මෙසේ සියලු ඉශ්‍රායෙල්වරු ඔල්වර හඬත් හොරණෑ-ශබ්දයත් ඇතුව, නළාවලිනුත් අත්තල්වලිනුත් වීණාවලිනුත් මහ වීණාවලිනුත් ශබ්ද පවත්වමින්, ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනාවෝය.
ලෙවී කථාව 23:24 - Sinhala Revised Old Version ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින් මෙසේ කියන්න–සත්වෙනි මස පළමුවෙනි දින නුඹලාට ගරුමය නිවාඩුවක්ද හොරණෑ පිඹීමේ සිහිවීමක්ද ශුද්ධ සභා රැස්වීමක්ද වන්නේය. Sinhala New Revised Version “හත් වන මාසයේ පළමු වන දින දී නුඹලා විශේෂ සබත් දවසක් පැවැත්විය යුතු ය. හොරණෑ නද දෙන විට ශුද්ධ නමස්කාරය සඳහා රැස්විය යුතු ය. Sinhala New Revised Version 2018 “හත් වන මාසයේ පළමු වන දින දී නුඹලා විශේෂ සබත් දවසක් පැවැත්විය යුතු ය. හොරණෑ නද දෙන විට ශුද්ධ නමස්කාරය සඳහා රැස්විය යුතු ය. |
මෙසේ සියලු ඉශ්‍රායෙල්වරු ඔල්වර හඬත් හොරණෑ-ශබ්දයත් ඇතුව, නළාවලිනුත් අත්තල්වලිනුත් වීණාවලිනුත් මහ වීණාවලිනුත් ශබ්ද පවත්වමින්, ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනාවෝය.
එවිට පූජකයන් ශුද්ධස්ථානයේ සිට පිටතට අවුත් ස්වාමීන්වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමට නළා පිඹින්නන් හා ගීතිකාකාරයන් එක ශබ්දයක් ඇසෙන පිණිස එක්කෙනෙකු මෙන් සිට, නළාවලින්ද අත්තල්වලින්ද වෙනත් තූර්ය භාණ්ඩවලින්ද: මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේය කියා ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකිරීමෙන් ශබ්ද පැවැත්වූ කල, ගෘහය වලාපටලයෙන් පිරීගියේය.
ඔව්හු හත්වෙනි මාසයේ පළමුවෙනිදා පටන් ස්වාමීන්වහන්සේට දවන පූජා ඔප්පුකරන්ට පටන්ගත්තෝය. නුමුත් ස්වාමීන්වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම ඒ වනතෙක් නොදමනලද්දේය.
පූජකයාවූ එස්රාද හත්වෙනි මාසයේ පළමුවෙනිදා සභාව ඉදිරියට එනම් පුරුෂයන්ද ස්ත්‍රීන්ද අසා තේරුම්ගන්ට පුළුවන්වූ සියල්ලන්ද ඉදිරියට ව්‍යවස්ථාපොත ගෙනවුත්,
ප්‍රීතිමත් හඬ දන්නාවූ සෙනඟ ආශීර්වාදලද්දෝය. ස්වාමිනි, ඔව්හු ඔබගේ මුහුණේ එළියෙහි හැසිරෙති.
තවද ඒ දවසෙහි මහත් හොරණෑවක් පිඹිනු ලැබේ; එවිට අෂූර් දේශයෙහි නැතිවීයන්ට ළංව සිටි අයද මිසර දේශයෙහි පන්වනු ලැබ සිටි අයද ඇවිත් යෙරුසලමේ ශුද්ධ කන්දෙහි ස්වාමීන්වහන්සේට නමස්කාරකරන්නෝය.
පසුව සත්වෙනි මාසයේ දසවෙනි දින හොරණෑ ශබ්දය සෑම තැනම පවත්වන්න; සමගිකමක් කිරීමේ දවසේදී නුඹලාගේ දේශය මුළුල්ලේ හොරණෑව පිඹින්න.
ඇසිපිය හෙළන ක්ෂණයකින්, අපි සියල්ලෝම වෙනස්කරනු ලබන්නෙමුව. මක්නිසාද හොරණෑව පිඹිනු ලබන්නේය, එකල මළාහු නොදිරන ස්වභාවෙන් යුක්තව නැගුටුවනු ලබන්නෝය, අපිද වෙනස්කරනු ලබන්නෙමුව,
මක්නිසාද ස්වාමීන්වහන්සේම මහත් ශබ්දයක්ද උත්තම දේවදූතයෙකුගේ හඬද දෙවියන්වහන්සේගේ හොරණෑ නාදයද ඇතුව ස්වර්ගයෙන් බස්නාසේක. ක්‍රිස්තුස්වහන්සේ තුළ මළාවූ අය පළමුකොට නැගිටින්නෝය.