නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා සමඟ සිටිනවා නොවේද? හැම අතින්ම උන්වහන්සේ නුඹලාට නිශ්චලකම දී තිබෙනවා නොවේද? මක්නිසාද උන්වහන්සේ දේශයේ වැසියන් මා අතට පාවාදී තිබේ; දේශය ස්වාමීන්වහන්සේට ද උන්වහන්සේගේ සෙනඟටද යටත්කරනලද්දේය.
යොෂුවා 22:4 - Sinhala Revised Old Version දැන් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාගේ සහෝදරයන්ට කී ප්‍රකාරයට ඔවුන්ට විශ්‍රාම දුන්සේක. නුඹලා ඉතින් හැරී ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් විසින් යොර්දානෙන් එගොඩ නුඹලාට දුන් උරුම දේශයෙහි නුඹලාගේ කූඩාරම්වලට යන්න. Sinhala New Revised Version දැන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ සහෝදරයන්ට වදාළ ප්‍රකාරයට විවේක සුවය දී ඇත. දැන් ඉතින් ඔබ හැරී සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් විසින් ජොර්දානෙන් එගොඩ ඔබට දෙන ලද උරුම දේශයෙහි ඔබේ නිවාසවලට යන්න. Sinhala New Revised Version 2018 දැන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ සහෝදරයන්ට වදාළ ප්‍රකාරයට විවේක සුවය දී ඇත. දැන් ඉතින් ඔබ හැරී සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් විසින් ජොර්දානෙන් එගොඩ ඔබට දෙන ලද උරුම දේශයෙහි ඔබේ නිවාසවලට යන්න. |
නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා සමඟ සිටිනවා නොවේද? හැම අතින්ම උන්වහන්සේ නුඹලාට නිශ්චලකම දී තිබෙනවා නොවේද? මක්නිසාද උන්වහන්සේ දේශයේ වැසියන් මා අතට පාවාදී තිබේ; දේශය ස්වාමීන්වහන්සේට ද උන්වහන්සේගේ සෙනඟටද යටත්කරනලද්දේය.
ඉශ්‍රායෙල් පුත්‍රයන් එකිනෙකා තම තමාගේ උරුමය හිමිකරගන්න තුරු අපි අපේ ගෙවලට හැරී නොඑන්නෙමුව.
මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන නියම වාසස්ථානයටත් උරුමයටත් නුඹලා තවම පැමුණුණේ නැත.
ඔවුන්ගේ දේශය අල්ලාගෙන, රූබෙන්වරුන්ටද ගාද්වරුන්ටද මනස්සේගේ අන්ධගෝත්‍රයටද එය උරුමයක් කොට දුනිමුව.
ස්වාමීන්වහන්සේ නුඹලා මෙන් නුඹලාගේ සහෝදරයන්ද එහි පදිංචිකරවන තුරුද යොර්දානෙන් එගොඩ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන්ට දෙන දේශය ඔවුන් හිමිකරගන්නා තුරුද නුඹලා ගොස් පසුව එකිනෙකා මා නුඹලාට දී තිබෙන දේශයට හැරී එන්න කියා නුඹලාට කීමි.
මක්නිසාද යෝෂුවා ඔවුන්ට නිවාඩුව දුන්නේ නම් ඉන්පසු වෙන දවසක් ගැන උන්වහන්සේ කථාකරන්නේ නැත.
නුඹලාගෙන් බලසම්පන්න පුරුෂයෝව සිටින සියල්ලෝ සන්නද්ධව නුඹලාගේ සහෝදරයන්ට පෙරටුව ගොස් ඔවුන්ට උපකාරකරන්න. ඉන්පසු ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් යොර්දානෙන් මෙගොඩ නැගෙනහිර දිශාවෙහි නුඹලාට දුන් නුඹලාගේ උරුම කොටසවූ දේශයට හැරී ඇවිත් ඒක භුක්තිවිඳින්නැයි කීවේය.
ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස්ද ඉශ්‍රායෙල් පුත්‍රයෝද ඔවුන්ට පහර දුන්නෝය. ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් ඒ රට රූබෙන්වරුන්ටත් ගාද්වරුන්ටත් මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් උරුමයක් කොට දුන්නේය.
අනික් අර්ධ ගෝත්‍රයටත් රූබෙන්වරුන්ටත් ගාද්වරුන්ටත් ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් දුන්නාවූ ඔවුන්ගේ උරුමය නැගෙනහිරට යොර්දානෙන් එගොඩ ඔවුන්ට ලැබී තිබුණේය.
නුඹලා අද දවස දක්වා මෙපමණ දීර්ඝ කාලයක් නුඹලාගේ සහෝදරයන් අත්නෑර සිට නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාවේ භාරය රක්ෂාකළහුය.