Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 4:11 - Sinhala Revised Old Version

11 ඒ කාලයේදී මේ සෙනඟටත් යෙරුසලමටත් මෙසේ කියනු ලබන්නේය: කාන්තාරයේ මුඩු කඳුවල ග්‍රීෂ්ම හුළඟක් එනම් පෙළීමටවත් ශුද්ධකිරීමටවත් නොව,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 සමිඳාණන් වහන්සේගෙන් මාගේ සෙනඟ දෙසට කඳු මුදුන්වලින් හමන සුළඟ පොළනු ලබන්නට වත්, ශුද්ධ කරනු ලබන්නට වත් හමන සුළඟක් නොව, ඊට වඩා දවාලන සුළඟක් බව ජෙරුසලමට සහ එහි වැසියන්ට කියන කාලය පැමිණෙන්නේ ය. එය පෙළීමට වත් ශුද්ධ කිරීමට වත් නොවන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 සමිඳාණන් වහන්සේගෙන් මාගේ සෙනඟ දෙසට කඳු මුදුන්වලින් හමන සුළඟ පොළනු ලබන්නට වත්, ශුද්ධ කරනු ලබන්නට වත් හමන සුළඟක් නොව, ඊට වඩා දවාලන සුළඟක් බව ජෙරුසලමට සහ එහි වැසියන්ට කියන කාලය පැමිණෙන්නේ ය. එය පෙළීමට වත් ශුද්ධ කිරීමට වත් නොවන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 4:11
28 හුවමාරු යොමු  

ඔහු සහෝදරයින් අතරේ සඵලව සිටින නුමුත්, පෙරදිග හුළඟක් වන ස්වාමීන්වහන්සේගේ හුස්ම කාන්තාරයෙන් නැගී ඇවිත්, ඔහුගේ උල්පත හිදීයන්නේය, ඔහුගේ ළිඳද වියළීයනවා ඇත. ඒ අය සියලු ප්‍රිය භාජන වන වස්තු කොල්ලකනවා ඇත.


එය හිටවා තිබෙන නුමුත් එය සඵලවේද? පෙරදිග සුළඟ ඊට වදින විට එය සහ මුලින්ම නොවියලෙන්නේද? එය වැවුණ පාත්තිවලම එය වියළී යනවා ඇතැයි කීය.


කමත හොඳහැටි පවිත්‍රකරන්ටත් ධාන්‍ය තමන් අටුවට රැස්කරන්ටත් උන්වහන්සේගේ කුල්ල උන්වහන්සේගේ අතේය; නුමුත් බොල් නොනිවෙන ගින්නෙන් දවනසේකැයි කීවේය.


උන්වහන්සේගේ කුල්ල තමන්වහන්සේගේ අතේය, උන්වහන්සේ තමන් කමත හොඳ හැටි පවිත්‍රකරනසේක; තමන් ධාන්‍ය අටුවට රැස්කොට, බොල් නොනිවෙන ගින්නෙන් දවනසේකැයි කීවේය.


එබැවින් ඔව්හු උදයේ වලාකුළ මෙන්ද ඉක්මනින් පහවයන පිනි මෙන්ද සුළිහුළඟ කරණකොටගෙන කමතෙන් ගසාගෙනයන බොල් මෙන්ද දුම් කවුළුවෙන් යන දුම මෙන්ද වන්නෝය.


නුමුත් ඈ කෝපය කරණකොටගෙන උදුරනු ලැබ, බිමට හෙළනු ලැබුවාය, ඇගේ ඵල නැගෙනහිර සුළඟට වියළී ගියේය. ඇගේ සවි ඇති දඬු කැඩී වියළී ගින්නෙන් දාලාගියේය.


මක්නිසාද, කිසිවෙකු විසින් අත් හෙළන්නේ නැතුව ඇසිල්ලකින් මෙන් විනාශවුණ සොදොමේ පාපයට වඩා මාගේ සෙනඟ වන දියණියගේ අයුතුකම මහත්ය.


සිවල්දෙන්නු පවා තනන ඇද උන්ගේ පැටවුන්ට කිරි පොවති. මාගේ සෙනඟගේ දුව කාන්තාරයේ පැස්බරුන් මෙන් කෲරවූවාය.


මාගේ සෙනඟ වන දියණියගේ විනාශය නිසා මාගේ ඇස්වලින් කඳුළු ගංගා ගලන්නේය.


මාගේ දියණිය වන සෙනඟගේ විනාශය නිසා මාගේ ඇස් කඳුළින් ක්ෂයවේ, මාගේ බඩවැල් කැලඹී, මාගේ අක්මාව බිම වැගිරී තිබේ; මක්නිසාද ළමයින් සහ කිරි දරුවෝ නුවර වීථිවලදී ක්ලාන්තවෙති.


බලව, ස්වාමීන්වහන්සේගේ කුණාටුව, එනම් උන්වහන්සේගේ කෝපය, එසේය, කරකැවෙන කුණාටුවක් නික්ම ගියේය. එය දුෂ්ටයන්ගේ හිස් පිට කඩා වැටෙන්නේය.


මේ වචනය ඔවුන්ට කියන්න, එනම්: නොනැවතී රෑ දාවල් මාගේ ඇස්වලින් කඳුළු ගලාවා. මක්නිසාද මාගේ සෙනඟවූ කන්‍යා දුව මහත් තුවාලයකින්ද ඉතා තද පහරකින්ද පීඩිතවූවාය.


එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක; මම ඔවුන් (ලෝහ මෙන්) උණුකර විමසන්නෙමි; මක්නිසාද මාගේ දියණිය වන සෙනඟ ගැන වෙන කුමක් කරම්ද?


අහෝ මාගේ දියණිය වන සෙනඟගේ මැරුම්කෑවුන් ගැන රෑ දාවල් අඬන පිණිස මාගේ හිස වතුරද මාගේ ඇස් කඳුළු උල්පතක්ද වුණොත් යෙහෙකි!


බලව, ස්වාමීන්වහන්සේ සියොන්හි නැද්ද? ඇගේ රජ්ජුරුවෝ ඈ තුළෙහි නැද්දැයි අසන මාගේ දියණිය වන සෙනඟගේ විලාප හඬ ඉතා දුර දේශයකින් ඇසෙන්නේය. ඔව්හු තමුන්ගේ කැපූ පිළිමවලින්ද අන්‍යයන්ගේ නිෂ්ඵල රූපවලින්ද කුමට මා කෝපකළෝද?


අපි සියල්ලෝම අපවිත්‍ර කෙනෙකු මෙන් වී සිටිමුව, අපේ සියලුම ධර්මිෂ්ඨකම්ද කිලුටු වස්ත්‍රයක් මෙන්ය. අපි සියල්ලෝම කොළයක් මෙන් පරවෙමුව; අපේ අයුතුකම්ද සුළඟ මෙන් අප පහකරගනයයි.


නුඹ ඒවා පොළන්නෙහිය, එවිට ඒවා සුළඟට ගහගන යන්නේය, සුළිහුළඟින් විසිරයන්නේය. නුඹ වනාහි ස්වාමීන්වහන්සේ තුළ ප්‍රීතිමත්වී, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ තුළ පාරට්ටුකරගන්නෙහිය.


ඈ අහකට ඇරීමෙන් ඔබ මදක් ඈට දඬුවම්කරනසේක; පෙරදිගින් හුළඟ ගසන දවසේදී උන්වහන්සේ තමන්ගේ තද හුළඟින් ඈ පහකළසේක.


එබැවින්: මා කෙරෙන් ඉවත බලන්න. මම තද ශෝකයෙන් අඬන්නෙමි; මාගේ සෙනඟවූ දුවගේ නාස්තිය ගැන මා සනසන්ට වෑයම් නොකරන්නැයි කීමි.


දයාවන්ත ස්ත්‍රීහු තමුන්ගේ අත්වලින් සිය දරුවන් පිසුවෝය; උන් මාගේ සෙනඟ වන දුවණියගේ විනාශයේදී ඔවුන්ට කෑම විය.


දුෂ්ටයන් පිට උන්වහන්සේ මලපත් වස්වනසේක; ගිනිද ගෙන්දගම්ද දවන සුළඟද ඔවුන්ගේ කුසලානට බෙදෙන කොටස වන්නේය.


ඊට වඩා සැරවූ හුළඟක් මා උදෙසා මාගේ සෙනඟවූ දියණියන් දෙසට පැමිණෙයි. දැන් මමත් ඔවුන්ට විරුද්ධව විනිශ්චයන් ප්‍රකාශකරන්නෙමි.


ඒ නිසා කාන්තාරයේ සුළඟට ගසාගන යන ඉපනැලි මෙන් ඔවුන් විසුරුවා දමන්නෙමි.


එසේය, රෞද්‍රවූ කඩිසරවූ ජාතියක් වන කල්දිවරුන් නැගුටුවමි; ඔව්හු තමුන්ට අයිති නැති වාසස්ථාන හිමිකරගන්ට පොළොවේ දුරස්තර තැන් දක්වාම යති.


එකල තමුන්ගේ බලය ස්වකීය දෙවියන් කොට ගත් ඔව්හු හුළඟක් මෙන් ගහගන ගොස් පහවන්නෝය, වරදකාරද වන්නෝය.


හුළඟ ඒකේ පියාපත්වලින් ඈ අසුකරගන ගියේය; එසේ ඔව්හු තමුන්ගේ පූජාවල් ගැන ලජ්ජාවන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්