තවද ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙනෙක් නොවන විදේශීන් ඔබගේ උතුම් නාමය සහ බලවත් අතද දිගුකළ හස්තයද ගැන අසනවා ඇත.
යෙසායා 56:7 - Sinhala Revised Old Version මාගේ ශුද්ධ කන්දට පමුණුවා මාගේ යාච්ඤා-ගෘහයෙහි ඔවුන් ප්‍රීතිවන්ට සලස්වන්නෙමි; ඔවුන්ගේ දවන පූජා සහ යාග මාගේ පූජාසනය පිට පිළිගනු ලබන්නේය. මක්නිසාද මාගේ ගෘහය සියලු ජනයන්ට යාච්ඤා-ගෘහයක්යයි කියනු ලබන්නේය. Sinhala New Revised Version ඔවුන්ගේ දවන යාග පූජා හා පුද පූජා මාගේ පූජාසනය පිට පිළිගනු ලබන්නේ ය. මන්ද, ‘මාගේ දේව මාලිගාව සියලු ජාතීන් හට යාච්ඤා ගෘහය’ය යි කියනු ලබන්නේ ය. Sinhala New Revised Version 2018 ඔවුන්ගේ දවන යාග පූජා හා පුද පූජා මාගේ පූජාසනය පිට පිළිගනු ලබන්නේ ය. මන්ද, ‘මාගේ දේව මාලිගාව සියලු ජාතීන් හට යාච්ඤා ගෘහය’ය යි කියනු ලබන්නේ ය. |
තවද ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙනෙක් නොවන විදේශීන් ඔබගේ උතුම් නාමය සහ බලවත් අතද දිගුකළ හස්තයද ගැන අසනවා ඇත.
එය ආරොන්ගේ නළල පිට වන්නේය, මෙසේ ආරොන් ඉශ්‍රායෙල් පුත්‍රයන් තමන්ගේ සියලු ශුද්ධ දීමනාවලදී කැපකරන ශුද්ධ දේවල අපරාධය දරන්නේය; ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් පිළිගනු ලබන පිණිස ඒක ඔහුගේ නළල පිට නිතරම වන්නේය.
මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශ කිරීමක්වත් නොවන්නේය. මක්නිසාද ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන්, ස්වාමීන්වහන්සේ ගැන දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.
ඒ දවසෙහි ස්වාමීන්වහන්සේට මිසර දේශය මැද පූජාසනයකුත් එහි සීමාව ළඟ ස්වාමීන්වහන්සේට කණුවකුත් වන්නේය.
ස්වාමීන්වහන්සේ මිසරවරුන්ට ප්‍රකාශවනසේක, මිසරවරු ඒ දවසේදී ස්වාමීන්වහන්සේ ඇඳිනගන යාගවලින්ද ආහාර පූජාවලින්ද නමස්කාරකරන්නෝය, ස්වාමීන්වහන්සේට භාරයක් වී එය ඉෂ්ටකරන්නෝය.
සේනාවල ස්වාමීන්වහන්සේද මේ කන්දේදී සියලු ජනයන්ට සාරවූ දෙයින් මංගල්‍යයක්, එනම් රසවත් මුද්‍රිකපානයෙන්ද ප්‍රණීත ආහාරයෙන්ද පෙරූ රසවත් මුද්‍රිකපානයෙන්ද මංගල්‍යයක් සාදනසේක.
එනම් මාගේ ගෘහයෙහිද මාගේ භිත්ති ඇතුළෙහිද පුත්‍රයන්ටත් දූවරුන්ටත් වඩා සිහිවීම් ලකුණක්ද නාමයක්ද ඔවුන්ට දෙන්නෙමි; සිදී නොයන සදාකාල නාමයක් ඔවුන්ට දෙන්නෙමි.
නුඹ මොරගසන විට නුඹ විසින් රැස්කරගත් ඒ දේවල් නුඹ ගළවා ගනීවා; ඒ සියල්ලම හුළඟට ගහගන යන්නේය, හුස්මකට පහවන්නේය. නුමුත් මා කෙරෙහි විශ්වාසකරන්නා දේශය අත්කරගෙන, මාගේ ශුද්ධවූ කන්ද උරුමකරගන්නේය.
ජාතීන්ගේ වස්තු නුඹ ළඟට ගෙනෙන පිණිසද ඔවුන්ගේ රජුන් පෙරටුව එන පිණිසද නුඹේ දොරටු රෑ දාවල් නොවසා නිතරම ඇරී තිබේ.
කේදාර්හි සියලු එළු බැටළු රැළවල් නුඹ වෙතට රැස්කරනු ලැබෙත්, නෙබායොත්හි බැටළුවෝ නුඹට සේවයකරත්. උන් මාගේ පූජාසනය පිටට පැමිණ පිළිගනු ලැබෙත්. මමද මාගේ තේජසේ ගෘහය අලංකාරකරන්නෙමි.
මම ස්වාමීන්වහන්සේ තුළ බොහෝසේ ප්‍රීතිවන්නෙමි, මාගේ ආත්මය මාගේ දෙවියන්වහන්සේ තුළ සන්තෝෂවන්නේය; මක්නිසාද මනමාලයා පූජක මකුටයක් දමාගන්නාක්මෙන්ද මනමාලි ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන්ද උන්වහන්සේ ගැළවීම නැමති වස්ත්‍ර මට පැළදෙවුසේක, ධර්මිෂ්ඨකම නැමති සළුවද මට පෙරෙවුසේක.
නුමුත් ස්වාමීන්වහන්සේ, අත්හැර, මාගේ ශුද්ධ කන්ද සිහිනැති කර, ශ්‍රීකාන්තාවට මේසයක් පිළියෙළ කරන්නාවූ, මිශ්‍රවූ මද්‍යපානය ඉරණම නම් දේවතාවීට පුරවා දෙන්නාවූ තැනැත්තෙනි,
වෘකයාද බැටළුවස්සාද එකට තෘණ කන්නෝය, සිංහයා හරකා මෙන් පිදුරු කන්නේය. ධූලි සර්පයාගේ කෑම වන්නේය. මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශකිරීමක්වත් නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
මාගේ නාමය තබා තිබෙන මේ ගෘහය සොරුන්ගේ ගුහාවක්යයි නුඹලා සිතනවාද? මටත්, එසේය මටත් පෙනෙනවායයි ස්වාමීන්වහන්සේ කියනසේක.
මක්නිසාද උස්වූ ඉශ්‍රායෙල් කන්ද වන මාගේ ශුද්ධ කන්දේදී මුළු ඉශ්‍රායෙල් වංශය වන දේශයෙහි සිටින ඔවුන් සියල්ලෝම මට සේවයකරන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. එහිදී මම ඔවුන් පිළිගන්නෙමි, එහිදී මම නුඹලාගේ පඬුරුද නුඹලා ඔප්පුකරන ප්‍රථම ඵලද නුඹලාගේ සියලු ශුද්ධ දේත් ඇතුළුව මට දෙන්ට නියමකරන්නෙමි.
නුඹලාටත් නුඹලා අතරේ වාසයකරන්නාවූ, නුඹලා අතරෙහි දරුවන් ඉපදී සිටින විදේශීන්ටත් උරුමයක් පිණිස පසඇට දමා බෙදාගන්න; ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි ස්වදේශීන් මෙන් නුඹලා සමඟ සිටිත්වා; නුඹලා සමඟ ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරෙහි පසඇට දැමීමෙන් ඔවුන්ට උරුමයක් වන්නේය.
මෙසේ ස්වාමීන්වහන්සේ වන මා මාගේ ශුද්ධ කන්ද වන සියොන්හි වසන නුඹලාගේ දෙවියන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය. එකල යෙරුසලම ශුද්ධව තිබෙන්නේය, විදේශියෝ එහි මැදින් තවත් නොයන්නෝය.
මම සියොන්ට හැරී ආවෙමි, යෙරුසලම තුළද වාසයකරන්නෙමි. යෙරුසලමට සැබෑකමේ නුවරය කියාද සේනාවල ස්වාමීන්වහන්සේගේ කන්ද වන ශුද්ධවූ කන්දය කියාද නම් තබන්ට යෙදේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
මක්නිසාද ඉර උදාවන තැන් පටන් බස්නා තැන දක්වා මාගේ නාමය ජාතීන් අතරේ උතුම්ය; සියලුම ස්ථානවල සුවඳ දුම්ද පිරිසිදු පූජාවක්ද මාගේ නාමයට ඔප්පුකරනු ලබන්නේය. එසේය, මාගේ නාමය ජාතීන් අතරේ උතුම්යයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
මාගේ ගෘහය යාච්ඤා ගෘහයක්ය කියනු ලබන්නේයයි ලියා තිබේ. නුමුත් නුඹලා ඒක සොරුන්ගේ ගුහාවක් කරතියි ඔවුන්ට කීසේක.
උන්වහන්සේ උගන්වමින් ඔවුන්ට කියනසේක්: මාගේ ගෘහය සියලු ජාතීන්ට යාච්ඤා ගෘහයකැයි කියනු ලබන්නේයයි ලියා තිබෙනවා නොවේද? නුමුත් නුඹලා ඒක සොරුන්ගේ ගුහාවක් කළහුයයි කීසේක.
මාගේ ගෘහය යාච්ඤා ගෘහයක් වන්නේයයි ලියා තිබේ. නුමුත් නුඹලා ඒක සොරුන්ගේ ගුහාවක් කර තිබේයයි ඔවුන්ට කීසේක.
එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික සේවය වේ.
එබැවින් පුරුෂයන් සෑමතැන්හිම කෝපයත් විවාදයත් නැතුව, පිරිසිදු අත් ඔසවා, යාච්ඤාකරනවාට කැමැත්තෙමි.
නුමුත් නුඹලා ළඟාවී සිටින්නේ සියොන් කන්දටත්, ජීවමාන දෙවියන්වහන්සේගේ නුවරවූ ස්වර්ගීය යෙරුසලමටත්, ගණන් නැති දේවදූත සේනා වෙතටත්,
එබැවින් දෙවියන්වහන්සේගේ නාමයට ස්තුතිකරන තොල්වල ඵල වන ප්‍රශංසාව නමැති පූජාව උන්වහන්සේම කරණකොටගෙන නිතරම දෙවියන්වහන්සේට ඔප්පුකරමු.
නුඹලාත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේට ප්‍රසන්නවූ ආත්මික පූජා ඔප්පුකරන පිණිස ශුද්ධ පූජක සමූහයක් වීමට ආත්මික ගෘහයක් කොට ජීවමාන ගල් මෙන් ගොඩනගනු ලබන්නහුය,