Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 44:17 - Sinhala New Revised Version

17 ඉතිරි ලී කෑල්ලෙන් ඔහු දේව රූපයක් නෙළාගන්නේ ය. ඔහු වැඳ වැටී එයට නමස්කාර කරන්නේ ය. ඔහු එයට යාච්ඤා කරමින්, “ඔබ මාගේ දෙවි තුමා ය. මා ගැළෙව්ව මැනව”යි කියන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 ඉතිරි ලී කෑල්ලෙන් ඔහු දේව රූපයක් නෙළාගන්නේ ය. ඔහු වැඳ වැටී එයට නමස්කාර කරන්නේ ය. ඔහු එයට යාච්ඤා කරමින්, “ඔබ මාගේ දෙවි තුමා ය. මා ගැළෙව්ව මැනව”යි කියන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 ඉතිරි කොටසෙන් ඔහු රූපයක් දෙවිකෙනෙක් පිණිස සාදාගන්නේය. ඔහු ඊට වැඳ වැටී නමස්කාරකරමින් යාච්ඤාකොට: ඔබ මාගේ දෙවියෝය; ඒ නිසා මා ගැළෙවුව මැනවයි කියන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 44:17
19 හුවමාරු යොමු  

සමිඳාණෝ මෙසේ වදාරන සේක: “ජාතීන් අතරේ ගැළවී සිටින සියල්ලෙනි, එක් රැස් ව ළඟා වෙත් වා! ලී රූප උසුලාගෙන යන, ගැළවීම ගෙන දෙන්න නොහැකි, දෙවිවරුන් යදින අයට නැණ නුවණ නැත.


ගළවන්නේත්, නිදහස් කරන්නේත්, අහසේ ද පොළොවේ ද හාස්කම් ද අරුමපුදුම දේ ද කරන්නේත් එතුමාණෝ ය. සිංහයන්ගේ බලයෙන් දානියෙල් මුදාගත්තේත් එතුමාණෝ ය”


එවිට රජතුමා දානියෙල් ගෙනවුත් සිංහ ගුහාවේ දැමීමට නියමයක් කෙළේ ය. එහෙත්, ඔහු දානියෙල්ට කතා කොට, “ඔබ නිරන්තරයෙන් ම නමස්කාර කරන, ඔබේ දෙවියන් වහන්සේ ඔබ ගළවන සේක් වා!”යි කී ය.


“එබැවින්, සියලු ජනයෙනි, ෂද්‍රක්ගේත්, මේෂක්ගේත්, අබෙද්නෙගෝගේත් දෙවියන් වහන්සේට විරුද්ධ ව දොස් කියන යම් කෙනෙකුට හෝ ජාතියකට හෝ භාෂාවකට හෝ අයත් යමෙක් වේ නම්, ඔහු කැබලි කොට ඔහුගේ ගේ-දොර කසළ ගොඩක් කරන හැටියට මම නියමයක් කරමි. මන්ද, මේ ආකාරයෙන් ගළවාගන්නට පුළුවන් අන් දෙවි කෙනෙක් නැත.”


රජතුමනි, ඇවිලෙන ගිනි උදුනෙන් අප ගළවාගන්නට පුළුවන් දෙවි කෙනෙක් සිටිත් නම්, ඒ අප වැඳුම්පිදුම් කරන දෙවියන් වහන්සේ ම ය. ඔබේ අතින් උන් වහන්සේ අප ගළවන සේක.


දිනක් ඔහු තමාගේ දෙවි වූ නිස්රොක්ගේ දේවාලයේ නමස්කාර කරමින් සිටිය දී, ඔහුගේ පුත්‍රයන් වූ අදුම්මෙලෙක් හා ෂරෙශෙර් ඔහු කඩුවෙන් මරාදමා අරාරාත් රටට පලා ගියෝ ය. ඒසර්-හද්දොන් නම් ඔහුගේ තවත් පුත්‍රයෙක් ඔහු වෙනුවට අධිරාජයා වශයෙන් පත් විය.


ඔව්හු තමන්ට ලැබුණු ගොනා රැගෙන පිළියෙළ කොට, උදය පටන් ඉර මුදුන් වේලාව දක්වා බාල් දේවතාවාගේ නාමයෙන් යාච්ඤා කරමින්, “අහෝ බාල් දේවතාවෙනි” කියා කෑ ගසමින්, සාදා තිබුණු පූජාසනය වටේට නට නටා ඇවිද්දෝ ය. එහෙත්, කිසි හඬක් වත්, උත්තර දුන් කිසිවෙක් වත් නො වූ හ.


ඒ නිසා අපේ මේ කර්මාන්තය අපකීර්තියට පත් විය හැකි ය. එපමණක් නොව, මුළු ආසියාවත් ලෝකයත් නමස්කාර කරන උත්තරීතර දේවතාවිය වූ අර්තෙමිස්ගේ දේවාලය අභාවයට පත් වීමට ද ඇගේ අභිමානය පවා නැති වී යාමට ද ඉඩ තිබේ ය”යි කී ය.


ඔව්හු මහත් හඬින් මොරගසා තමන්ගේ සිරිත අනුව ලේ ඇඟේ ගලා යන තුරු පිහිවලිනුත්, හෙල්ලවලිනුත් තමන්ගේ ශරීර කපාගත්හ.


ඔවුන්ගේ දේශය පිළිමවලින් පිරී ඇත. ඔව්හු සිය අත්වලින් තැනූ දේ නමදිති.


එය වැඩුණු විට ගසෙන් කොටසක් ගිනි දැල්වීම පිණිස යොදාගන්නේ ය. ඒ කොටසෙන් ගිනි තපින්නේ ය; එය පත්තු කොට රොටි ද පුළුස්සන්නේ ය. ඉතිරි කොටසින් ඔහු දේව රූපයක් නෙළා ගෙන ඊට නමස්කාර කරන්නේ ය; ඊට වැඳ වැටෙන්නේ ය.


ලී කොටයකින් ඔහු ගින්නක් දල්වාගෙන, කෑම උයාගෙන වළඳා තෘප්තියට පැමිණෙන්නේ ය. ඔහු ගිනි තපිමින්, “මට හරි සනීප යි, මේක කදිම ගින්නකැ”යි කියන්නේ ය.


වස්තුකාරයෝ තමන්ගේ පසුම්බි හැර, රන් රිදී ගෙන තරාදියෙන් කිරා, රන් කරුවෙකු කුලියට ගෙන, දෙවි රූපයක් ඔහු ලවා සාදවා, වැඳ වැටී ඊට නමස්කාර කරති.


දැන් ඔව්හු තව තවත් පව් කරමින් නැමදීමට තමන්ගේ රිදීවලින් දක්ෂ ලෙස වාත්තු කළ දේව රූප තනා ගනිති. ඒවා වනාහි කම්කරුවන්ගේ නිෂ්පාදන පමණකි. ‘පූජා කරන මිනිස්සු වහු පිළිම සිඹ ගනිත් වා’යි කියති.


ගසකට, ‘නුඹ මාගේ පියා ය’ කියා ද ගලකට ‘නුඹ මාගේ මව ය’ කියා ද කියන නුඹලා සියලු දෙනා ලජ්ජාවට පත් වනු ඇත. මෙසේ වන්නේ, නුඹලා මා වෙත නොහැරී මට පිටු පෑ බැවිනි. එහෙත්, නුඹලා විපතට පත් වූ විට ‘නැඟිට අප ගැළෙවුව මැනවැ’යි මට කන්නලව් කරන්නහු ය.


මම නුඹලා භාවිතා කරන මායම් නැති කර දමමි. පේන කියන එකෙකු වත් ඉතිරි නොකරන්නෙමි.


ඒ රූපයට ‘පිබිදෙන්න’ කියාත්, ගලින් නෙළූ ගොළු පිළිමවලට ‘නැඟිටින්න’ කියාත් කියන නුඹලාට වන විපතක මහත! පිළිමවලට කිසිවක් එළිදරව් කළ හැකි ද? අහෝ! රන් රිදීයෙන් එය වසා තිබුණත් එය තුළ ප්‍රාණයක් ඇත්තේ ම නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්