Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 16:30 - Sinhala Revised Old Version

30 මක්නිසාද නුඹලාගේ සියලු පාපවලින් නුඹලා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පවිත්‍රවෙන පිණිස නුඹලා පවිත්‍රකරනු ලැබීමට ඒ දවසේ නුඹලා උදෙසා සමගිකමක් කරනු ලබන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 එදින පූජකවරයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නුඹලාගේ සියලු පාපවලින් නුඹලා පවිත්‍ර කරනු පිණිස, පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 එදින පූජකවරයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නුඹලාගේ සියලු පාපවලින් නුඹලා පවිත්‍ර කරනු පිණිස, පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 16:30
12 හුවමාරු යොමු  

ඔවුන් මට විරුද්ධව කළාවූ ඔවුන්ගේ සියලු අයුතුකමෙන් ඔවුන් පිරිසිදුකරන්නෙමි; මට විරුද්ධව පව්කිරීමෙන්ද මට විරුද්ධව ද්‍රෝහිකම්කිරීමෙන්ද කළාවූ ඔවුන්ගේ සියලුම අයුතුකම් ඔවුන්ට කමාකරන්නෙමි.


එසේ කළේ සභාව ශුද්ධව, කැලලක් හෝ රැළි හෝ එබඳු යමක් නැතුව,


මාගේ අයුතුකමින් මා සම්පූර්ණයෙන්ම සේදුව මැනව, මාගේ පාපයෙන් මා පිරිසිදුකළ මැනව.


උන්වහන්සේ සියලු අධර්මිෂ්ඨකම්වලින් අප මුදා, යහපත් ක්‍රියා ගැන ජ්වලිතවූ සෙනඟක් ස්වකීය සම්පතක් කොට පවිත්‍රකරගන්න පිණිස, අප උදෙසා තමන්ම දුන්සේක.


දෙවියන්වහන්ස, පවිත්‍ර සිතක් මා තුළ මැවුව මැනව; ස්ථිර ආත්මයක් මා තුළෙහි අලුතෙන් සෑදුව මැනව.


හිසොපින් මා පිරිසිදුකළ මැනව, එවිට මම පවිත්‍රවන්නෙමි. මා සේදුව මැනව. එවිට මම හිමට වඩා සුදුවන්නෙමි.


ඒ කෙසේ වුවත් මේ සත්වෙනි මස දසවෙනි දින සමගිකමක් කිරීමේ දවසය. නුඹලා ශුද්ධ සභා රැස්වීමක් පැවැත්විය යුතුය, නුඹලාගේ ආත්මවලට දුක්දී ස්වාමීන්වහන්සේට ගිනි පූජාවක් ඔප්පුකළ යුතුය.


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹලා උදෙසා සමගිකමක් කරන පිණිස එය සමඟි කිරීමේ දවසක් නිසා ඒ දවසේදී කිසිම වැඩක් නොකළ යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්