Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 47:22 - Sinhala Revised Old Version

22 නුඹලාටත් නුඹලා අතරේ වාසයකරන්නාවූ, නුඹලා අතරෙහි දරුවන් ඉපදී සිටින විදේශීන්ටත් උරුමයක් පිණිස පසඇට දමා බෙදාගන්න; ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි ස්වදේශීන් මෙන් නුඹලා සමඟ සිටිත්වා; නුඹලා සමඟ ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරෙහි පසඇට දැමීමෙන් ඔවුන්ට උරුමයක් වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 නුඹලාටත්, නුඹලා අතරේ වාසය කරන, නුඹලා අතරෙහි දරුවන් ඉපදී සිටින විදේශීන්ටත් උරුමයක් පිණිස පස ඇට දමා බෙදාගන්න. ඔව්හු ඉශ්රායෙල්වරුන් අතරෙහි පුරවැසියන් මෙන් නුඹලා සමඟ සිටිත්වා. නුඹලා සමඟ ඉශ්රායෙල් ගෝත්‍ර අතරෙහි පස ඇට දැමීමෙන් ඔවුන්ට උරුමයක් වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 නුඹලාටත්, නුඹලා අතරේ වාසය කරන, නුඹලා අතරෙහි දරුවන් ඉපදී සිටින විදේශීන්ටත් උරුමයක් පිණිස පස ඇට දමා බෙදාගන්න. ඔව්හු ඉශ්රායෙල්වරුන් අතරෙහි පුරවැසියන් මෙන් නුඹලා සමඟ සිටිත්වා. නුඹලා සමඟ ඉශ්රායෙල් ගෝත්‍ර අතරෙහි පස ඇට දැමීමෙන් ඔවුන්ට උරුමයක් වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 47:22
20 හුවමාරු යොමු  

මක්නිසාද ස්වාමීන්වහන්සේ යාකොබ්ට අනුකම්පාකොට, ඉශ්‍රායෙල් නැවත තෝරාගෙන, ඔවුන්ගේම දේශයෙහි ඔවුන් පිහිටුවනසේක. විදේශියෝ ඔවුන්ට එකතුව යාකොබ්ගේ වංශයට බැඳෙන්නෝය.


තවද නුඹලා දේශය උරුම කරගැනීමට පසඇට දමන කල, උපහාරයක් කොට දේශයෙන් ශුද්ධ කොටසක් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්න. ඒකේ දිග දඬු විසිපන් දහසක්ද පළල දඬු දසදහසක්ද වන්නේය. වටකර ඒකේ සියලු සීමා තුළ ඒක ශුද්ධය.


මේ දේශයද ඉශ්‍රායෙල් ගෝත්‍ර ප්‍රකාරයට නුඹලා අතරේ බෙදාගන්න.


විදේශියා වාසයකරන ගෝත්‍රය අතරේම ඔහුගේ උරුමය ඔහුට දෙන්නැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


ඉශ්‍රායෙල් ගෝත්‍රවලට උරුමයක් පිණිස නුඹලා පසඇට දමා බෙදිය යුතුවූ දේශය ඒකය, ඔවුන්ගේ කොටස් ඒවායයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


නුඹලා ළඟ වාසයකරන විදේශියා නුඹලා අතරෙහිම උපන්නෙකු මෙන් වේවා, නුඹට මෙන් ඔහුට ප්‍රේමකරන්න; මක්නිසාද නුඹලා මිසර දේශයෙහි විදේශියෝව සිටියහුය. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


ඔව්හු ඒ අසා, නිශ්ශබ්දවී, දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින්: එසේවී නම් දෙවියන්වහන්සේ අන්‍යජාතීන්ටත් ජීවනය පිණිස වූ පශ්චාත්තාපය දුන්සේකැයි කීවෝය.


උන්වහන්සේ ඔවුන් සහ අප අතරේ කිසි වෙනසක් නොකොට, ඇදහිල්ල කරණකොටගෙන ඔවුන්ගේ සිත් පවිත්‍රකළසේක.


මක්නිසාද යුදෙව්වාද ග්‍රීකයාද අතරේ ප්‍රභේදයක් නැත. එකම ස්වාමීන්වහන්සේ සියල්ලන්ට ස්වාමිව, උන්වහන්සේට යාච්ඤාකරන සියල්ලන් උදෙසා පොහොසත්ව සිටිනසේක.


එනම් ශුභාරංචිය කරණකොටගෙන ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ, අන්‍යජාතීන් හවුල් උරුමක්කාරයන් බවත්, ශරීරයේ හවුල් අවයවයන් බවත්, පොරොන්දුවට හවුල්කාරයන් බවත්ය,


එබැවින් විදේශියාට ප්‍රේම කරන්න. මක්නිසාද නුඹලා මිසර දේශයෙහි විදේශියෝව සිටියහුය.


එහි ග්‍රීකයෙක්වත් යුදෙව්වෙක්වත් චර්මඡේද්‍යයෙක්වත් අචර්මඡේද්‍යයෙක්වත් ම්ලේච්ඡයෙක්වත් ස්කිතියෙක්වත් දාසයෙක්වත් නිර්දාසයෙක්වත් සිටිනවා නොව, ක්‍රිස්තුස්වහන්සේ සියල්ලව, සියල්ලන් තුළ සිටිනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්