Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 48:6 - Sinhala Revised Old Version

6 නුඹ එය අසා තිබේ; මේ සියල්ල බලන්න; නුඹලාත් දන්වන්නේ නැද්ද? මෙතැන් පටන් අමුතු දේවල්ද නුඹ නොදන්නාවූ සඟවා තිබෙන දේවල්ද නුඹට ප්‍රකාශකරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 මා පෙර කී සියලු දේ දැන් සිදු වී ඇත. මාගේ අනාවැකි සිදු වී ඇති බව නුඹ පිළිගත යුතු ය. දැන්, මම කලින් නුඹට ප්‍රකාශ නොකළ මතු සිදු වන්න යන අලුත් දේවල් ප්‍රකාශ කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 මා පෙර කී සියලු දේ දැන් සිදු වී ඇත. මාගේ අනාවැකි සිදු වී ඇති බව නුඹ පිළිගත යුතු ය. දැන්, මම කලින් නුඹට ප්‍රකාශ නොකළ මතු සිදු වන්න යන අලුත් දේවල් ප්‍රකාශ කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 48:6
29 හුවමාරු යොමු  

ඉන්පසු අහසේ දොරක් ඇරී තිබෙනවා මම දුටිමි, හොරණෑවක ශබ්දය මෙන් මා සමඟ කථාකරනවා මා ඇසූ පළමුවෙනි හඬද: මෙහි නැගී එන්න, මේ දේවලට පසුව විය යුතු දේවල් නුඹට පෙන්වන්නෙමියි කීය.


බලව, පළමු කී දේවල් මෙන්න සිද්ධවී තිබේ, මම අමුතු දේවල් දන්වමි. ඒවා හටගන්ට පළමුවෙන් ඒවා නුඹලාට ප්‍රකාශකරමි.


මා විසින් නුඹලාට අඳුරේදී කියන දේ නුඹලා එළියේදී කියන්න. නුඹලාගේ කනට රහසේ ඇසෙන දේ ගෙවල් උඩදී ප්‍රකාශකරන්න.


බලව, මම අමුතු දෙයක් කරන්නෙමි; දැන් ඒක අටගන්නවා ඇත; නුඹලා ඒක නොදන්නහුද? මම කාන්තාරයෙහි පවා මාර්ගයක්ද වනයෙහි ගංගාද සාදන්නෙමි.


නුමුත් ලියා තිබෙන ලෙස: දෙවියන්වහන්සේ විසින් තමන් ප්‍රේම කරන්නන්ට සූදානම්කළ යම් දෙයක් ඇද්ද ඒ දේ ඇසට නොපෙනුණේය; කනට නොඇසුණේය, මනුෂ්‍යයාගේ සිතට නොපැමින්නේය.


නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක.


දාසයා තමාගේ ස්වාමියා කරන්නේ කුමක්දැයි නොදන්නා බැවින් තවත් නුඹලාට දාසයෝයයි නොකියමි; මක්නිසාද මාගේ පියාණන්වහන්සේගෙන් මා ඇසූ සියල්ල නුඹලාට දැන්වූ බැවින් නුඹලා මිත්‍රයෝයයි කීමි.


ජාතීන් අතරේ දන්වා ප්‍රකාශකොට, කොඩියක් නගන්න; නොසඟවා, ප්‍රසිද්ධකොට, මෙසේ කියන්න: බබිලෝනිය අසුවිය, බේල් ලජ්ජාවට පැමුණුණේය, මෙරොදක් කැලඹී සිටියි; ඇගේ දේවරූප ලජ්ජාවට පැමුණුණේය, ඇගේ රූප කැලඹී තිබේ.


එම්බා වංශය, ස්වාමීන්වහන්සේගේ වචනය බලන්න. මම ඉශ්‍රායෙල්වරුන්ට කාන්තාරයක්ව නොහොත් ඝනාන්ධකාර දේශයක්ව සිටියෙම්ද? අපි නිදහසට පැමුණුණෙමුව, අපි තවත් ඔබ ළඟට නොඑන්නෙමුයයි මාගේ සෙනඟ කියන්නේ මක්නිසාද?


අහෝ, මඩිනු ලැබූ මාගේ සෙනඟෙනි, මාගේ පාවරේ දරුවෙනි, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේගෙන් මා ඇසූ දේ මම නුඹලාට දැන්නුවෙමි.


ඔබගේ මුඛයේ සියලු විනිශ්චයන් මාගේ තොල්වලින් ප්‍රකාශකෙළෙමි.


නුවණැත්තේ මේ දේ සිතට ගනියි, ඔව්හු ස්වාමීන්ගේ කරුණාවන්තකම් කල්පනාකරන්නෝය.


එබැවින් නුඹ දුටු දේද දැන් තිබෙන දේද මින්පසු සිදුවන්ට තිබෙන දේද වන,


ස්වාමීන්වහන්සේගේ හඬ නුවරට මොරගසන්නේය, ඥානවන්තයා ඔබගේ නාමය දකිනවා ඇත. දණ්ඩටත් ඒක නියමකළ තැනන්වහන්සේටත් යටත්වෙන්න.


යම් නුවරක හොරණෑව පිම්බාම සෙනඟ භය නොවන්නෝද? ස්වාමීන්වහන්සේ නොපැමිණෙවු විපත්තියක් නුවරක ඇත්තේද?


පූර්වයේ පටන් නොව දැන්ම ඒවා උපදවනලද්දේය. බලව, මම ඒවා දැනගතිමියි නුඹ නොකියන පිණිස අද දවසට පළමුවෙන් නුඹ ඒවා නොඇසුවෙහිය.


මට යාච්ඤාකරන්න, එවිට මම නුඹට උත්තරදී, නුඹ නොදන්න මහත්වූ අමාරු දේ නුඹට පෙන්වන්නෙමි.


මම ස්වාමීන්වහන්සේය; මාගේ නාමය ඒකය. මාගේ ගෞරවය අන් කෙනෙකුටවත් මාගේ ප්‍රශංසාව රූපවලටවත් නොදෙන්නෙමි.


නුඹ බොහෝදේ දකින නුමුත් නොසලකන්නෙහිය; ඔහුගේ කන් ඇරී තිබෙද්දීත් ඔහු අසන්නේ නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්