ලෙවී කථාව 11:13 - Sinhala Revised Old Version පක්ෂීන් අතරෙන් නුඹලා විසින් පිළිකුල්කළ යුතු වන්නේ මේ සත්තුය; උන් නොකෑ යුතුය, උන් පිළිකුලක්ය–එනම් රාජාලියාද මහ ගිජුලිහිණියාද මුහුදු උකුස්සාද; Sinhala New Revised Version “තවද, පක්ෂීන් අතර නුඹලා පහත දක්වන සතුන් පිළිකුල් කොට සැලකිය යුතු ය. නුඹලා උන් නොකෑ යුතු ය; පිළිකුල් කළ යුතු ය. ඒ සත්තු නම්, රාජාලියා, මහ ගිජු ලිහිණියා, මූදු උකුස්සා; Sinhala New Revised Version 2018 “තවද, පක්ෂීන් අතර නුඹලා පහත දක්වන සතුන් පිළිකුල් කොට සැලකිය යුතු ය. නුඹලා උන් නොකෑ යුතු ය; පිළිකුල් කළ යුතු ය. ඒ සත්තු නම්, රාජාලියා, මහ ගිජු ලිහිණියා, මූදු උකුස්සා; |
කපුටුවාගේ පැටවුන් කෑම නැතුව ඔබ මොබ ගොස් දෙවියන්වහන්සේට කෑගසන විට ඌට ගොදුරු සපයාදෙන්නේ කවුද?
බලව, ඔහු වලාකුල් මෙන්ද ඔහුගේ රථ සුළි හුළඟක් මෙන්ද නැගී එන්නේය. ඔහුගේ අශ්වයෝ රාජාලීන්ට වඩා ශීඝ්‍රය. අහෝ අපට දුක්වේ! මක්නිසාද අපි නාස්තිවීමුව.
මක්නිසාද මාගේ සෙනඟ අඥානය, ඔව්හු මා නොහඳුනති; ඔව්හු මෝඩ දරුවෝය, ඔවුන්ට කිසි තේරුමක් නැත. ඔව්හු නපුර කිරීමට ප්‍රඥාවන්තය, නුමුත් යහපත කරන්ට නොදනිති.
මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, ඔහු රාජාලියෙකු මෙන් ඉගිලී ඇවිත් මෝවබ් පිට තමාගේ පියාපත් විහිදනවා ඇත.
අප පස්සේ එළවාගන ආ තැනැත්තෝ අහසේ රාජාලීන්ට වඩා වේගවත්වූහ. ඔව්හු කඳුවල අප පස්සේ එළවාගන ආවෝය, අප අල්ලන්ට කාන්තාරයෙහි රැක සිටියෝය.
හොරණෑව නුඹේ මුඛයට තබන්න. රාජාලියා මෙන් ස්වාමීන්වහන්සේගේ ගෘහයට විරුද්ධව [සතුරා] එන්නේය. මක්නිසාද ඔව්හු මාගේ ගිවිසුම කඩකොට මාගේ ව්‍යවස්ථාවට විරුද්ධව කැරළිගැසුවෝය.
ඔවුන්ගේ අශ්වයෝ දිවියන්ට වඩා ශීඝ්‍රය, සැන්දෑ වෘකයන්ට වඩා සැරය; ඔවුන්ගේ අසරුවෝ විසිරයති. එසේය, ඔවුන්ගේ අසරුවෝ දුර සිට එති; ගොදුරු කරා වේගයෙන් යන රාජාලියෙකු මෙන් පියාඹති.
එවිට මම මාගේ ඇස් ඔසවා බලා, ස්ත්‍රීන් දෙදෙනෙක් එනවා දුටිමි, ඔවුන්ගේ පියාපත්වල හුළඟ තිබුණේය; කනකොකාගේ පියාපත් වැනි පියාපත් ඔවුන්ට තිබුණේය. ඔව්හු අහසටත් පොළොවටත් අතරේ ඒඵාව උස්සාගෙන ගියෝය.
මක්නිසාද අපිත් වරක් අඥානව, අකීකරුව, මුළාව, අනේකාකාර තෘෂ්ණාවලටත් සැප සෙල්ලම්වලටත් වහල්ව, ක්‍රෝධයෙන් හා ඊර්ෂ්‍යාවෙන් හැසිරෙමින්, නුරුස්සනු ලබන්ට සුදුස්සන්ව, එකිනෙකාට වෛරකරමින් සිටියෙමුව.