Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 23:27 - Sinhala Revised Old Version

27 ඒ කෙසේ වුවත් මේ සත්වෙනි මස දසවෙනි දින සමගිකමක් කිරීමේ දවසය. නුඹලා ශුද්ධ සභා රැස්වීමක් පැවැත්විය යුතුය, නුඹලාගේ ආත්මවලට දුක්දී ස්වාමීන්වහන්සේට ගිනි පූජාවක් ඔප්පුකළ යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 “හත් වන මාසයේ දස වන දින පව් කමාව ලැබීමේ පිළිවෙත ඉටු කරන දිනයකි. එදින නුඹලා ශුද්ධ නමස්කාරය සඳහා රැස්විය යුතු ය. එදින උපවාස කර, ගින්නෙන් දවා ආහාර පූජාවක් සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 “හත් වන මාසයේ දස වන දින පව් කමාව ලැබීමේ පිළිවෙත ඉටු කරන දිනයකි. එදින නුඹලා ශුද්ධ නමස්කාරය සඳහා රැස්විය යුතු ය. එදින උපවාස කර, ගින්නෙන් දවා ආහාර පූජාවක් සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 23:27
19 හුවමාරු යොමු  

ආරොන් අවුරුද්දට වරක් එහි අං පිට සමඟිකමක් කරන්නේය. ඔහු නුඹලාගේ පරම්පරාවල අවුරුද්දට වරක් සමඟිකමේ පාප පූජාවේ ලෙයින් ඒක උදෙසා සමඟිකමක් කරන්නේය. ඒක ස්වාමීන්වහන්සේට අති ශුද්ධයයි කීසේක.


ශුද්ධ ඉඩමකදී වතුර නාවාගන, තමාගේ වස්ත්‍ර හැඳගන පිටතට අවුත්, තමාගේ දවන පූජාවද සෙනඟගේ දවන පූජාවද ඔප්පුකර, තමා උදෙසාද සෙනඟ උදෙසාද සමගිකමක් කරන්නේය.


එවිට ඔහු සෙනඟ උදෙසා වූ පාප පූජාවේ එළුවා මරා උගේ ලේ තිරයෙන් ඇතුළට ගෙනගොස් ගොනාගේ ලෙයින් කළ ලෙසම උගේ ලෙයිනුත් කරමින් කරුණාසනය පිටද කරුණාසනය ඉදිරියෙහිද ඉසින්නේය.


දාවිත්ගේ වංශය කෙරෙහිද යෙරුසලමේ වැසියන් කෙරෙහිද කරුණාවේ හා කන්නලව්කිරීමේ ආත්මය වගුරුවන්නෙමි; ඔවුන් තමුන් විසින් ඇන්නාවූ තැනැත්තා වන මා දෙස බලාසිට, එකම පුත්‍රයෙකු ගැන වැලපෙන්නාක් මෙන් උන්වහන්සේ ගැන වැලපෙනවා ඇත, කුලුඳුලා ගැන ශෝකවෙන්නාක් මෙන් උන්වහන්සේ ගැන ශෝකවෙනවා ඇත.


මනුෂ්‍යයෙක් තමාගේ ප්‍රාණය යටත්කරගන්න දවසක් වන මා විසින් තෝරාගත් උපවාසය එයාකාරද? එය තමාගේ හිස පන් ගසක් මෙන් නමාගෙන, ගෝණිරෙදි සහ අළු අතුරාගන හිදීමද? මීට උපවාසයක් සහ ස්වාමීන්වහන්සේට ප්‍රසන්නවූ දවසක්යයි නුඹ කියනවාද?


එවිට අපේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි යටහත්වී අපටත් අපේ බාලයන්ටත් අපේ සියලු සම්පත්වලටත් සඵලවත් ගමනක් ලැබෙන හැටියට උන්වහන්සේගෙන් ඉල්ලන පිණිස එහි අහවා ගංගාව ළඟදී උපවාසයක් ප්‍රසිද්ධකෙළෙමි.


පසුව සත්වෙනි මාසයේ දසවෙනි දින හොරණෑ ශබ්දය සෑම තැනම පවත්වන්න; සමගිකමක් කිරීමේ දවසේදී නුඹලාගේ දේශය මුළුල්ලේ හොරණෑව පිඹින්න.


ආරොන් තමා උදෙසා වූ පාප පූජාවේ ගොනා ඔප්පුකොට, තමා උදෙසාද තමාගේ පවුල උදෙසාද සමගිකමක් කරමින්, තමා උදෙසා වූ පාප පූජාවේ ගොනා මරන්නේය.


දුක්වෙමින් වැලපෙමින් හඬන්න. නුඹලාගේ සිනාසීම ශෝකයටත් නුඹලාගේ ප්‍රීතිය කනගාටුවටත් හැරේවා.


මම වනාහි ඔවුන් රෝගාතුරවූ කල ගෝණිරෙදි ඇන්දෙමි. නිරාහාරව සිටීමෙන් මාගේ ආත්මයට පීඩාකරගතිමි; මාගේ යාච්ඤාවද මාගේම ළයට හැරී ආයේය.


බොහෝ කල් ගතවී උපවාසය පසුවූ බැවින් මුහුදේ ගමන අන්තරාය සහිතවූයෙන්, පාවුල් ඔවුන්ට දැනමුතුකම් දෙමින්:


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට තවත් කථාකොට කියනසේක්:


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹලා උදෙසා සමගිකමක් කරන පිණිස එය සමඟි කිරීමේ දවසක් නිසා ඒ දවසේදී කිසිම වැඩක් නොකළ යුතුය.


එසේ ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ අපවිත්‍රකම් නිසාද ඔවුන්ගේ සියලු අපරාධයන් එනම් ඔවුන්ගේ සියලු පව් නිසාද ශුද්ධස්ථානය උදෙසා සමගිකමක් කරන්නේය. ඔවුන් අතරේ ඔවුන්ගේ අපවිත්‍රකම් මැද පිහිටා තිබෙන සම්මුඛවීමේ කූඩාරමටත් එසේම කළ යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්