මතෙව් 24:2 - Sinhala Revised Old Version2 නුමුත් උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මේ සියල්ල නුඹලාට පෙනෙනවා නොවේද? සැබවක් නුඹලාට කියමි–කඩාදමනු නොලැබ ගලක් පිට ගලක් මෙහි ඉතුරු නොවන්නේයයි කීසේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version2 එහෙත්, උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, “මේ සියල්ල ඔබට පෙනෙනවා නො වේ ද? සැබැවින් ම මම ඔබට කියමි, ගලක් මත ගලක් ඉතිරි නොවන ලෙස ඒවා සියල්ල ම බිඳ හෙළනු ඇතැ”යි වදාළ සේක. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය2 එවිට උන්වහන්සේ, “මේ සියල්ල ඔබට පෙනෙනවා නො වේ ද? සැබවින් ම මා ඔබට කියන්නේ, ගලක් පිට ගලක් නො තිබෙන සේ, හැම එකක්ම බිඳ දමා පොළොවට සමතලා කර දමන කාලයක් පැමිණෙන බව යැ” යි පැවසූ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20182 එහෙත්, උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, “මේ සියල්ල ඔබට පෙනෙනවා නො වේ ද? සැබැවින් ම මම ඔබට කියමි, ගලක් මත ගලක් ඉතිරි නොවන ලෙස ඒවා සියල්ල ම බිඳ හෙළනු ඇතැ”යි වදාළ සේක. පරිච්ඡේදය බලන්න |