Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 29:23 - Sinhala Revised Old Version

23 ස්වාමීන්වහන්සේ තමන්ගේ උදහසිනුත් කෝපයෙනුත් විනාශකළාවූ සොදොම් සහ ගොමොරාහිද අද්මා සහ ශෙබොයිම්හිද විනාශය මෙන් ඒ මුළු දේශයෙහි වැපිරීමක්වත් කිසි පලා ජාතියක් වැවීමක්වත් හටගැනීමක්වත් නොවන ලෙස ඒක ගෙන්දගමෙනුත් ලුණුවලිනුත් දාලා තිබෙන බවද දුටු කල්හි:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 උන් වහන්සේ වනසා දැමූ සොදොම් සහ ගොමොරා, අද්මා සහ ශෙබොයිම් යන නගරවල මෙන්, ඒ මුළු රටෙහි කිසි වැපිරීමක් වත්, පලා ජාතියක් වත්, තණකොළ ගහක් පවා හටගැනීමක් වත් නැති ව, ගෙන්දගම් සහ ලුණුවලින් ඒ රට පිරී දැවෙමින් තිබෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 උන් වහන්සේ වනසා දැමූ සොදොම් සහ ගොමොරා, අද්මා සහ ශෙබොයිම් යන නගරවල මෙන්, ඒ මුළු රටෙහි කිසි වැපිරීමක් වත්, පලා ජාතියක් වත්, තණකොළ ගහක් පවා හටගැනීමක් වත් නැති ව, ගෙන්දගම් සහ ලුණුවලින් ඒ රට පිරී දැවෙමින් තිබෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 29:23
26 හුවමාරු යොමු  

එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා ජීවත්ව සිටින බව සැබෑවා සේම මෝවබ් සොදොම මෙනුත් අම්මොන් පුත්‍රයෝ ගොමොරාව මෙනුත් කහඹිලියා බිමක්ද ලුණු වළවල්ද නිරන්තර පාළුවක්ද වන්නෝය. මාගේ සෙනඟගෙන් ඉතිරි අය ඔවුන්ගෙන් කොල්ලකන්නෝය; මාගේ ජාතියෙන් ඉතිරි තැනැත්තෝ ඔවුන්ගේ රට උරුමකරගන්නෝය.


ඔහු මරුකතරේ රෝතෙම් ගහකට සමානවී, යහපත පැමිණෙන විට එය නොදැක, ලුණු භූමියක්ව තිබෙන්නාවූ, වැසියන් නැත්තාවූ කාන්තාරයේ වියළි තැන්වල වාසයකරනවා ඇත.


එහි ඔයවල් කීල්ද එහි ධූලි ගෙන්දගම්ද වන්නේය, ඒ දේශයද ඇවිළෙන කීල් වන්නේය.


ඔව්හු සොදොම්හි රජවූ බෙරාද ගොමොරාහි රජවූ බිර්ෂාද අද්මාහි රජවූ ෂිනාබ්ද ශෙබොයිම්හි රජවූ ෂෙමේබෙර්ද බෙලාහි (එනම් ශොවර්හි) රජද යන මොවුන්ට විරුද්ධව යුද්ධකළෝය.


නුමුත් ලොත් සොදොම්හි සිට පිටත්ව ගිය දවසේ අහසෙන් ගිනි සහ ගෙන්දගම් වැස, සියල්ලන් විනාශකළේය.


දෙවියන්වහන්සේ සොදොම සහ ගොමොරාව පෙරළාදැමුවාක්මෙන් නුඹලා අතරෙන් සමහරෙකු පෙරළා දැමුවෙමි, නුඹලා ගින්නෙන් ඇදගත් පෙනෙල්ලක් මෙන් වූවහුය. එහෙත් නුඹලා මා වෙතට හැරී නාවහුයයිස්වාමීන්වහන්සේ කියනසේක.


නුමුත් ඒකේ හැල්පත් සහ පොකුණුද හොඳ නොවී, ලුණු ගන්නා පිණිස හරිනු ලබන්නේය.


මාගේ මවු මාගේ මිනීවළ වෙන ලෙසත්, ඇගේ කුසය හැමදාම මහත්ව තිබෙන ලෙසත්, මා කුසේ සිටිද්දී මා නොමැරූ බැවින්,


අබිමෙලෙක් ඒ දවස මුළුල්ලෙහි නුවරට විරුද්ධව සටන්කොට නුවර අල්ලාගෙන එහි සිටි සෙනඟ මරා, නුවර බිඳහෙළා, එහි ලුණු වැපුරුවේය.


එකල මෘගයාද ඌ ඉදිරියෙහි ඒ හාස්කම්කර උගේ සලකුණ ලැබූවන් සහ උගේ රූපයට නමස්කාරකළවුන් රැවටුවාවූ බොරු අනාගතවක්තෘද අල්ලනු ලැබුවෝය. ඔවුන් දෙදෙනාම ගෙන්දගමින් දැවෙන ගිනිවිලට පණපිටින් හෙළනු ලැබුවෝය.


වැසියන්ගේ දුෂ්ටකම නිසා සාරවූ දේශය ලවණ කාන්තාරයක් කරනසේක.


ඔහුට අයිති නැති අය ඔහුගේ කූඩාරමෙහි වසන්නෝය; ඔහුගේ නිවස පිටටද ගෙන්දගම් වස්වනු ලබන්නේය.


පළමුවෙනුත් යෙසායා කියා තිබෙන ප්‍රකාරයට, සේනාවල ස්වාමීන්වහන්සේ අපට වංශයක් ඉතිරි නොකළසේක් නම් අපි සොදොම මෙන් වීමුව, ගොමොරාවට සමාන කරනු ලැබීමුයයි කියාය.


එසේ සොදොම සහ ගොමොරාවද අවට නුවරවල්ද මොවුන් සේම තුමූම වේශ්‍යාකමට භාරවී, අන්‍ය මාංසය පස්සේ ගොස්, සදාකාල ගින්නේ දඬුවම විඳිමින්, අවවාද ආදර්ශයක් කොට දක්වනු ලැබ සිටිති.


නුඹලා ගොස් මේ සම්බවුණ පොතේ වචන ගැන මා උදෙසාත් සෙනඟ උදෙසාත් සියලු යූදාවරුන් උදෙසාත් ස්වාමීන්වහන්සේගෙන් විචාරන්න. මක්නිසාද අප ගැන ලියා තිබෙන සියල්ලේ ප්‍රකාරයට කරන ලෙස අපේ පියවරුන් විසින් මේ පොතේ වචනවලට ඇහුම්කන් නුදුන් නිසා අප කෙරේ ඇවිළ තිබෙන ස්වාමීන්වහන්සේගේ උදහස මහත්යයි කීවේය.


නුඹලාගේ දේශය පාළුවී තිබේ; නුඹලාගේ නුවරවල් ගින්නෙන් දවා දමා තිබේ; නුඹලාගේ භූමිය නුඹලා ඉදිරියේදී විදේශියෝ නාස්තිකෙරෙති, ඒක විදේශීන්ගේ වැනසීමක් ලෙස පාළුවක් වී තිබේ.


මෙසේ රාජ්‍යවල අලංකාරයද කල්දිවරුන්ගේ උඩඟුකමේ තේජසද වූ බබිලෝනීය දෙවියන්වහන්සේ විසින් නාස්තිකළ සොදොමටද ගොමොරාවටද සමානවන්නේය.


අපේ පියවරුන් විසින් ඔබ වර්ණනාකළාවූ අපේ ශුද්ධවූ අලංකාර ගෘහය ගින්නෙන් දවා තිබේ; අපේ සියලු ප්‍රසන්න දේවල් නාස්තිවී තිබේ.


සොදොම සහ ගොමොරාවේද එහි අසල නුවරවලද විනාශය මෙන්, කිසි මනුෂ්‍යයෙක් එහි වාසය නොකරන්නේය, කිසි මනුෂ්‍ය පුත්‍රයෙක් එහි පොරොත්තුව නොසිටින්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මම දේශය නාස්තිකරන්නෙමි. එහි වාසය කරන නුඹලාගේ සතුරෝද ඒ ගැන විස්මයට පත්වන්නෝය.


මෙපමණ උස්ව තිබෙන මේ ගෘහය ළඟින් යන සියල්ලන් විස්මයට පත්ව කවටකම්කර: ස්වාමීන්වහන්සේ මේ දේශයටත් මේ ගෘහයටත් මෙසේ කළේ මක්නිසාදැයි අසනවා ඇත.


එවිට: ඔවුන් තමුන්ගේ පියවරුන් මිසරදේශයෙන් ගෙනාවාවූ තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැර, අන් දෙවිවරුන්ට ඇලුම්වී, ඔවුන්ට නමස්කාරකොට සේවයකළ නිසා, ස්වාමීන්වහන්සේ මේ සියලු විපත්ති ඔවුන් පිටට පැමිණෙවුසේකැයි මිනිසුන් උත්තරදෙනවා ඇතැයි ඔහුට කීසේක.


මම යෙරුසලම ගොඩවල්ද සිවලුන්ගේ වාසයක්ද කරන්නෙමි; වැසියෙක් නොසිටින හැටියට මම යූදාහි නුවරවල් පාළුවක් කරන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්