මක්නිසාද උන්වහන්සේ මනුෂ්‍යයෙකුගේ ක්‍රියා ලෙස ඔහුට ප්‍රතිඵල දී, ඒ ඒ අයගේ හැසිරීමේ හැටියට ඔහුට සිද්ධවෙන්ට සලස්වනසේක.
යෙසායා 59:18 - Sinhala Revised Old Version උන්වහන්සේ ඔවුන්ගේ ක්‍රියාවල හැටියට තමන්ගේ එදිරිකාරයන්ට කෝපයද තමන්ගේ සතුරන්ට දඬුවමද ප්‍රතිඵල කොට දෙනවා ඇත; උන්වහන්සේ දිවයින්වලට ප්‍රතිඵල දෙනසේක. Sinhala New Revised Version එතුමාණෝ ඔවුන්ගේ ක්‍රියා අනුව දඬුවම් කරන සේක. විරෝධකරුවන්ට උදහස ද සතුරන්ට විපාක ද පමුණුවන සේක. මුහුදුබඩ වසන්නන්ටත් එසේ ම කරන සේක. Sinhala New Revised Version 2018 එතුමාණෝ ඔවුන්ගේ ක්‍රියා අනුව දඬුවම් කරන සේක. විරෝධකරුවන්ට උදහස ද සතුරන්ට විපාක ද පමුණුවන සේක. මුහුදුබඩ වසන්නන්ටත් එසේ ම කරන සේක. |
මක්නිසාද උන්වහන්සේ මනුෂ්‍යයෙකුගේ ක්‍රියා ලෙස ඔහුට ප්‍රතිඵල දී, ඒ ඒ අයගේ හැසිරීමේ හැටියට ඔහුට සිද්ධවෙන්ට සලස්වනසේක.
ස්වාමිනි, කරුණාවත් ඔබට අයිති බවත්ය. මක්නිසාද ඔබ එක එක මනුෂ්‍යයාට ක්‍රියාවේ හැටියට ප්‍රතිඵල දෙනසේක.
එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේද ඉශ්‍රායෙල්ගේ පරාක්‍රමයාණන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ කියනසේක්: අහෝ, මාගේ එදිරිකාරයන්ගෙන් මම නිදහස්වී, මාගේ සතුරන්ගෙන් පළිගන්නෙමි.
භය සිත් ඇත්තන්ට කථාකොට: භයනොවී ශක්තිමත් වෙන්න. බලව, නුඹලාගේ දෙවියන්වහන්සේ පළිගැනීම වන දෙවියන්වහන්සේගේ විපාකදීම ඇතුව එනසේක; උන්වහන්සේම ඇවිත් නුඹලා ගළවනසේකැයි කියන්න.
බලව, ස්වාමිවූ දෙවියන්වහන්සේ බලවන්තයෙකු මෙන් එනසේක, උන්වහන්සේගේ හස්තයද උන්වහන්සේ උදෙසා ආණ්ඩුකරන්නේය. උන්වහන්සේගේ බැළය උන්වහන්සේ සමඟය; උන්වහන්සේගේ විපාකය උන්වහන්සේ ඉදිරියෙහිය.
නුමුත් මම කථාකොට: මම පලක් නැතුව වෙහෙසුණෙමි, හිස්කමටත් නිෂ්ඵලකමටත් මාගේ ශක්තිය නැති කරගතිමි. එසේ වී නුමුත් සැබවින්ම මාගේ විනිශ්චය ස්වාමීන්වහන්සේ වෙතද මාගේ විපාකය මාගේ දෙවියන්වහන්සේ වෙතද තිබේයයි කීමි.
මම තනියම මිදියන්ත්‍රය පෑගීමි; ජනයන්ගෙන් කිසි මනුෂ්‍යයෙක් මා සමඟ නොසිටියේය. එසේය, මාගේ උදහසින් ඔවුන් පෑගීමි, මාගේ කෝපයෙන් ඔවුන් පොඩිකෙළෙමි; ඔවුන්ගේ රුධිරය මාගේ ඇඳුම්වල ඉසිරී තිබේ, එයින් මාගේ සියලු ඇඳුම් කැලැල්කරගතිමි.
මාගේ උදහසින් ජනයන් පාගා, මාගේ කෝපයෙන් ඔවුන් මත්කරවා, ඔවුන්ගේ රුධිරය බිම වැගිරෙවුවෙමි.
එසේය, නුඹලාගේ අයුතුකම්ද කඳු උඩ සුවඳ දුම් ඔප්පුකොට හෙල් උඩ මට අපහාස කළාවූ නුඹලාගේ පියවරුන්ගේ අයුතුකම්ද නිසා ඔවුන්ගේ ළයට ප්‍රතිඵල දෙන්නෙමි, ඔවුන්ගේ පළමු ක්‍රියාවල් ඔවුන්ගේ ළයට මැනදෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
නුඹලා එය දැක නුඹලාගේ සිත් ප්‍රීතිවන්නේය, නුඹලාගේ ඇටද තෘණ මෙන් සශ්‍රීකවන්නේය. ස්වාමීන්වහන්සේගේ හස්තයද තමන්ගේ මෙහෙකරුවන්ට ප්‍රකාශවන්නේය, උන්වහන්සේ තමන්ගේ සතුරන්ට විරුද්ධව කෝපවෙනවා ඇත.
මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ උදහස කෝපයෙන්ද තමන්ගේ තර්ජනය ගිනිදැල්වලින්ද ඉෂ්ටකරන පිණිස ගිනි සහිතවද උන්වහන්සේගේ රථ සුළිහුළඟ මෙන්ද එනවා ඇත.
ඝෝෂා හඬක් නුවරින් පැමිණෙන්නේය, දේව මාළිගාවෙන් හඬක් පැමිණෙන්නේය; එය වනාහි තමන්ගේ සතුරන්ට ප්‍රතිඵලදෙන ස්වාමීන්වහන්සේගේ හඬය.
ස්වාමීන්වහන්සේ වන මම එකිනෙකාට තම තමාගේ මාර්ග ලෙසද ක්‍රියාවල ඵල ලෙසද දෙන පිණිස සිත විභාගකොට, අදහස් සෝදිසිකරමි.
මන්ත්‍රණයෙන් උතුම්ව ක්‍රියාවෙන් බලවත්ව සිටින්නාවූ දෙවියන්වහන්සේය. එකිනෙකාට තම තමාගේ මාර්ග ලෙසද ක්‍රියාවල ඵල ලෙසද දෙන පිණිස ඔබගේ ඇස් මනුෂ්‍ය පුත්‍රයන්ගේ සෑම මාර්ග දෙස ඇරී තිබේ.
ඈට විරුද්ධව වටකරින් ඝෝෂාකරන්න; ඈ යටත්වූවාය; ඇගේ ප්‍රාකාර වැටුණේය, ඇගේ පවුරුද කඩාදමනලද්දේය. මක්නිසාද එය ස්වාමීන්වහන්සේගේ පළිගැනීමය; ඇගෙන් පළිගෙන, ඈ කළ හැටියට ඈට කරන්න.
බබිලෝනියට විරුද්ධව දුනුකාරයන් වන දුනු තැත්කවන සියල්ලන් අඬගසන්න; ඈට විරුද්ධව වටකරින් අන්දායම් බැඳ, කිසිවෙකුට ගැළවීයන්ට ඉඩනෑර, ඇගේ ක්‍රියාකිරීමේ හැටියට ඈට ප්‍රතිඵලදී, ඈ කළ සියල්ල ලෙස ඈට කරන්න, මක්නිසාද ඈ ස්වාමීන්වහන්සේ වන ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේට විරුද්ධව එඩිතරවූවාය.
ස්වාමීන්වහන්සේ තමන් කෝපය තීන්දුවට ඉෂ්ටකොට, තමන් බලවත් උදහස වැගිරෙවුසේක; සියොන්හි ගින්නක් ඇවුළූසේක, එයින් එහි අත්තිවාරම් දාගියේය.
ඔවුන් නුඹලාගේ සල්ලාලකමේ ඵල නුඹලා පිටට පමුණුවනවා ඇත, නුඹලාගේ පිළිමවල පාපද නුඹලා දරා, මා ස්වාමිවූ දෙවියන්වහන්සේ බව දැනගන්නවා ඇතැයි කීසේක.
ගොග් ඉශ්‍රායෙල් රටට විරුද්ධව එන ඒ කාලයේදී මාගේ උදහස මාගේ මුහුණෙහි ඇවිළෙනවා ඇතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
මෙසේ මාගේ උදහස ඉෂ්ටවන්නේය, ඔවුන් කෙරෙහි මාගේ කෝපය සංසිඳුවා පළිගන්නෙමි. මා විසින් මාගේ කෝපය ඔවුන් කෙරෙහි ඉෂ්ටකරන විට ස්වාමිවූ මම මාගේ ජ්වලිතකමෙන් කථාකළ බව ඔවුන් දැනගන්නවා ඇත.
ඈත සිටින අය වසංගතයෙන් මැරෙනවා ඇත; ළඟ සිටින අය කඩුවෙන් වැටෙන්නෝය; ඉතුරුවී වටලෑමට අසුවෙන අය සාගතයෙන් නසිනවා ඇත. මෙලෙස මම ඔවුන් කෙරේ මාගේ කෝපය ඉෂ්ටකරන්නෙමි.
ඇරත් තීර් සහ ශීදොන්ද පිලිස්තියේ සියලු පළාත්ද යන නුඹලා මට මොකක්ද? නුඹලා මා පිටට ප්‍රතිඵල පමුණුවන්නහුද? එසේ මා පිටට පැමිණෙවුවොත් කඩිනමින්ම නුඹලාගේ ප්‍රතිඵල නුඹලාගේ හිස් පිටට වහාම හරවන්නෙමි.
මම නුඹලාට විරුද්ධව උදහසින් හැසිර නුඹලාගේ පාපවල් නිසා සත් ගුණයක් නුඹලාට දඬුවම් කරන්නෙමි.
ස්වාමීන්වහන්සේ ස්වකීය ගෞරවය රක්ෂාකරන්නාවූ පළිගන්න දෙවිකෙනෙක්ය; ස්වාමීන්වහන්සේ පළිගන්නාවූ, උදහසින් පූර්ණවූ කෙනෙක්ය; ස්වාමීන්වහන්සේ තමන්ගේ එදිරිකාරයන්ගෙන් පළිගන්නාසේක, තමන්ගේ සතුරන්ට උදහස තබාගන සිටිනසේක.
මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා තමන් පියාණන්වහන්සේගේ තේජසින් යුක්තව තමන් දූතයන් සමඟ එන්නේය; එකල උන්වහන්සේ එකිනෙකාට තම තමාගේ ක්‍රියා ලෙස විපාක දෙනසේක.
එසේ වුවත් මා තමුන් කෙරේ රජකම්කරනවාට කැමති නූණාවූ මේ මාගේ සතුරන් මෙහි ගෙනැවිත්, මා ඉදිරියෙහි මරන්නැයි කීවේයයි කීසේක.
යුක්තිය අතට ගනිම් නම්, මාගේ එදිරිකාරයන්ගෙන් පළිගන්නෙමි, මට වෛරවෙන්නන්ටද ප්‍රතිඵල දෙන්නෙමි,
උන්වහන්සේට වෛරවන්නන් විනාශ කරන පිණිස උන්වහන්සේ ඔවුන්ගේ මුහුණු ඉදිරිපිට ඔවුන්ට ප්‍රතිඵල දෙන බවද දැනගන්න. උන්වහන්සේ තමන්ට වෛරවන්නා ගැන ප්‍රමාද නොවී ඔහුගේ මුහුණ ඉදිරිපිට ඔහුට ප්‍රතිඵල දෙනසේක.
ඒ මහත් නුවරද තුන් කොටසකට බෙදනලද්දේය, ජාතීන්ගේ නුවරවල් වැටුණේය. දෙවියන්වහන්සේගේ උදහසේ සැරකම නමැති මුද්‍රිකපාන කුසලාන මහත් බබිලෝනියට දෙන පිණිස ඈ දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිහිකරනු ලැබුවාය.
ජාතීන්ට පහරදෙන පිණිස උන්වහන්සේගේ මුඛයෙන් තියුණු කඩුවක් නික්මෙයි. උන්වහන්සේ යදණ්ඩකින් ඔවුන් ආණ්ඩු කරනසේක. උන්වහන්සේ සර්වපරාක්‍රම දෙවියන්වහන්සේගේ කෝපයේ උදහස නමැති මුද්‍රිකපැස මඩිනසේක.