Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 15:52 - Sinhala Revised Old Version

52 ඇසිපිය හෙළන ක්ෂණයකින්, අපි සියල්ලෝම වෙනස්කරනු ලබන්නෙමුව. මක්නිසාද හොරණෑව පිඹිනු ලබන්නේය, එකල මළාහු නොදිරන ස්වභාවෙන් යුක්තව නැගුටුවනු ලබන්නෝය, අපිද වෙනස්කරනු ලබන්නෙමුව,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

52 මොහොතකින්, ඇසිපිය හෙළන සැණෙකින්, අපි සියල්ලෝ ම වෙනස් කරනු ලබන්නෙමු. මන්ද, හොරණෑව පිඹිනු ලබයි. එකල මියගිය අය අජරාමර ස්වභාවයෙන් උත්ථාන කරනු ලබන්නාහ. අපි ද වෙනස් කරනු ලබන්නෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

52 සැණෙක, ඇසි පිය ගසද්දී, අන්තිම හොරණෑ හඬ සමඟම එය වෙයි. මන්ද හොරණෑව හැඬවෙන කල, මළාහු අමරණ ස්වභාවයෙන් නැගිටුවනු ලබන්නෝ ය; අපිදු වෙනස් කරනු ලබන්නෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

52 මොහොතකින්, ඇසිපිය හෙළන සැණෙකින්, අපි සියල්ලෝ ම වෙනස් කරනු ලබන්නෙමු. මන්ද, හොරණෑව පිඹිනු ලබයි. එකල මියගිය අය කිසිදා නොදිරන ස්වභාවයෙන් උත්ථාන කරනු ලබන්නාහ. අපි ද වෙනස් කරනු ලබන්නෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 15:52
24 හුවමාරු යොමු  

උන්වහන්සේ මහත් හොරණෑ ශබ්දයක් ඇතුව තමන් දූතයන් එවනසේක, ඔව්හු අහසේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා සතර දිගින්ම උන්වහන්සේගේ තෝරාගත්තවුන් රැස්කරන්නෝය.


සැබවක් සැබවක් නුඹලාට කියමි–දෙවියන්වහන්සේගේ පුත්‍රයාගේ හඬ මළවුන්ට ඇසෙන පැය පැමිණෙන්නේය, දැනුත් පැමිණ තිබේ; අසන අය ජීවත්වන්නෝය.


මේ ගැන මවිත නොවෙන්න. මක්නිසාද සොහොන්ගෙවල්හි සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණ,


තවද ඒ දවසෙහි මහත් හොරණෑවක් පිඹිනු ලැබේ; එවිට අෂූර් දේශයෙහි නැතිවීයන්ට ළංව සිටි අයද මිසර දේශයෙහි පන්වනු ලැබ සිටි අයද ඇවිත් යෙරුසලමේ ශුද්ධ කන්දෙහි ස්වාමීන්වහන්සේට නමස්කාරකරන්නෝය.


එහෙත් සොරෙකුමෙන් ස්වාමීන්වහන්සේගේ දවස පැමිණෙන්නේය; ඒ දවසේදී අහස මහත් ඝෝෂාවකින් පහවයන්නේය, මහාභූතයෝද තද උෂ්ණයෙන් නාස්තිවී යන්නෝය, පොළොවද එහි තිබෙන කර්මාන්තද දාලායන්නේය.


මළවුන්ගෙන් නැගිටීමත් එසේමය. ජරාවෙන් යුක්තව වපුරනු ලැබේ; ජරාවෙන් වියුක්තව නැගුටුවනු ලැබේ.


ස්වාමීන්වහන්සේ ඔවුන්ට ඉහළින් පෙනෙනසේක, උන්වහන්සේගේ ඊගහද විදුලිය මෙන් විහිදෙන්නේය. ස්වාමිවූ දෙවියන්වහන්සේ හොරණෑව පිඹ, දකුණු දිශාවේ කුණාටුව ඇතුව යනවා ඇත.


තවද එක් රාජාලියෙක් අහස මැද පියාසරකරනවා දුටිමි. පිඹින්ට සිටින දේවදූතයන් තුන්දෙනාගේ ඉතුරු හොරණෑ ශබ්ද නිසා පොළොවේ වසන්නන්ට දුක්වේ, දුක්වේ, දුක්වේයයි මහත් ශබ්දයකින් කියනවාත් ඇසීමි.


ඉතින්, සහෝදරයෙනි, මාංසයට හා රුධිරයට දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකරගන්ට බැරි බවත් දිරන ස්වභාවට නොදිරන ස්වභාව උරුමකරගන්ට බැරි බවත් කියමි.


තවද දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිටින දේවදූතයන් සත්දෙනා දුටිමි; ඔවුන්ට හොරණෑ සතක් දෙනලද්දේය.


නුමුත් මුරකාරයා කඩුව පැමිණෙනවා දැක සෙනඟට දන්වන ලෙස හොරණෑව නොපිඹ සිටියොත්, කඩුව පැමිණ ඔවුන්ගෙන් යමෙකු පහකරන්ට යෙදුණොත්, ඔහු තමාගේ අයුතුකම නිසා පහකරනු ලැබේ, නුමුත් ඔහුගේ ලේ මුරකාරයාගේ අතින් අයකරන්නෙමියි කියන්න.


ලෝකයේ වැසියෝද පොළොවෙහි වාසයකරන්නෝද යන සියල්ලෙනි, කඳු පිට කොඩියක් ඔසවන විට බලන්න; හොරණෑව පිඹින විට අසන්න.


තුන්වෙනි දින උදය වූ කල ගිගිරුම්ද විදුලිද කන්ද පිට ඝන වලාකුළක්ද ඉතා තද හොරණෑ ශබ්දයක්ද විය; එවිට කඳවුරෙහි සිටිය මුළු සෙනඟ වෙවුලුවෝය.


දේශය පිටට කඩුව පැමිණෙනවා ඔහු දැක හොරණෑව පිඹ සෙනඟට දැන්වූ කල්හි,


ඔවුන් ක්ෂණයකින් ශුන්‍යවූ හැටි! භීතිවලින් ඔව්හු සහමුලින්ම විනාශ වූවෝය.


මුළු සෙනඟ ගිගුරුම්ද විදුලිද හොරණෑ ශබ්දයද කන්දෙන් දුම් නැගීමද දුටුවෝය. සෙනඟ ඒ දැක වෙවුලමින් දුරින් සිට,


එක හොරණෑවක් පමණක් පිම්බ කල ඉශ්‍රායෙල් දහස් ගණන්වල ප්‍රධානියෝ වන අධිපතීහු නුඹ වෙතට රැස්වෙත්වා.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට–නුඹලා තද කුළල් ඇති සෙනඟක්ය. මම එක මොහොතකට නුඹලා අතරට පැමිණියෙම් නම් නුඹලා නැති කරදමන්නෙමි. එබැවින් නුඹලාට කළයුතු දේ කිමෙක්දැයි දැනගන්නා පිණිස දැන් නුඹලාගේ ආභරණ නුඹලා වෙතින් පහකරන්නැයි කියන්නැයි කීසේක.


මා විසින් මේ සභාව ක්ෂණයකින් විනාශකරන පිණිස මොවුන් අතරෙන් අහක්වෙන්නැයි කීසේක.


මා විසින් මේ සභාව ක්ෂණයකින් විනාශ කරන පිණිස නුඹලා මොවුන් අතරෙන් වෙන්වන්නැයි කීසේක.


නුමුත් එක් එක් අය තම තමාගේම ක්‍රමයෙන්ය. ක්‍රිස්තුස්වහන්සේ නාඹුල් ඵලයය; ඉන්පසු, ක්‍රිස්තුස්වහන්සේගේ ඊමේදී, උන්වහන්සේ සන්තකවූවෝ (නැගිටින්නෝ)ය. එවිට කෙළවර පැමිණේ;


මක්නිසාද ස්වාමීන්වහන්සේගේ ඊම දක්වා ජීවත්ව ඉතුරුවෙන අපි සැතපුණු තැනැත්තන්ට කිසිසේත් ඉස්සර නොවන්නෙමුයයි ස්වාමීන්වහන්සේගේ වචනයෙන් අපි නුඹලාට කියමුව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්