ඔව්හු තමුන්ට ලැබුණු ගොනා රැගෙන පිළියෙළකොට උදය පටන් ඉරමුදුන් වේලාව දක්වා බාල්ගේ නාමයෙන් යාච්ඤාකරමින්: අහෝ, බාල්, ඔබ අපට උත්තරදුනමැනවයි කීවෝය. නුමුත් කිසි හඬක්වත් උත්තර දුන් කිසිවෙක්වත් නොවීය. ඔව්හු සාදා තිබුණු පූජාසනය වටේට නට නටා ඇවිද්දෝය.
යෙසායා 44:17 - Sinhala Revised Old Version ඉතිරි කොටසෙන් ඔහු රූපයක් දෙවිකෙනෙක් පිණිස සාදාගන්නේය. ඔහු ඊට වැඳ වැටී නමස්කාරකරමින් යාච්ඤාකොට: ඔබ මාගේ දෙවියෝය; ඒ නිසා මා ගැළෙවුව මැනවයි කියන්නේය. Sinhala New Revised Version ඉතිරි ලී කෑල්ලෙන් ඔහු දේව රූපයක් නෙළාගන්නේ ය. ඔහු වැඳ වැටී එයට නමස්කාර කරන්නේ ය. ඔහු එයට යාච්ඤා කරමින්, “ඔබ මාගේ දෙවි තුමා ය. මා ගැළෙව්ව මැනව”යි කියන්නේ ය. Sinhala New Revised Version 2018 ඉතිරි ලී කෑල්ලෙන් ඔහු දේව රූපයක් නෙළාගන්නේ ය. ඔහු වැඳ වැටී එයට නමස්කාර කරන්නේ ය. ඔහු එයට යාච්ඤා කරමින්, “ඔබ මාගේ දෙවි තුමා ය. මා ගැළෙව්ව මැනව”යි කියන්නේ ය. |
ඔව්හු තමුන්ට ලැබුණු ගොනා රැගෙන පිළියෙළකොට උදය පටන් ඉරමුදුන් වේලාව දක්වා බාල්ගේ නාමයෙන් යාච්ඤාකරමින්: අහෝ, බාල්, ඔබ අපට උත්තරදුනමැනවයි කීවෝය. නුමුත් කිසි හඬක්වත් උත්තර දුන් කිසිවෙක්වත් නොවීය. ඔව්හු සාදා තිබුණු පූජාසනය වටේට නට නටා ඇවිද්දෝය.
ඔව්හු මහත් හඬින් මොරගසා තමුන්ගේ සිරිතේ හැටියට ලේ ඇඟේ වැගිරෙන තුරු පිහියාවලිනුත් හෙල්ලවලිනුත් තමුන්ගේ ශරීර කපාගත්තෝය.
ඔවුන්ගේ දේශය පිළිමවලින් පිරී තිබේ; තමුන්ගේම අත්වැඩය වන තමුන්ගේම ඇඟිලිවලින් සෑදූ දේට ඔව්හු වඳිති.
තවද ඔහු තමාගේ දෙවිවූ නිස්රොක්ගේ ගෘහයෙහි නමස්කාරකරද්දී ඔහුගේ පුත්‍රවූ අද්‍රම්මෙලෙක්ද ෂරෙශෙර්ද ඔහු කඩුවෙන් මරා අරාරාත් දේශයට සැඟවී ගියෝය. ඔහුගේ පුත්‍රවූ ඒසර්-හද්දොන් ඔහු වෙනුවට රජවිය.
එවිට ඒක ගිනිදැල්වීම පිණිස මනුෂ්‍යයෙකුට ලැබේ; ඔහු එයින් රැගෙන ගිනිතපින්නේය; එසේය, එය පත්තුකොට රොටිද පුලුස්සන්නේය. එයින් ඔහු දෙවිකෙනෙකුත් සාදා නමස්කාරකරන්නේය. එයින් රූපයක්ද තනා ඊට වැඳවැටෙන්නේය.
ඔහු එයින් කොටසක් ගින්නෙන් දවන්නේය, කොටසකින් මස් පිස කන්නේය; ඔහු කෑම පුලුස්සා කා තෘප්තියට පැමිණෙන්නේය. එසේය, ඔහු ගිනි තැප: ඔහෝ මම උණුසුම්වීමි, ගින්දර දුටිමියි කියන්නේය.
ජාතීන් අතරෙන් ගැළවී සිටින තැනැත්තෙනි, රැස්වී ඇවිත් එක්ව ළංවෙන්න. තමුන්ගේ ලී රූප උසුලාගන යන්නාවූ, ගළවන්ට බැරි දෙවිකෙනෙකුට යාච්ඤා කරන්නාවූ අයට දැනුම නැත.
වස්තුකාරයෝ මල්ලෙන් ගන්න රන්ද රිදීද තරාදියෙන් කිරා, රන්කරුවෙකු කුලියට ගෙන, ඒවායින් දෙවිකෙනෙකු සාදවාගෙන, ඊට වැඳවැටී නමස්කාරකෙරෙති.
ඔව්හු: මාගේ පියාණෝ නුඹයයි දණ්ඩකටද: නුඹ මා ඉපදෙවූවෙහියයි ගලකටද කියති. මක්නිසාද ඔව්හු මට තමුන්ගේ මුහුණ නොව පිට පෑවෝය. එහෙත් ඔවුන්ගේ විපත්ති කාලයේදී: ඔබ නැගිට අප ගැළෙවුව මැනවයි ඔවුන් කියනවා ඇත.
ඇවිළෙන ගිනි උදුනෙන් ගළවන්ට නම් අප සේවයකරන අපේ දෙවියන්වහන්සේට පුළුවන; රජ්ජුරුවෙනි, උන්වහන්සේ ඔබගේ අතින් අප ගළවනසේක.
එබැවින් ෂද්‍රක්ගේද මේෂක්ගේද අබේද්-නෙගෝගේද දෙවියන්වහන්සේට විරුද්ධව දෝෂ කියන සියලු සෙනඟද ජාතීන්ද භාෂාවන්ද කැබෙලිකොට, ඔවුන්ගේ ගෙවල් කසළගොඩක් කරන හැටියට නියමයක් කරමි. මක්නිසාද මේ ආකාරයෙන් ගළවාගන්ට පුළුවන්වූ වෙන දෙවිකෙනෙක් නැතැයි කීවේය.
එවිට රජුගේ ආඥාව පිට දානියෙල් ගෙනැවිත්, සිංහ ගුහාවේ දැමුවෝය. රජ දානියෙල්ට කථාකොට: නුඹ නොකඩවම සේවය කරන නුඹේ දෙවියන්වහන්සේ නුඹ ගළවනසේක්වයි කීවේය.
උන්වහන්සේ ගළවා නිදහස්කරනසේක, අහසෙහිද පොළොවෙහිද ලකුණු සහ ආශ්චර්යයන් කරනසේක; උන්වහන්සේ සිංහයන්ගේ බලයෙන් දානියෙල් ගැළවූසේකැයි ලියා යැවීය.
දැන් ඔවුන් තව තව පව්කරමින්, පිළිම වන දේවරූප තමුන්ගේ ඥානයේ හැටියට තමුන්ගේ රිදීවලින් සාදාගන තිබේ, ඒ සියල්ල කම්කරුවාගේ වැඩය. පූජාකරන මනුෂ්‍යයෝ වස්සන් සිඹගනිත්වයි ඔව්හු ඒවා ගැන කියති.
ලීයට: පිබිදියන්න කියාත් ගොළු ගලට: නැගිටින්න කියාත් කියන්නාට දුක්වේ! ඒක උගන්වනවා ඇද්ද? අන්න, ඒක රනිනුත් රිදීයෙනුත් වසා තිබේ. කිසි හුස්මක් ඒක තුළ ඇත්තේම නැත.
එහෙයින් අපගේ මේ කර්මාන්තය සුළු බවට පැමිණෙන්ට පුළුවන්වා පමණක් නොව, මුළු ආසියාවත් ලෝකයත් නමස්කාරකරන්නාවූ මහත් දේවතාවී වූ අර්තෙමිස්ගේ මාළිගාව අගෞරවයට පත්වීමද ඇගේ මහන්තත්ත්වය පවා පහවීයාමද වෙන්ට පුළුවනැයි කීවෝය.