Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 23:24 - Sinhala New Revised Version

24 “හත් වන මාසයේ පළමු වන දින දී නුඹලා විශේෂ සබත් දවසක් පැවැත්විය යුතු ය. හොරණෑ නද දෙන විට ශුද්ධ නමස්කාරය සඳහා රැස්විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 “හත් වන මාසයේ පළමු වන දින දී නුඹලා විශේෂ සබත් දවසක් පැවැත්විය යුතු ය. හොරණෑ නද දෙන විට ශුද්ධ නමස්කාරය සඳහා රැස්විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින් මෙසේ කියන්න–සත්වෙනි මස පළමුවෙනි දින නුඹලාට ගරුමය නිවාඩුවක්ද හොරණෑ පිඹීමේ සිහිවීමක්ද ශුද්ධ සභා රැස්වීමක්ද වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 23:24
14 හුවමාරු යොමු  

මොහොතකින්, ඇසිපිය හෙළන සැණෙකින්, අපි සියල්ලෝ ම වෙනස් කරනු ලබන්නෙමු. මන්ද, හොරණෑව පිඹිනු ලබයි. එකල මියගිය අය අජරාමර ස්වභාවයෙන් උත්ථාන කරනු ලබන්නාහ. අපි ද වෙනස් කරනු ලබන්නෙමු.


මන්ද, සමිඳාණන් වහන්සේ ම අණ දීමේ ශබ්දය ද, අග්‍ර දේව දූතයෙකුගේ හඬ ද, දෙවියන් වහන්සේගේ හොරණෑ නාදය ද ඇතිව ස්වර්ගයෙන් බැස වදාරන සේක. ක්‍රිස්තුන් වහන්සේ අදහමින් උන් වහන්සේ තුළ සැතපුණු අය පළමුකොට නැඟිටින්නෝ ය.


එවිට හත් වන මාසයේ දහ වන දින, එනම්, පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කරන දින, මුළු රට පුරා හොරණෑව රැව් පිළිරැව් දීමට සැලැස්විය යුතු ය.


හොරණෑ හා නළා හඬින් ද රජාණන් වන සමිඳුන් අබිමුව ප්‍රීතියෙන් ගී ගයන්න.


එවිට පූජකයන් ශුද්ධස්ථානයේ සිට පිටතට අවුත්, සමිඳාණන් වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමට නළා පිඹින්නන් හා ගීතිකාකාරයන් සියල්ලන් ම එක ශබ්දයක් ඇසෙන පිණිස එක් කෙනෙකු මෙන් සිට, නළාවලින් ද අත්තල්වලින් ද වෙනත් තූර්ය භාණ්ඩවලින් ද “උන් වහන්සේ යහපත් ය. උන් වහන්සේගේ ස්ථිරසාර ප්‍රේමය සදාකාලයට ම පවත්නේ ය” කියා සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කිරීමෙන් ශබ්ද පැවැත්වූ කල, මාලිගාව එනම්, සමිඳාණන් වහන්සේගේ මාලිගාව වලාපටලයෙන් පිරී ගියේ ය.


ඒ දවස පැමිණි විට අසිරියාවේ හා මිසරයේ වහල්කමට ගෙන යන ලද සියලු ඉශ්රායෙල් සෙනඟ ආපසු ගෙනෙනු ලබන පිණිස හොරණෑවක් පිඹිනු ලබන්නේ ය. ඔවුන් ජෙරුසලමට අවුත් උන් වහන්සේගේ මේ ශුද්ධ කන්දේ දී උන් වහන්සේට නමස්කාර කරනු ඇත.


ඔව්හු හත් වන මාසයේ පළමු වන දා පටන් සමිඳාණන් වහන්සේට දවන යාග පූජා ඔප්පු කරන්නට පටන්ගත්හ. එහෙත්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම් ඒ වන තෙක් නොදමන ලද්දේ ය.


මෙසේ සියලු ඉශ්රායෙල්වරු ඔල්වර හඬත්, හොරණෑ ශබ්දයත් ඇති ව, නළාවලිනුත්, අත්තල්වලිනුත්, වීණාවලිනුත්, මහා වීණාවලිනුත් ශබ්ද පවත්වමින් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනාවෝ ය.


සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්නැ”යි වදාළ සේක.


පූජකයා වන එස්රා ද හත් වන මාසයේ පළමු වන දා සභාව එනම්, පුරුෂයන් ද ස්ත්‍රීන් ද තේරුම්ගන්නට පුළුවන් වයසට පැමිණි දරුදැරියන් ද ඉදිරිපිට ව්‍යවස්ථා පොත ගෙනවුත්,


සමිඳුනි, ගී ගයමින් ඔබ නමදින්නෝ ද ඔබේ කරුණා ආලෝකය තුළ හැසිරෙන්නෝ ද භාග්‍යවන්තයෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්