උන්වහන්සේ තමන් බලයේ මහත් කමින් මා සමඟ විවාදකරනවා ඇද්ද? නැත, උන්වහන්සේ මට ඇහුම්කන් දෙනවා ඇත.
යෙසායා 27:8 - Sinhala Revised Old Version ඈ අහකට ඇරීමෙන් ඔබ මදක් ඈට දඬුවම්කරනසේක; පෙරදිගින් හුළඟ ගසන දවසේදී උන්වහන්සේ තමන්ගේ තද හුළඟින් ඈ පහකළසේක. Sinhala New Revised Version සමිඳාණෝ සිය සෙනඟ වහල්කමට යවමින් ඔවුන්ට දඬුවම් කළ සේක; නැගෙනහිරින් හැමූ අකුණු සුළඟකින් ඔවුන් පහකර දැමූ සේක. Sinhala New Revised Version 2018 සමිඳාණෝ සිය සෙනඟ වහල්කමට යවමින් ඔවුන්ට දඬුවම් කළ සේක; නැගෙනහිරින් හැමූ අකුණු සුළඟකින් ඔවුන් පහකර දැමූ සේක. |
උන්වහන්සේ තමන් බලයේ මහත් කමින් මා සමඟ විවාදකරනවා ඇද්ද? නැත, උන්වහන්සේ මට ඇහුම්කන් දෙනවා ඇත.
සැබවින් මනුෂ්‍යයාගේ උදහසින් ඔබට ප්‍රශංසා ලැබෙන්නේය. උදහසේ ඉතිරි කොටස ඔබ ආයුධ කොට බැඳගන්නාසේක.
නුමුත් අනුකම්පාවෙන් යුක්තවූ උන්වහන්සේ ඔවුන්ගේ අයුතුකම කමා කළසේක, ඔවුන් විනාශ නොකළ සේක. එසේය, උන්වහන්සේ නොයෙක්විට තමන්ගේ කෝපය ඉවත හරවා, තමන්ගේ මුළු උදහස ඇවිස්සෙන්ට නුදුන්සේක.
නුඹලා වඩ වඩා කැරළිගසා තව පහර ලබන්නේ මක්නිසාද? මුළු හිස රෝගාතුරව, මුළු සිත දුර්වලව තිබේ.
මෙසේ ස්වාමීන්වහන්සේ සියොන් කන්දෙහිත් යෙරුසලමෙහිත් තමන්ගේ මුළු වැඩය තීන්දුකළ පසු, මම අෂූර්හි රජුගේ සිතේ අහංකාරකමේ ඵලය ගැනත් ඔහුගේ උඩඟු ඇස්වල එඩිතරකම ගැනත් දඬුවම්කරන්නෙමි.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා විසින් නුඹලාගේ මවු අත්හැරිය විට ඈට දුන් අත්හැරීම්-පත්‍රය කොතනද? නොහොත් මා විසින් නුඹලා වික්කේ මට ණය දුන් අයගෙන් කාටද? බලව, නුඹලා විකුණනු ලැබුවේ නුඹලාගේම අපරාධ නිසාත් නුඹලාගේ මවු අත්හරිනු ලැබුවේ නුඹලාගේම වරද නිසාත්ය.
මම සදාකල්ම විවාද නොකරන්නෙමි, සෑම කල්ම උදහස්ව නොසිටින්නෙමි. එසේ සිටියොත් මා ඉදිරියෙහි ආත්මයද මා විසින් මැවූ ප්‍රාණද ක්ලාන්තවී යන්නෝය.
ප්‍රීතිවී ධර්මිෂ්ඨකම් කරන්නාවූ, ඔබගේ මාර්ගවලදී ඔබ සිහිකරන්නාවූ අයට ඔබ සම්බවනසේක. මෙන්න, ඔබ කෝපවූසේක. අපි පව්කෙළෙමුව. බොහෝ කලක සිට අපි ඒවායේ පැවතුණෙමුව, අපට ගැළවීම ලැබේද?
ස්වාමීන්වහන්ස, ඔබ මා කිසිත් නැතිකමට නොපමුණුවන පිණිස ඔබගේ උදහසින් නොව නිසි ප්‍රමාණයෙන් මට දඬුවම් කළ මැනව.
මක්නිසාද නුඹ ගළවන්ට මම නුඹ සමඟ සිටිමියි ස්වාමීන්වහන්සේ කියනසේක. මා විසින් නුඹ විසුරුවාදැමූ තැන්වල සියලු ජාතීන් තීන්දුවටම නැතිකරන නුමුත්, නුඹ තීන්දුවටම නැතිනොකර, නිසි ප්‍රමාණයෙන් නුඹට දඬුවම්කරන්නෙමි, නුමුත් නුඹට අච්චුනොකර නොසිටින්නෙමි.
ඒ කාලයේදී මේ සෙනඟටත් යෙරුසලමටත් මෙසේ කියනු ලබන්නේය: කාන්තාරයේ මුඩු කඳුවල ග්‍රීෂ්ම හුළඟක් එනම් පෙළීමටවත් ශුද්ධකිරීමටවත් නොව,
මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මුළු දේශය පාළුවක් වන්නේය; නුමුත් තීන්දුවටම මම ඒක විනාශ නොකරන්නෙමි.
එම්බා මාගේ සේවකයාවූ යාකොබ්, මා නුඹ සමඟ සිටින නිසා භය නොවන්න. මක්නිසාද මා විසින් නුඹ විසුරුවාදැමූ සියලු ජාතීන් තීන්දුවටම නැතිකරන නුමුත් මම නුඹ තීන්දුවටම නැති නොකර, මදලෙස නුඹට දඬුවම් කරන්නෙමි; නුමුත් නුඹට කොහෙත්ම අච්චු නොකර නොසිටින්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
නුමුත් ඈ කෝපය කරණකොටගෙන උදුරනු ලැබ, බිමට හෙළනු ලැබුවාය, ඇගේ ඵල නැගෙනහිර සුළඟට වියළී ගියේය. ඇගේ සවි ඇති දඬු කැඩී වියළී ගින්නෙන් දාලාගියේය.
ඔහු සහෝදරයින් අතරේ සඵලව සිටින නුමුත්, පෙරදිග හුළඟක් වන ස්වාමීන්වහන්සේගේ හුස්ම කාන්තාරයෙන් නැගී ඇවිත්, ඔහුගේ උල්පත හිදීයන්නේය, ඔහුගේ ළිඳද වියළීයනවා ඇත. ඒ අය සියලු ප්‍රිය භාජන වන වස්තු කොල්ලකනවා ඇත.
ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න. මක්නිසාද සැබෑකමවත් කරුණාවවත් දෙවියන්වහන්සේ ඇඳිනගැනීමවත් දේශයෙහි නැති හෙයින් දේශයේ වැසියන් සමඟ ස්වාමීන්වහන්සේට පැමිණිල්ලක් තිබේ.
මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමුණුණේ නැත. නුමුත් දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂාකරනු ලබන්ට ඉඩ නොදී, නුඹලාට පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදාදෙනසේක.
ඕනෑව තිබෙන විට නුඹලා දැන් ස්වල්ප කලක් අනේකාකාර පරීක්ෂාවලින් ශෝකයට පත්වන නුමුත්, ඒ ගැළවීම ගැන නුඹලා ඉතා ප්‍රීතිවන්නහුය.