Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 48:40 - Sinhala Revised Old Version

40 මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, ඔහු රාජාලියෙකු මෙන් ඉගිලී ඇවිත් මෝවබ් පිට තමාගේ පියාපත් විහිදනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

40 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “යම් ජාතියක් රාජාලියෙකු මෙන් වේගයෙන් ඉගිලී අවුත් මෝවබ්ට විරුද්ධ ව පියාපත් විහිදුවනු ඇතැ යි ස්වාමීන් වන මම කීවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

40 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “යම් ජාතියක් රාජාලියෙකු මෙන් වේගයෙන් ඉගිලී අවුත් මෝවබ්ට විරුද්ධ ව පියාපත් විහිදුවනු ඇතැ යි ස්වාමීන් වන මම කීවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 48:40
11 හුවමාරු යොමු  

යූදාට වැද ගලා යටකරගන, බෙල්ල දක්වාම නගිනවා ඇත. එම්බා එම්මානුවෙල්, ඔහුගේ පියාපත් විහිදීමෙන් නුඹේ දේශය මුළුල්ලම පිරෙනවා ඇතැයි කීසේක.


මහල්ලාට ගෞරව නොකරන්නාවූ, බාලයාට අනුකම්පා නොකරන්නාවූ, රෞද්‍ර මුහුණු ඇත්තාවූ,


බලව, ඔහු රාජාලියෙකු මෙන් නැගී ඉගිලී ඇවිත්, බොශ්රා පිට තමාගේ පියාපත් විදහනවා ඇත. ඒ දවසේ ඒදොමේ බලවතුන්ගේ සිත බිහිකරන ස්ත්‍රියෙකුගේ සිත මෙන් වන්නේය.


හොරණෑව නුඹේ මුඛයට තබන්න. රාජාලියා මෙන් ස්වාමීන්වහන්සේගේ ගෘහයට විරුද්ධව [සතුරා] එන්නේය. මක්නිසාද ඔව්හු මාගේ ගිවිසුම කඩකොට මාගේ ව්‍යවස්ථාවට විරුද්ධව කැරළිගැසුවෝය.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න. මහත් පියාපත්ද දිග පිහාටුද ඇත්තාවූ, පිහාටුවලින් ගැවසීගත්තාවූ, විසිතුරුවූ මහ රාජාලියෙක් ලෙබනොන්ට ඇවිත් කිහිරි ගහේ මුදුන කඩාගත්තේය.


ඔවුන්ගේ අශ්වයෝ දිවියන්ට වඩා ශීඝ්‍රය, සැන්දෑ වෘකයන්ට වඩා සැරය; ඔවුන්ගේ අසරුවෝ විසිරයති. එසේය, ඔවුන්ගේ අසරුවෝ දුර සිට එති; ගොදුරු කරා වේගයෙන් යන රාජාලියෙකු මෙන් පියාඹති.


පළමුවෙනියා සිංහයෙකු මෙන්ය, ඌට රාජාලි පියාපත් තිබුණේය. මා බලාසිටින අතර උගේ පියාපත් උදුරාදමා, ඌ පොළොවෙන් ඔසවා, මනුෂ්‍යයෙකු මෙන් පාද දෙකකින් සිටවනු ලැබීය, මනුෂ්‍ය සිතක් ද ඌට දෙනලද්දේය.


අප පස්සේ එළවාගන ආ තැනැත්තෝ අහසේ රාජාලීන්ට වඩා වේගවත්වූහ. ඔව්හු කඳුවල අප පස්සේ එළවාගන ආවෝය, අප අල්ලන්ට කාන්තාරයෙහි රැක සිටියෝය.


බලව, ඔහු වලාකුල් මෙන්ද ඔහුගේ රථ සුළි හුළඟක් මෙන්ද නැගී එන්නේය. ඔහුගේ අශ්වයෝ රාජාලීන්ට වඩා ශීඝ්‍රය. අහෝ අපට දුක්වේ! මක්නිසාද අපි නාස්තිවීමුව.


එනම්, ආකාශයෙහි රාජාලියෙක් යන මාර්ගය; පර්වතයක් උඩ සර්පයෙක් යන මාර්ගය; මුහුද මැද නැවක් යන මාර්ගය; කන්‍යාවකු හා සමඟ පුරුෂයෙකුගේ මාර්ගය යන මේවාය.


ඔව්හු ඉගිලී ගොස්, බටහිරෙන් පිලිස්තිවරුන්ගේ කර පිටට බසින්නෝය; ඔව්හු එක්ව පෙරදිග වැසියන්ගෙන් කොල්ලකා, තමුන්ගේ අත ඒදොම් සහ මෝවබ් පිටට දිගුකරන්නෝය; අම්මොන් පුත්‍රයෝද ඔවුන්ට කීකරුවන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්