභා රැස්වීමක් පැවැත්විය යුතුය, නුඹලාගේ ආත්මවලට දුක්දී ස්වාමීන්වහන්සේට ගිනි පූජාවක් ඔප්පුකළ යුතුය.
මෙන්න, යෝෂුවා ඉදිරියේ මා විසින් තබා තිබෙන ගල වූ ඒ එක ගල පිට ඇස් සතක් ඇත්තේය. මම්ම එහි කැටයම්කරන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක, ඒ දේශයේ අපරාධය එක දවසකින් පහකරන්නෙමි.
ඒ කැමැත්ත පරිද්දෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය එකම වරක් පූජාකිරීම කරණකොටගෙන අපි පිරිසිදුකරනු ලැබ සිටිමුව.
එළුවන්ගෙත් වස්සන්ගෙත් ලේ කරණකොටගෙන නොව තමන්ගේම ලේ කරණකොටගෙන, අප උදෙසා සදාකාල මිදීම ලබාගෙන එකම වරක් ශුද්ධස්ථානයට ඇතුල්වූසේක.
එසේ ඇතුල්වෙන්ට නම් උන්වහන්සේ ලෝකයේ මැවීමේ පටන් නොයෙක්වර වධවිඳින්ට ඕනෑව තිබුණේය. නුමුත් තමන්ම පූජාකිරීම කරණකොටගෙන පාපය පහකරන පිණිස උන්වහන්සේ කාලයන්ගේ කෙළවරදී එක වරක් ප්‍රකාශවූසේක.
උන්වහන්සේ අපේ පව් උදෙසා ශාන්තිකර පූජාවය; අපේ පව් උදෙසා පමණක් නොව මුළු ලෝකයාත් උදෙසාය.
ප්‍රේමය මේය, එනම් අප දෙවියන්වහන්සේට ප්‍රේමකළා නොව උන්වහන්සේ අපට ප්‍රේමකොට, අපේ පව් උදෙසා ශාන්තිකර පූජාව වන පිණිස තමන්ගේ පුත්‍රයා එවූ බවය.
වතුර සහ ලේ කරණකොටගෙන ආ තැනන්වහන්සේ නම් මුන්වහන්සේය, එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේය; වතුරෙන් පමණක් නොව වතුරෙන් සහ ලෙයින්ය.