Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 63:3 - Sinhala Revised Old Version

3 මම තනියම මිදියන්ත්‍රය පෑගීමි; ජනයන්ගෙන් කිසි මනුෂ්‍යයෙක් මා සමඟ නොසිටියේය. එසේය, මාගේ උදහසින් ඔවුන් පෑගීමි, මාගේ කෝපයෙන් ඔවුන් පොඩිකෙළෙමි; ඔවුන්ගේ රුධිරය මාගේ ඇඳුම්වල ඉසිරී තිබේ, එයින් මාගේ සියලු ඇඳුම් කැලැල්කරගතිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 සමිඳාණෝ මෙසේ පිළිතුරු දෙන සේක: “මම මිදි යන්ත්‍රයක මිදි පල මෙන් ජාතීන් තනියම පෑගුවෙමි. මාගේ උදව්වට සෙනඟගෙන් කිසිවෙක් නොසිටියේ ය. එමෙන් මාගේ උදහසින් ඔවුන් පෑගුවෙමි. මාගේ කෝපයෙන් ඔවුන් පොඩි කෙළෙමි. ඔවුන්ගේ රුධිරය මාගේ ඇඳුම්වල ඉසී තිබේ; එයින් මාගේ සියලු ඇඳුම් කැළැල් වී ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 සමිඳාණෝ මෙසේ පිළිතුරු දෙන සේක: “මම මිදි යන්ත්‍රයක මිදි පල මෙන් ජාතීන් තනියම පෑගුවෙමි. මාගේ උදව්වට සෙනඟගෙන් කිසිවෙක් නොසිටියේ ය. එමෙන් මාගේ උදහසින් ඔවුන් පෑගුවෙමි. මාගේ කෝපයෙන් ඔවුන් පොඩි කෙළෙමි. ඔවුන්ගේ රුධිරය මාගේ ඇඳුම්වල ඉසී තිබේ; එයින් මාගේ සියලු ඇඳුම් කැළැල් වී ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 63:3
18 හුවමාරු යොමු  

නුඹලා දුෂ්ටයන් පාගාදමන්නහුය; මක්නිසාද මා විසින් පමුණුවන දවසේදී ඔව්හු නුඹලාගේ පතුල් යට අලු වන්නෝයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කොතැනදැයි මට කී මාගේ සැතිරීත් ඒ දැක ලජ්ජාවෙන් වැසීයනවා ඇත; මාගේ ඇස් ඇගේ දඬුවම දකිනවා ඇත; දැන් ඈ වීථිවල මඩ මෙන් පාගාදමනු ලබන්නීය.


ඔවුන් බලවතුන්ව, යුද්ධයේදී සතුරන් වීථිවල මඩේ පාගා දමා, ස්වාමීන්වහන්සේ ඔවුන් සමග සිටින නිසා සටන්කර, අශ්වයන් පිට නැගීයන්නන් ලජ්ජාවට පමුණුවනවා ඇත.


මා තුළ සිටි මාගේ සියලු බලවතුන් ස්වාමීන්වහන්සේ හෙළාදැක්ක සේක; මාගේ යෞවනයන් සුන්කරන්ට උන්වහන්සේ මට විරුද්ධව මංගල්‍ය සභාවක් අඬගසාගත්සේක. ස්වාමීන්වහන්සේ මිදි පැසක් මෙන් යූදාගේ කන්‍යා දුව පෑගූසේක.


මාගේ උදහසින් ජනයන් පාගා, මාගේ කෝපයෙන් ඔවුන් මත්කරවා, ඔවුන්ගේ රුධිරය බිම වැගිරෙවුවෙමි.


මක්නිසාද ඒ දවස සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කෙරෙන් වූ දර්ශන මිටියාවතෙහි කැලඹීමේද පාගාදැමීමේද වියවුලේද දවසක්ය; පවුරු බිඳ දැමීමක් හා කඳුවලට මොරගැසීමක්දවේ.


මක්නිසාද ස්වාමීන්වහන්සේගේ හස්තය මේ කන්දෙහි රඳන්නේය, නුමුත් මෝවබ් කසළගොඩේ වතුරෙහි පිදුරු මඩින්නාක්මෙන් තමාගේ ඉඩමේ මඩිනු ලබන්නේය.


ඈ පහළට හෙළන්නැයි ඔහු කීය. ඔව්හු ඈ පහළට හෙළුවෝය. ඇගේ ලේවලින් මදක් භිත්තියෙත් අශ්වයන් පිටත් ඉසුණේය. ඔහු ඈ පාගාගත්තේය.


උඩඟු සියල්ලන් බලා යටත්කර, දුෂ්ටයන් ඔවුන්ගේ ස්ථානයෙහි පාගා දමන්න.


දෙවියන්වහන්සේ කරණකොටගෙන වික්‍රමාන්විතව ක්‍රියාකරන්නෙමුව. මක්නිසාද අපේ එදිරිකාරයන් පාගා දමන්නේ උන්වහන්සේමය.


එප්‍රායිම්හි බේබද්දන්ගේ උදාරතර ඔටුන්න පයින් පාගාදමනු ලබන්නේය.


උන්වහන්සේ යුද්ධ සැට්ටයක් කොට ධර්මිෂ්ඨකමද තමන් හිසේ ගැළවීම නැමති තොප්පියද පැළඳගත්සේක; තවද ඇඳුම පිණිස පළිගැනීම නැමති වස්ත්‍ර පැළඳගෙන, ජ්වලිතකම සළුවක්කොට පෙරවාගන සිටිසේක.


ගොයම් පැසුණු නිසා දෑකැත්ත පොවන්න. මුද්‍රික යන්ත්‍රය පිරී තිබෙන බැවින් ඇවිත් බසින්න; මිදි යන්ත්‍රය පිරී තිබේ, පැස් ඉතිරීයන්නේය; මක්නිසාද ඔවුන්ගේ දුෂ්ටකම මහත්ය.


ඔහු තමාගේ කොටළු පැටවා මුද්‍රික වැලේද තමාගේ කොටළු වස්සා සාරවූ මුද්‍රික වැලේද බඳිමින් තමාගේ වස්ත්‍ර මුද්‍රිකපානයෙන්ද තමාගේ සළුව මුද්‍රික යුසයෙන්ද සේදුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්