Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 60:7 - Sinhala Revised Old Version

7 කේදාර්හි සියලු එළු බැටළු රැළවල් නුඹ වෙතට රැස්කරනු ලැබෙත්, නෙබායොත්හි බැටළුවෝ නුඹට සේවයකරත්. උන් මාගේ පූජාසනය පිටට පැමිණ පිළිගනු ලැබෙත්. මමද මාගේ තේජසේ ගෘහය අලංකාරකරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 කේදාර් හා නෙබායොත්හි සියලු එළු බැටළු පට්ටි පූජා කරනු සඳහා නුඹ වෙත ගෙනෙනු ලබති; උන් සමිඳුන්ගේ පූජාසනය පිට ඔප්පු කරනු ලබති. සමිඳාණෝ සිය තේජාන්විත දේව මාලිගාව අලංකාරවත් කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 කේදාර් හා නෙබායොත්හි සියලු එළු බැටළු පට්ටි පූජා කරනු සඳහා නුඹ වෙත ගෙනෙනු ලබති; උන් සමිඳුන්ගේ පූජාසනය පිට ඔප්පු කරනු ලබති. සමිඳාණෝ සිය තේජාන්විත දේව මාලිගාව අලංකාරවත් කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 60:7
20 හුවමාරු යොමු  

මාගේ ශුද්ධ කන්දට පමුණුවා මාගේ යාච්ඤා-ගෘහයෙහි ඔවුන් ප්‍රීතිවන්ට සලස්වන්නෙමි; ඔවුන්ගේ දවන පූජා සහ යාග මාගේ පූජාසනය පිට පිළිගනු ලබන්නේය. මක්නිසාද මාගේ ගෘහය සියලු ජනයන්ට යාච්ඤා-ගෘහයක්යයි කියනු ලබන්නේය.


තම තමන්ගේ පරම්පරා ලෙස, නම් වශයෙන් ඉෂ්මායෙල්ගේ පුත්‍රයින්ගේ නාම නම්: ඉෂ්මායෙල්ගේ කුලුඳුලාවූ නෙබායොත්ය; කේදාර්, අද්බෙයෙල්, මිබ්සාම්, මිෂ්මා, දූමා සහ මස්සාය; හදද්,


දෙවියන්වහන්සේගේ ශුභාරංචියේ සේවය පවත්වමින්, අන්‍යජාතීන්ට ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සේවකයෙකු වීමට දෙවියන්වහන්සේ මට දී තිබෙන කරුණාව නිසාය.


එබැවින් ගොන් සත්දෙනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන මාගේ සේවකයාවූ යෝබ් ළගට ගොස්, නුඹලා වෙනුවට දවන පූජාවක් ඔප්පුකරන්න. මාගේ සේවකයාවූ යෝබ් නුඹලා උදෙසා යාච්ඤාකරන්නේය; එවිට නුඹලාගේ මෝඩකමේ හැටියට මා විසින් නුඹලාට නොකරන පිණිස ඔහු පිළිගන්නෙමි; මක්නිසාද මාගේ සේවකයාවූ යෝබ් වාගේ නුඹලා මා ගැන හරි ලෙස කථාකළේ නැතැයි කීසේක.


එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික සේවය වේ.


කාන්තාරය සහ එහි නුවරවල්ද කේදාර්වරුන් වාසයකරන ගම්ද ශබ්දනගත්වා; පර්වතවල වැසියෝ ඔල්වරහඬ දෙත්වා, කඳු මුදුන්වල සිට මොරගසත්වා.


අපට පූජාසනයක් ඇත්තේය, මණ්ඩපයට සේවයකරන්නන්ට එයින් කන්ට අවසර නැත.


මාගේ ශුද්ධස්ථානය අලංකාරකිරීමට ලෙබනොන්හි තේජසද දේවදාර ගස්ද හල් ගස්ද තෂ්ෂුර් ගස්ද එක්ව නුඹ ළඟට පැමිණෙනවා ඇත; මමද මාගේ පාදස්ථානය තේජවත්කරන්නෙමි.


අහෝ, මෙෂෙක්හි විදේශීව සිටීමද කේදාර්හි කූඩාරම් අතරේ වාසය කිරීමද මට දුකක්ය.


යෙරුසලමේ දූවරුනි, මම කේදාර්හි කූඩාරම් මෙන් කළු නුමුත්, සාලමොන්ගේ තිර මෙන් ශෝභනව සිටිමි.


ඒ දවසෙහි ස්වාමීන්වහන්සේට මිසර දේශය මැද පූජාසනයකුත් එහි සීමාව ළඟ ස්වාමීන්වහන්සේට කණුවකුත් වන්නේය.


ස්වාමීන්වහන්සේ මිසරවරුන්ට ප්‍රකාශවනසේක, මිසරවරු ඒ දවසේදී ස්වාමීන්වහන්සේ ඇඳිනගන යාගවලින්ද ආහාර පූජාවලින්ද නමස්කාරකරන්නෝය, ස්වාමීන්වහන්සේට භාරයක් වී එය ඉෂ්ටකරන්නෝය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ මට කථාකොට: කුලීකාරයෙකුගේ අවුරුදු ලෙස තව අවුරුද්දකින් කේදාර්හි මුළු තේජස නැතිව යන්නේය.


මක්නිසාද උස්වූ ඉශ්‍රායෙල් කන්ද වන මාගේ ශුද්ධ කන්දේදී මුළු ඉශ්‍රායෙල් වංශය වන දේශයෙහි සිටින ඔවුන් සියල්ලෝම මට සේවයකරන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. එහිදී මම ඔවුන් පිළිගන්නෙමි, එහිදී මම නුඹලාගේ පඬුරුද නුඹලා ඔප්පුකරන ප්‍රථම ඵලද නුඹලාගේ සියලු ශුද්ධ දේත් ඇතුළුව මට දෙන්ට නියමකරන්නෙමි.


අරාබිය සහ කේදාර්හි සියලු අධිපතීහු නුඹ යටතේ වෙළෙන්දෝව සිට නුඹ සමඟ බැටළුපැටවුන්ද බැටළුවන්ද එළුවන්ද වෙළඳාම්කළෝය.


විසිරගිය මාගේ සෙනඟ වන මට කන්නලව්කරන්නෝ කූෂ් ගංගාවලට එගොඩින් මාගේ පඬුර ගෙනෙන්නෝය.


මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ගෞරවය පැමුණුනායින් පසු උන්වහන්සේ නුඹලාගෙන් කොල්ලකෑ ජාතීන් ළඟට මා ඇරියසේක. මක්නිසාද නුඹලාට අත ගසන්නා උන්වහන්සේගේ ඇසේ කළු ඉංගිරියාවට අතගසන්නේය.


නුමුත් මතු දවස්වලදී ස්වාමීන්වහන්සේගේ ගෘහයේ පිහිටි කන්ද කඳුවල මුදුනේ පිහිටුවනු ලබන්නේය, හෙල්වලට වඩා උසස්වන්නේය; ජනයෝ එය කරා ගලාගන එන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්