ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙසායා 43:19 - Sinhala Revised Old Version

බලව, මම අමුතු දෙයක් කරන්නෙමි; දැන් ඒක අටගන්නවා ඇත; නුඹලා ඒක නොදන්නහුද? මම කාන්තාරයෙහි පවා මාර්ගයක්ද වනයෙහි ගංගාද සාදන්නෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

බලන්න, මම අලුත් දෙයක් කරන්නෙමි. එය දැනුදු ඉටු වේ; නුඹලාට එය නොපෙනේ ද? මම කාන්තාරයෙහි පවා මාර්ගයක් සාදා, එහි ජලධාරා ඇති වන්න සලස්වන්නෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

බලන්න, මම අලුත් දෙයක් කරන්නෙමි. එය දැනුදු ඉටු වේ; නුඹලාට එය නොපෙනේ ද? මම කාන්තාරයෙහි පවා මාර්ගයක් සාදා, එහි ජලධාරා ඇති වන්න සලස්වන්නෙමි.

පරිච්ඡේදය බලන්න



යෙසායා 43:19
26 හුවමාරු යොමු  

උන්වහන්සේ පර්වතය විවරකළසේක, ජලය පැනනැගී, ගංගාවක් මෙන් වියළි ස්ථානවල ගලාගියේය.


ස්වාමිනි, අපෙන් වහල්ව සිටින්නන් දකුණු දිසාවේ ඇළවල් මෙන් ආපසු ගෙන අව මැනව.


බලව, මම හොරේබ්හි පර්වතය පිට එහි නුඹ ඉදිරියෙහි සිටිමි; නුඹ පර්වතයට ගසන්න, සෙනඟට බොන්ට වතුර එයින් නික්මෙන්නේයයි කීසේක. මෝසෙස් ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ගේ ඇස් හමුවෙහි එසේ කෙළේය.


බලකොටු වැටෙන මහත් මරාදැමීමේ දවසේ සියලු උස්කඳු පිටත් සියලු උස් හෙල් පිටත් ඔයවල් සහ වතුර දොළවල් වන්නේය.


මනුෂ්‍යයෙක් වනාහි සුළඟෙන් මුවාවෙන ඉඩමක් සහ කුණාටුවෙන් ආවරණයක් මෙන්ද වියළි ප්‍රදේශයක ජල ගංගා මෙන්ද විඩාවූ දේශයක මහ පර්වතයක සෙවණ මෙන්ද වන්නේය.


එසේය, එහි ස්වාමීන්වහන්සේ මහිමයෙන් යුක්තව අප සමඟ වනසේක, එය පළල් ගංගා සහ ඔයවල් ඇති ස්ථානයක්ය; හබල්වලින් පදින නැවක් එහි නොයන්නේය, මහ නෞකාවක්ද ඒ ළඟින් යාත්‍රා නොකරන්නේය.


වනාන්තරයද වියළි දේශයද ප්‍රීතිවන්නේය; කාන්තාරය ප්‍රීතිමත්වී සෙව්වන්දී මෙන් මල් දරන්නේය.


මම මුඩු කඳු මුදුන්වල ගංගාද මිටියාවත් මැද උල්පත්ද විවරකරන්නෙමි. කාන්තාරය දිය පොකුණක්ද වියළි දේශයන් ජල උල්පත්ද කරන්නෙමි.


මම කාන්තාරයෙහි කිහිරි ගස්ද ෂිට්ටීම් ගස්ද මරඳ ගස්ද තෙල් ගස්ද හිටවන්නෙමි; වනයෙහි දේවදාර ගස්ද හල් ගස්ද තෂ්ෂූර් ගස්ද එකට තබන්නෙමි.


බලව, පළමු කී දේවල් මෙන්න සිද්ධවී තිබේ, මම අමුතු දේවල් දන්වමි. ඒවා හටගන්ට පළමුවෙන් ඒවා නුඹලාට ප්‍රකාශකරමි.


මම පූර්වයේ පටන් නුඹට දන්වා, එය පැමිණෙන්ට පළමුවෙන් නුඹට ප්‍රකාශකෙළෙමි. එසේ කළේ: මාගේ දේව රූපය ඒවා කෙළේය කියාද මාගේ කැටයම් රූපය සහ මාගේ වාත්තු පිළිමයත් ඒවා නියම කෙළේය කියාද නුඹ නොකියන පිණිසය.


නුඹ එය අසා තිබේ; මේ සියල්ල බලන්න; නුඹලාත් දන්වන්නේ නැද්ද? මෙතැන් පටන් අමුතු දේවල්ද නුඹ නොදන්නාවූ සඟවා තිබෙන දේවල්ද නුඹට ප්‍රකාශකරමි.


ඔවුන්ට බඩගිනි නොවන්නේය, පිපාසා නොවන්නේය. මිරිඟු වැල්ලවත් අව්වවත් ඔවුන්ට පහර නොදෙන්නේය. මක්නිසාද ඔවුන්ට අනුකම්පාකරන තැනන්වහන්සේ ඔවුන් ගෙනගොස්, දිය උල්පත් ළඟින් ඔවුන් කැඳවාගෙන යනවා ඇත.


මක්නිසාද ස්වාමීන්වහන්සේ සියොන් සැනසූසේක. උන්වහන්සේ ඇගේ සියලු නටබුන් තැන් සනසා, ඇගේ වනාන්තරය ඒදන් මෙන්ද ඇගේ කාන්තාරය ස්වාමීන්වහන්සේගේ උයන මෙන්ද කළසේක; ප්‍රීතිමත්කමද සන්තෝෂයද ස්තුතිදීම සහ ගීතිකා හඬද එහි සම්බවේ.


එබැවින්: ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ ජීවමානයයි තවත් නොකියා,


අහෝ පසුබටවන දුව, නුඹ කොපමණ කල් ඔබමොබ යන්නෙහිද? මක්නිසාද ස්වාමීන්වහන්සේ පොළොවෙහි අමුතු දෙයක් මවා තිබේ: ස්ත්‍රිය පුරුෂයා කෙරෙහි ඇලුම්ව බැඳෙන්නීය.


ඔවුන් ඇඬීමද කන්නලව්ද ඇතුව එනවා ඇත, එලෙස ඔවුන් ගෙනෙන්නෙමි. වතුර ඔයවල් ළඟටද නොපැකිලෙන්නාවූ ඇද නැති මාර්ගයකද ඔවුන් ගෙනයන්නෙමි. මක්නිසාද මම ඉශ්‍රායෙල්ට පියකෙනෙක් වී සිටිමි, එප්‍රායිම්ද මාගේ කුලුඳුලාය. ‍‍‍


තමාගේ අත ඔසවා සැරයටියෙන් දෙවරක් පර්වතයට ගැසීය. එවිට වතුර බොහෝසෙයින් ගලාආයේය, සභාවද ඔවුන්ගේ සිව්පාවෝද එයින් බීවෝය.


එබැවින් යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය; මෙන්න, සියල්ලම අලුත්වී තිබේ.


ගිනි සර්පයන් සහ ගෝනුස්සන් ඇත්තාවූ, වතුර නැති, නියංසායෙන් යුක්තවූ ඒ මහත් භයංකර කාන්තාරය මැදින් නුඹ ගෙනාවාවූ, ගිනිගල් පර්වතයෙන් නුඹට වතුර නික්මවා දී,


සිංහාසනය පිට වැඩහුන් තැනන්වහන්සේ කථාකොට: බලව, සියල්ල අලුත්කරමියි කීසේක. තවද උන්වහන්සේ කථාකොට: ලියන්න. මක්නිසාද මේ වචන විශ්වාසය, සැබෑයයි කීසේක.