රජ තෙමේ මුහුණ හරවා මුළු ඉශ්‍රායෙල් සභාව නැගිට සිටිද්දී මුළු ඉශ්‍රායෙල් සභාවට ආශීර්වාදකරමින් කියනුයේ:
යෙසායා 64:11 - Sinhala Revised Old Version අපේ පියවරුන් විසින් ඔබ වර්ණනාකළාවූ අපේ ශුද්ධවූ අලංකාර ගෘහය ගින්නෙන් දවා තිබේ; අපේ සියලු ප්‍රසන්න දේවල් නාස්තිවී තිබේ. Sinhala New Revised Version අපේ මුතුන්මිත්තන් ඔබට පැසසුම් පැවැත්වූ ස්ථානය වන අපේ අලංකාර දේව මාලිගාව ගිනිබත් වී ඇත. සියලු සුන්දර තැන් නටබුන් වී ඇත. Sinhala New Revised Version 2018 අපේ මුතුන්මිත්තන් ඔබට පැසසුම් පැවැත්වූ ස්ථානය වන අපේ අලංකාර දේව මාලිගාව ගිනිබත් වී ඇත. සියලු සුන්දර තැන් නටබුන් වී ඇත. |
රජ තෙමේ මුහුණ හරවා මුළු ඉශ්‍රායෙල් සභාව නැගිට සිටිද්දී මුළු ඉශ්‍රායෙල් සභාවට ආශීර්වාදකරමින් කියනුයේ:
තමන්වහන්සේ පොරොන්දුවූ සියල්ලේ හැටියට තමන්ගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට නිශ්චලතාව දුන් ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා. උන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ මෝසෙස් ලවා ගිවිස්සාවූ සියලු යහපත් වචනවලින් එක වචනයක්වත් හිස්නොවීය.
ස්වාමීන්වහන්සේගේ ගෘහයද රජ ගෙයද යෙරුසලමේ සියලු ගෙවල්ද ගිනිලෑවේය, ලොකු ගෙවල් සියල්ලම ඔහු ගින්නෙන් දවාදැමුවේය.
ඔව්හු දෙවියන්වහන්සේගේ ගෘහය දවා දමා, යෙරුසලමේ පවුර කඩාදමා, එහි සියලු මාලිගා ගින්නෙන් දවා, එහි තිබුණ අනර්ඝවූ සියලු බඩු විනාශ කළෝය.
ඔහු කථාකොට කියනුයේ: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා, මක්නිසාද උන්වහන්සේ ස්වකීය මුඛයෙන් මාගේ පියවූ දාවිත්ට කථාකොට–
සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගිනි බසිනවාත් ස්වාමීන්වහන්සේගේ තේජස ගෘහය පිට තිබෙනවාත් දැක, ගල් අතුළ බිමට තමුන්ගේ මුහුණු නමා නමස්කාරකොට: මක්නිසාද උන්වහන්සේ යහපතය; උන්වහන්සේ කරුණාව සදාකල් පවත්නේය කියමින් ස්වාමීන්වහන්සේට ස්තුතිකළෝය.
පූජකයෝද තම තමුන්ගේ තනතුරුවල යෙදී සිටියෝය; ලෙවීවරුත් ස්වාමීන්වහන්සේගේ තූර්ය භාණ්ඩ රැගෙන සිටියෝය, ඔවුන් ලවා දාවිත් රජ ප්‍රශංසාකරවන විට: මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේය කියා ස්වාමීන්වහන්සේට ස්තුතිකිරීමට දාවිත් විසින් ඒවා සාදවා තිබුණේය. පූජකයෝද ඔවුන් ඉදිරිපිටින් සිට නළා පිම්බෝය; සියලු ඉශ්‍රායෙල්වරුද නැගිට සිටියෝය.
ස්වල්ප කලකට ඔබගේ ශුද්ධවූ සෙනඟ එය භුක්තිවින්දෝය. අපේ එදිරිකාරයෝ ඔබගේ ශුද්ධස්ථානය පාගාදැමුවෝය.
ස්වාමීන්වහන්සේගේ ගෘහයද රජගෙයද ගිනිලැවුවේය; යෙරුසලමේ සියලු ගෙවල්ද එනම් හැම ලොකු ගෙවල්ද ගිනි ලැවුවේය.
යෙරුසලම ඇගේ පීඩාව සහ දුක් දවස්වලදී පුරාණ දවස් පටන් ඈට තිබුණු ඇගේ සියලු ප්‍රිය දේ සිහිකරයි. ඈට උපකාරකරන්නෙක් නැතුව, ඇගේ සෙනඟ එදිරිකාරයා අතට අසුවූ විට, එදිරිකාරයෝ ඈ දැක, ඇගේ විනාශය ගැන සිනාසුණෝය.
ස්වාමීන්වහන්සේ තමන්ගේ උදහසින් සියොන් දුව වලාකුළකින් වැසූ හැටි! උන්වහන්සේ ඉශ්‍රායෙල්ගේ අලංකාරය ස්වර්ගයෙන් පොළොවට හෙළූසේක, තමන් උදහසේ දවසේදී තමන් පා පුටුව සිහි නොකළසේක.
ස්වාමීන්වහන්සේ තමන් පූජාසනය අහකදැමූසේක, තමන් ශුද්ධස්ථානය පිළිකුල්කළසේක, ඇගේ මාළිගාවල පවුරු සතුරා අතට පාවාදුන්සේක. මංගල්‍ය දවසකදී මෙන් ඔව්හු ස්වාමීන්වහන්සේ ගෘහයෙහි ශබ්ද පැවැත්තුවෝය.
බලව, මම නුඹලාගේ බලයේ පාරට්ටුව වූ, නුඹලාගේ ඇස්වලට ප්‍රියව තිබෙන්නාවූ, නුඹලාගේ ආත්ම ආශාවෙන්නාවූ මාගේ ශුද්ධස්ථානය කෙලහන්නෙමි; නුඹලා විසින් අත්හැර ආවාවූ නුඹලාගේ පුත්‍රයෝද නුඹලාගේ දූවරුද කඩුවෙන් වැටෙන්නෝය.
ඉතින් මනුෂ්‍ය පුත්‍රය, ඔවුන්ගේ බලයද ඔවුන්ගේ තේජසේ ප්‍රීතියද ඔවුන්ගේ ඇස්වලට ප්‍රියව තිබෙන්නාවූ, ඔවුන්ගේ ආත්ම ආශාවෙන්නාවූ දේද ඔවුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද මා විසින් ඔවුන්ගෙන් පැහැරගන්න දවසේදී,
එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා උත්තරදෙමින්: සේනාවල ස්වාමීන්වහන්ස, ඔබ විසින් දැනට සැත්තෑ අවුරුද්දක් උදහස දැක්වූ යෙරුසලමටත් යූදාහි නුවරවලටත් කොපමණ කල් අනුකම්පා නොකර සිටිනසේක්දැයි කීවේය.
නුමුත් උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මේ සියල්ල නුඹලාට පෙනෙනවා නොවේද? සැබවක් නුඹලාට කියමි–කඩාදමනු නොලැබ ගලක් පිට ගලක් මෙහි ඉතුරු නොවන්නේයයි කීසේක.
ස්වාමීන්වහන්සේ තමන්ගේ උදහසිනුත් කෝපයෙනුත් විනාශකළාවූ සොදොම් සහ ගොමොරාහිද අද්මා සහ ශෙබොයිම්හිද විනාශය මෙන් ඒ මුළු දේශයෙහි වැපිරීමක්වත් කිසි පලා ජාතියක් වැවීමක්වත් හටගැනීමක්වත් නොවන ලෙස ඒක ගෙන්දගමෙනුත් ලුණුවලිනුත් දාලා තිබෙන බවද දුටු කල්හි: