Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 44:16 - Sinhala Revised Old Version

16 ඔහු එයින් කොටසක් ගින්නෙන් දවන්නේය, කොටසකින් මස් පිස කන්නේය; ඔහු කෑම පුලුස්සා කා තෘප්තියට පැමිණෙන්නේය. එසේය, ඔහු ගිනි තැප: ඔහෝ මම උණුසුම්වීමි, ගින්දර දුටිමියි කියන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 ලී කොටයකින් ඔහු ගින්නක් දල්වාගෙන, කෑම උයාගෙන වළඳා තෘප්තියට පැමිණෙන්නේ ය. ඔහු ගිනි තපිමින්, “මට හරි සනීප යි, මේක කදිම ගින්නකැ”යි කියන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ලී කොටයකින් ඔහු ගින්නක් දල්වාගෙන, කෑම උයාගෙන වළඳා තෘප්තියට පැමිණෙන්නේ ය. ඔහු ගිනි තපිමින්, “මට හරි සනීප යි, මේක කදිම ගින්නකැ”යි කියන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 44:16
5 හුවමාරු යොමු  

නැත, ඌ උගේ බිජු බිම දමා, ධූලියෙහි උණුසුම්කර,


එවිට ඒක ගිනිදැල්වීම පිණිස මනුෂ්‍යයෙකුට ලැබේ; ඔහු එයින් රැගෙන ගිනිතපින්නේය; එසේය, එය පත්තුකොට රොටිද පුලුස්සන්නේය. එයින් ඔහු දෙවිකෙනෙකුත් සාදා නමස්කාරකරන්නේය. එයින් රූපයක්ද තනා ඊට වැඳවැටෙන්නේය.


ඉතිරි කොටසෙන් ඔහු රූපයක් දෙවිකෙනෙක් පිණිස සාදාගන්නේය. ඔහු ඊට වැඳ වැටී නමස්කාරකරමින් යාච්ඤාකොට: ඔබ මාගේ දෙවියෝය; ඒ නිසා මා ගැළෙවුව මැනවයි කියන්නේය.


බලව, ඔව්හු ඉපනැලි මෙන් වන්නෝය; ගින්න ඔවුන් දවන්නේය; ඔව්හු ගිනිදැල්ලේ බලයෙන් තමුන්ම ගළවා නොගන්නෝය. එය ගිනි තපින්ට අඟුරක්වත් ළංව ඉන්ට ගින්නක්වත් නොවන්නේය.


මනුෂ්‍ය අත් වැඩ වන පොළෝ ජනයන්ගේ දෙවිවරුන් ගැන කථාකරන්නාක් මෙන් යෙරුසලමේ දෙවියන්වහන්සේ ගැන කථාකළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්